746. ස්වාමීනි, මට මහා විශාල උක්වනයක් පහළ වෙලා තියෙනවා. මේක නම් ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුනාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නෙ නෑ. මේ මොන වගේ කර්මයක විපාකයක්ද? කියල පැවසුව මැනැව.
747. උක් ගසක් කන්ට ඕන කියල මං යම්කිසි උත්සාහයක් ගන්නවා තමයි. මං එහෙම අනුභව කරන්ට ඕන කියල උත්සාහ කරද්දි ඇතිවෙන්නෙ මහන්සියක්මයි. උක් කොළවලට මාව කැපෙනවා. එතකොට මගේ ශරීර ශක්තිය නැතුව යනවා. දුකට පත්වෙනවා. මං වැළපෙනවා. මේ විපාකය මට ලැබුනේ මොන කර්මයක් නිසාද?
748. මං හොඳටම වෙහෙසට පත්වෙලා බිම ඇඳගෙන වැටෙනවා. තද අව්වෙන් රත් වුණු පොළොවේ මාළුවෙක් වගේ දඟලනවා. මං වැළපෙන කොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. ස්වාමීනි, මේ විපාකය මට ලැබුනේ මොන කර්මයක් නිසාද කියල පැවසුව මැනැව.
749. මං පුදුමාකාර බඩගින්නකින් ඉන්නෙ. මට කලන්තෙයි. පිපාසයි. අධික පිපාසයෙන් දුක් විඳින මං මිහිරි සැපක් නම් විඳල නෑ. ස්වාමීනි, මං ඔය කාරණය ගැනයි අහන්නෙ. මට මේ උක් රසය පාවිච්චි කරන්ට ලබාගන්නෙ කොහොමද?
750. ඔය ඇත්තා පෙර ජාතියකදී මිනිස් ලෝකෙ ඉන්න කාලේ තමන් ගෙ අතින් පව් කෙරිල තියෙනවා. මං දැන් ඔබට ඒ විස්තරය කියන්නම්. ඔබ ඒක අහලා මෙන්න විදිහට දැනගන්න ඕන.
751. ඔය ඇත්තා උක් දණ්ඩක් හප හපා ගියා. එතකොට ඔබේ පිටිපස්සෙන් තව පුරුෂයෙක් ඔබත් එක්කම ආවා. ඒ තැනැත්තා උක්රසය ලබාගන්ට බොහෝම කැමති වෙලා ඔබට කතා කළා. එතකොට ඔබ ඔහුට කිසිම දෙයක් නොකියා හිටියා.
752. ඔබ මොකවත් නොකියා ඉන්න කොට ඔහු ඔබෙන් උක් දණ්ඩක් ඉල්ලා හිටියා. ‘ආර්ය පුත්‍රය, උක් දණ්ඩක් දෙනු මැනැව’ කියල. ඔබ එතකොට පිටිපස්සෙන්මයි ඔහුට උක් දණ්ඩ දුන්නේ. අන්න ඒ කර්මයේ විපාකය තමයි මේ.
753. දැන් ඉතින් ප්‍රේතය, ඔබත් පිටුපසින් හැරිල උක් දණ්ඩ ගන්න ඕන. එහෙම අරගෙන ඇතිතාක් කන එකයි තියෙන්නෙ. එතකොට ඒකෙන් ඔබට සතුටක් ඇති වේවි. තුටුපහටු වෙලා ඔදවැඩුණු සිතිස් ප්‍රමුදිතව ඉන්ට පුළුවන් වේවි.
754. ඒ ප්‍රේතයා, ගිහින් පිටිපස්ස හැරිල උක් දඬු ගත්තා. අරගෙන ඇති පදමට කෑවා. ඒකෙන් ඔහුට සතුටක් ඇති වුනා. තුටුපහටු වුනා. ඔදවැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්ට පුළුවන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
පස්වෙනි උච්ඡු ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M