802. දැන් ඔබ නිරිසතුන්ව දැකල තියෙනවා. තිරිසන් අපායත් දැකල තියෙනවා. පෙරේතයන්, අසුරයන් දැකල තියෙනවා. ඒ වගේම දෙවියන්, මිනිසුන් දැකල තියෙනවා. තම තමන්ගෙ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා. මං දැන් ඔබ කවුරුත් නොදුටු පාටලීපුත්‍ර නගරයටයි එක්කරගෙන යන්නෙ. එහෙ ගිහිල්ලා පින්දහම් කරන්න.
803. පින්වත් යක්ෂය, ඔබ මගේ යහපත් කැමැති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිත කැමති කෙනෙක්. මං ඔබේ වචනය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වෙන්න.
804. මං නිරිසතුන්ව දැකල තියෙනවා. තිරිසන් අපායත් දැකල තියෙනවා. පෙරේතයන්, අසුරයන් දැකල තියෙනවා. ඒ වගේම දෙවියන්, මිනිසුන් දැකල තියෙනවා. තම තමන්ගෙ කර්ම විපාක තමන්ම දැකල තියෙනවා. මං බොහෝම පින් කරගන්න ඕන.
සාදු! සාදු!! සාදු!!!
එකොළොස්වෙනි පාටලීපුත්ත ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M