755. හිමාල පර්වතය පැත්තේ සැවත කියල නුවරක් තියෙනවා. එහේ රාජ පුත්‍ර වූ කුමාරවරු දෙදෙනෙක් හිටියා කියල මං අහල තියෙනවා.
756. ඔවුන් කාමසම්පත්වලම ප්‍රමාද වුනා. කාමාස්වාදයම විඳිමින් සතුටු වුනා. ඒ ජීවිතයේදී ලැබුණු සැපයට ගිජු වෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණ දැක්කෙ නෑ.
757. ඔවුන් මිනිස් ලොවින් චුත වුනා. පරලොවදී පෙරේත ලෝකයට ගියා. ඔවුන් ඒ කලින් ජිවිතයේදී තමන් විසින් කරගත්තු පාප කර්ම නිසා නොපෙනෙන ශරීර ඇතිව ඉඳගෙන මේ නුවර ආසන්නයේම මේ විදිහට කෑගසන්න වුනා.
758. අයියෝ! අපිට දන් දෙන්න ඕනෑ තරම් වස්තුව තිබුනා. දන් පැන් පිළිගන්ට සුදුසු බොහෝ ආර්යන් වහන්සේලා වැඩ සිටියා. අපිට සැප ලබාදෙන සුළු පිනක්වත් කරගන්ට බැරි වුනා.
759. අපි යම්කිසි කර්මයක් නිසා ඒ රාජකුලයෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකේ ඉපදුනා. ආයෙ ඉතින් මීටත් වඩා පවක් තියෙනවාද?
760. අපි මනුස්ස ලෝකෙදි හිටියෙ හාම්පුතාල වෙලා. නමුත් පෙරේත ලෝකෙදි අපි හාම්පුතාල නොවෙයි. උසස් මනුස්ස ආත්මයෙන් චුත වෙලා හීන වූ පෙරේතයෝ වෙලා බඩගින්නෙන් පිපාසයෙන් ඇවිද ඇවිද යනවා.
761. සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනය හටගත්තෙ. මේක තේරුම් ගත්ත මනුස්සයා සැප සම්පත්වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. එතකොට දෙව්ලොවට යනවා. කය බිඳී මැරුණට පස්සේ ඒ නුවණැති කෙනා දෙව්ලොව උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
හයවෙනි කුමාර ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M