ඛුද්දක නිකාය

පේතවත්ථු

4.15. සෙට්ඨිපුත්ත පේත වත්ථු

4.15. සෙට්ඨිපුත්ත ප්‍රේත වස්තුව

811. සට්ඨිවස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසෝ
නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති

811. නිරයේ පැහෙන්ට අරගෙන දැන් මුළුමණින්ම අවුරුදු හැට දාහක් සම්පූර්ණ වුනා. කවදානම් මේ දුක් අවසන් වේවිද?

812. නත්ථි අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිදිස්සති
තථා හි පකතං පාපං මම තුය්හං ච මාරිස

812. නිදුකාණනි, මේ දුකේ ඉවරයක් නෑනේ. අවසානයක් කොහොන්ද ලැබෙන්නෙ? පේන තෙක්මානෙ මේ දුකේ ඉවරයක් නෑ. මාත් ඔබත් ඔය විදිහට තමයි පව් රැස් කරගෙන තියෙන්නෙ.

813. දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේ න දදම්හසේ
සන්තේසු දෙය්‍යධම්මේසු දීපං නාකම්හ අත්තනෝ

813. භෝග සම්පත් තිබෙද්දි අපි දුන්නෙ නෑ. අපි ගත කළේ පිරිහුණු ජීවිතයක්. දානමානවලට ඕනෑ තරම් වස්තුව තිබෙද්දිත් තමන්ට පිහිට පිණිස පින් කරගත්තෙ නෑ.

814. සෝ හි නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්ධාන මානුසිං
වදඤ්ඤූ සීලසම්පන්නෝ කාහාමි කුසලං බහු‘න්ති.

814. ඒ මං මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සෙ සම්මාදම් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරනවා.

සාදු! සාදු!! සාදු!!!

සෙට්ඨිපුත්තපේතවත්ථු පණ්ණරසමං.

පහළොස්වෙනි සෙට්ඨිපුත්ත ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M