ඛුද්දක නිකාය

පේතවත්ථු

4.12. පොක්ඛරණී පේත වත්ථු

4.12. පොක්ඛරණී ප්‍රේත වස්තුව

805. අයඤ්ච තේ පොක්ඛරණී සුරම්මා
සමා සුප්පතිත්ථා මහෝදිකා ච
සුපුප්ඵිතා භමරගණානුකිණ්ණා
කථං තයා ලද්ධා අයං මනුඤ්ඤා

805. ඔබේ මේ පොකුණ නම් හරිම ලස්සනයි. සමයි. ලස්සනට ඉවුර තියෙනවා. ගොඩාක් වතුර පිරිල තියෙනවා. හොඳට මල් පිපිල තියෙනවා. බඹර රංචු හැම තැනම ඉන්නවා. මේ සිත්කළු වූ පොකුණ ඔබට ලැබුනෙ කොහොමද?

806. ඉදඤ්ච තේ අම්බවනං සුරම්මං
සබ්බෝතුකං ධාරයතේ ඵලානි
සුපුප්ඵිතං භමරගණානුකිණ්ණං
කථං තයා ලද්ධමිදං විමානං

806. ඔබේ මේ අඹ වනයත් හරිම ලස්සනයි. හැම සෘතුවකම ගෙඩි හට ගන්නවා. හොඳට මල් පිපිල තියෙනවා. බඹර රංචු හැම තැනම ඉන්නවා. මේ සිත්කළු වූ උයන ඔබට ලැබුනෙ කොහොමද?

807. අම්බපක්කෝදකං යාගු සීතච්ඡායා මනෝරමා
ධීතරා දින්නදානේන තේන මේ ඉධ ලබ්භති

807. මගේ දුව දානයක් දුන්න නෙව. ඒ පිනෙන් තමා අඹයි, වතුරයි, කැඳයි, මේ සිත්කළු සීතල සෙවණයි මට ලැබුනේ.

808. සන්දිට්ඨිකං කම්මං ඒවං පස්සථ
දානස්ස දමස්ස සංයමස්ස විපාකං
දාසී අහං අය්‍යකුලේසු හුත්වා
සුණිසා හෝමි අගාරස්ස ච ඉස්සරා‘ති.

808. මෙලොවදීම දැක්ක හැකි මේ විදිහේ කර්මයන් දකිනු මැනැව. දානයේත්, ඉන්ද්‍රිය දමනයෙත්, සීල සංවරයෙත් විපාක දකිනු මැනැව. මං ස්වාමි කුලයේ දාසියක් වෙලා හිටියේ පස්සෙ ඒ ගෙදරම ලේලිය වුනා. දැන් ඒ ගෙදරම අධිපති වුනා.

සාදු! සාදු!! සාදු!!!

පොක්ඛරණීපේතවත්ථු ද්වාදසමං.

දොළොස්වෙනි පොක්ඛරණී ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M