ඛුද්දක නිකාය

පේතවත්ථු

4.4. රේවතී පේත වත්ථු

4.4. රේවතී ප්‍රේත වස්තුව

723. උට්ඨේහි රේවතේ සුපාපධමමේ
අපාරුතං ද්වාරං අදානසීලේ
නෙස්සාම තං යත්ථ ථුනන්ති දුග්ගතා
සමප්පිතා නේරයිකා දුඛේන

723. එම්බා රේවතී, නුඹ පාපී කෙනෙක්. දන් නොදෙන කෙනෙක්. තිට අපායෙහි දොර විවෘත වුනා. දැන් ඉතින් නැගිටපන්. දුගතියෙහි ඉපදුනාම නිරා දුකින් පෙළි පෙළී නිරි සතුන් තීව ඇදගෙන යන්නේ නම් තැනකටද එතැනට අපි තීව අරගෙන යනවා.

724. ඉච්චේව වත්වාන යමස්ස දූතා
තේ දේව යක්ඛා ලෝහිතක්ඛා බ්‍රහන්තා
පච්චේකබාහාසු ගහෙත්වාන රේවතිං
පක්කාමයුං දේවගණස්ස සන්තිකේ

724. ඒ යක්ෂයෝ දෙන්නාම යම දූතයෝ. ඇස් ගෙඩි ලේ පාටයි. ඔවුන් රේවතීට එහෙම කියල වෙන වෙනම රේවතීගේ අත්වලින් අල්ලා ගත්තා. තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය පිරිස ළඟට ගියා.

725. ආදිච්චවණ්ණං රුචිරං පභස්සරං
බ්‍යම්හං සුභං කඤ්චනජාලඡන්නං
කස්සේතමාකිණ්ණජනං විමානං
සුරියස්ස රංසීරිව ජෝතමානං

725. හිරුරැස් වගේ සිත් කළුයි. ප්‍රභාස්වරයි. සුන්දරයි. රත්තරන් දැලෙන් නිර්මිතයි. සූරිය රැස් වගේ බබලන දිව්‍ය ජනයා පිරුණු මේ විමානය කාගෙද?

726. නාරිගණා චන්දනසාරලිත්තා
උභතෝ විමානං උපසෝභයන්ති
තං දිස්සති සුරියමානවණ්ණං
කෝ මෝදති සග්ගප්පත්තෝ විමානේ

726. සුවඳ සඳුන් තැවැරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා. හිරු මඬලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා කවුද?

727. බාරාණසියං නන්දියෝ නාමුපාසකෝ
අමච්ඡරී දානපතී වදඤ්ඤූ
තස්සේතමාකිණ්ණජනං විමානං
සුරියස්ස රංසීරිව ජෝතමානං

727. බරණැස් නුවර උපාසකයෙක් හිටියා. එයා ගේ නම නන්දිය. ලෝභකමක් නෑ. දානපති කෙනෙක්. ඉල්ලන්න සුදුසු කෙනෙක්. මේ දිව්‍ය ජනයා පිරුණු හිරු රැස් වගේ බබලන විමානය අන්න එයා ගෙ.

728. නාරිගණා චන්දනසාරලිත්තා
උභතෝ විමානං උපසෝභයන්ති
තං දිස්සති සුරියසමානවණ්ණං
සෝ මෝදති සග්ගප්පත්තෝ විමානේ

728. සුවඳ සඳූන් තැවැරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා. හිරු මඬලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා එයා තමයි.

729. නන්දියස්සාහං භරියා
අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා
භත්තුවිධානේ රමිස්සාමි දානහං
න පත්ථයේ නිරයං දස්සනාය

729. හා! මං තමයි ඒ නන්දිය ගේ බිරිඳ. ඒ සියලු පවුල්වලටම ඉසුරුමත් ගෘහණිය වුනේ මමයි. මං දැන් ඒ මගේ ස්වාමියාගේ විමානයේ තමයි ඉන්න කැමති. නිරය නම් මං දකින්නවත් පතන්නෙ නෑ.

730. ඒසෝ තේ නිරයෝ සුපාපධම්මේ
පුඤ්ඤං තයා අකතං ජීවලෝකේ
න හි මච්ඡරී රෝසකෝ පාපධම්මෝ
සග්ගූපගානං ලභති සහව්‍යතං

730. එම්බා, පාපී තැනැත්තිය, අර තියෙන්නෙ තිගේ නිරයයි. තී මනුස්ස ලෝකෙදී කිසි පිනක් කළේ නෑ. මසුරු අය, අනුන්ව කුපිත කරවන අය, පවිටු ජිවිත ඇති අය දෙවියන් එක්ක එකතු වෙලා ඉන්ට වාසනාව ලබන්නෙ නෑ.

731. කින්නු ගූථඤ්ච මුත්තඤ්ච අසුචි පතිදිස්සති
දුග්ගන්ධං කිමිදං මීළ්හං කිමේතං උපවායති

731. මොනවද මේ? අසූචි, මුත්‍රා මහා ජරාව නේ පෙනෙන්නෙ. මොකක්ද මේ ගඳ? මේ හමා ගෙන එන අසූචි ගඳ මොකක්ද?

732. ඒස සංසවකෝ නාම ගම්භීරෝ සතපෝරිසෝ
යත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රේවතේ

732. එම්බා රේවතී, මේක තමයි සංසවක කියන නිරය. මේක හරි ජඹුරයි. මිනිසුන් සියයකට වඩා ජඹුරයි. යම් තැනක අවුරුදු දාහක් තී පැහෙනවාද, මේ එතැන තමයි.

733. කින්නු කියේන වාචාය මනසා දුක්කටං කතං
කේන සංසවකෝ ලද්ධෝ ගම්භීරෝ සතපෝරිසෝ

733. ඇයි? මං කයෙන් වචනයෙන් මනසින් නරක දේවල් කරල තියෙනවාද? සියයක් පුරුෂයන්ගේ ජඹුර ඇති සංසවක නිරයේ පැහෙන්ට මං කළ වරද මොකක්ද?

734. සමණේ බ්‍රාහ්මණේ චාපි අඤ්ඤේ චාපි වණිබ්බකේ
මුසාවාදේන වඤ්චේසි තං පාපං පකතං තයා

734. ශ්‍රමණයන් වහන්සේලා, බ්‍රාහ්මණයන්, තව අනෙකුත් යාචකයන් වගේ උදවියට තී බොරුවෙන් වංචා කළා. ඒ පාපය රැස් කළේ තී නෙව.

735. තේන සංසවකෝ ලද්ධෝ ගම්භීරෝ සතපෝරිසෝ
තත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රේවතේ

735. එම්බා රේවතී, ඒ නිසයි තිට මේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරය ලැබුනේ. දැන් ඉතින් දහසක් අවුරුදු තී මෙහි පැහේවි.

736. හත්ථේපි ඡින්දන්ති අථෝපි පාදේ
කණ්ණේපි ඡින්දන්ති අථොපි නාසං
අථෝපි කාකෝළගණා සමෙච්ච
සංගම්ම ඛාදන්ති විඵන්දමානං

736. එහෙ අත් කපල දානවා. පාදත් කපලා දානවා. කණුත් කපල දානවා. නාසාත් කපල දානවා. ඒ වගේම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විද විද මස් කනවා.

737. සාධු ඛෝ මං පටිනේථ කාහාමි කුසලං බහුං
දානේන සමචරියාය සඤ්ඤමේන දමේන ච
යං කත්වා සුඛිතා හොන්ති න ච පච්ඡානුතප්පරේ

737. අනේ මාවත් ආපසු මනුස්ස ලෝකෙට අරගෙන යන්න. මං වැඩි වැඩියෙන් පින් කරනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සිල් රකිනවා. ඉඳුරන් දමනය කර ගන්නවා. යමක් කරල සැපවත් වෙනවා නම් පසුතැවෙන්නෙ නැත්නම්, අන්න ඒ පින් කරනවා.

738. පුරේ තුවං පමජ්ජිත්වා ඉදානි පරිදේවසි
සයං කතානං කම්මානං විපාකං අනුභොස්සසි

738. තී ඉස්සර ප්‍රමාද වුනා. දැන් ඉතින් වැළපියං. තමන් කරපු දේවල්වලට අනුව තමයි විපාක විඳින්න ලැබෙන්නෙ.

739. කෝ දේවලෝකතෝ මනුස්සලෝකං
ගන්ත්වාන පුට්ඨෝ මේ එ්වං වදෙය්‍ය
නික්ඛිත්තදණ්ඩේසු දදාථ දානං
අච්ඡාදනං සයන මථන්නපානං
න හි මච්ඡරී රෝසකෝ පාපධම්මෝ
සග්ගුපගානං ලභති සහව්‍යතං

739. දිව්‍ය ලෝකයෙන් මනුස්ස ලෝකයට ගිහින් මං ඔය කරුණ ගැන අසද්දී කවුරු නම් උත්තර දේවිද? දඬු මුඟුරු අත් හළ සිල්වතුන්ට දන් දෙන්ට ඕන. වස්ත්‍ර පූජා කරන්ට ඕන. සෙනසුන් දෙන්ට ඕන. දන් පැන් පූජා කරන්ට ඕන. ඔය මසුරු උදවිය කිපෙන උදවිය පවිටු ගති ඇති උදවිය දෙව්ලොව යන්නෙ නෑ කියල කවුරු නම් කියාවිද?

740. සාහං නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්ධාන මානුසිං
වදඤ්ඤූ සීලසම්පන්නා කාහාමි කුසලං බහුං
දානේන සමචරියාය සඤ්ඤමේන දමේන ච

740. ඒකාන්තයෙන්ම මං මේ ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ උපදිනවා. එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් වෙනවා. සිල්වත් වෙනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සිල්වත්ව ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. වැඩියෙන් පින් කරනවා.

741. ආරාමානි ච රෝපිස්සං දුග්ගේ සංකමනානි ච
පපඤ්ච උදපානඤ්ච විප්පසන්නේන චේතසා

741. දුෂ්කර මං මාවත්වල ඒදඬු පාලම් හදනවා. ගස්වැල් රෝපණය කරනවා. පිංතාලි හදනවා. පැන් පොකුණු හදනවා. සතුටු සිතින්මයි මං ඒවා කරන්නෙ.

742. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමිං
පාටිහාරියපක්ඛඤ්ච අට්ඨංගසුසමාගතං

742. එතකොට මං තුදුස්වක පසළොස්වක අටවක පටිහාරිය පක්ෂයේ පෝයවල්වල මං අටසිල් සමාදන් වෙනවා.

743. උපෝසථං උපවසිස්සං සදා සීලේසු සංවුතා
න ච දානේ පමජ්ජිස්සං සාමං දිට්ඨමිදං මයා

743. මං හොඳට උපෝසථය රකිනවා. හැමදාම සිල්වත්ව සංවර වෙනවා. දන් දෙන්න පමා වෙන්නෙ නෑ. දැන් මං පින්වල විපාක ඇස් දෙකෙන්ම දැක්කා.

744. ඉච්චේවං විප්පලපන්තිං ඵන්දමානං තතෝ තතෝ
ඛිපිංසු නිරයේ ඝෝරේ උද්ධපාදං අවංසිරං

744. ඔය විදිහට රේවතී නන් දොඩවන්න පටන් ගත්තා. හොඳටම තැති අරගෙන බියෙන් සැලෙන්න වුනා. එතකොට යමපල්ලන් රේවතී ගේ දෙපයින් අල්ලා යටිකුරු කළා. ඝෝර වූ සංසවක නිරයට හෙළුවා.

745. අහං පුරේ මච්ඡරිනී අහෝසිං
පරිභාසිකා සමණබ්‍රාහ්මණානං
විතථේන ච සාමිකං වඤ්චයිත්වා
පච්චාමහං නිරයේ ඝෝරරූපේ‘ති.

745. මං ඉස්සර හරිම මසුරුයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මං හරියට බැණවදිනවා. බොරු කිය කියා ස්වාමියාව රවටනවා. දැන් මං මේ භයානක වූ සංසවක නිරයට වැටිල පැහෙනවා.

සාදු! සාදු!! සාදු!!!

රේවතීපේතීවත්ථු චතුත්ථං.

හතරවෙනි රේවතී ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M