ඛුද්දක නිකාය

පේතවත්ථු

4.16. සට්ඨිකූටසහස්ස පේත වත්ථු

4.16. සට්ඨිකූටසහස්ස ප්‍රේත වස්තුව

815. කින්නු උම්මන්තරූපෝ ච මිගෝ හන්තෝ ව ධාවසි
නිස්සංසයං පාපකම්මන්තෝ කින්නු සද්දායසේ තුවං

815. මොකද මේ පිස්සු හැදිල වගේ? බිරාන්ත වෙච්ච සතෙක් වගේ දුවන්නෙ ඇයි? නිසැකයෙන්ම පව් කෙරිල තියෙනවා. ඔබ මහ හඬින් කෑ ගහන්නෙ මොකද?

816. අහං භද්දන්ත පේතෝම්හි දුග්ගතෝ යමලෝකිකෝ
පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතෝ

816. අනේ ස්වාමීනි, මං පෙරේතයෙක්. දුකට පත්වෙලයි ඉන්නෙ. පෙරේත ලෝකෙ ඉපදිලයි ඉන්නෙ.

817. සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසෝ
සීසේ මය්හං නිපතන්ති තේ භින්දන්ති ච මත්ථකං

817. හැම පැත්තෙන්ම යකඩ කුළු ගෙඩි හැට දාහක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන චප්ප කරනවා.

818. කින්නු කායේන වාචාන මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන ඉදං දුක්ඛං නිගච්ඡසි

818. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ?

819. සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසෝ
සීසේ තුය්හං නිපතන්ති තේ භින්දන්ති ච මත්ථකං

819. හැම පැත්තෙන්ම යකඩ කුළු ගෙඩි හැට දාහක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන චප්ප කරනවා.

820. අථද්දසාසිං සම්බුද්ධං සුනෙත්තං භාවිතින්ද්‍රියං
නිසින්නං රුක්ඛමූලානි ඣායන්තමකුතෝභයං

820. වඩන ලද ශ්‍රද්ධාදී ඉඳුරන් තියෙන සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේව මං දැක්කා. උන්වහන්සේ කිසි බියකින් තොරව රුක් සෙවණේ භාවනා කරමින් හිටියේ.

821. සාලිත්තකප්පහාරේන භින්දිස්සං තස්ස මත්ථකං
තස්ස කම්මවිපාකේන ඉදං දුක්ඛං නිගච්ඡිසං

821. මං අත මිටි මොළොවල උන්වහන්සේගේ හිස මතට පහර දීල හිස පැළුවා. ඒ කර්ම විපාකයෙන් තමයි මේ දුක මං විඳින්නෙ.

822. සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසෝ
සීසේ මය්හං නිපතන්ති තේ භින්දන්ති ච මත්ථකං

822. හැම පැත්තෙන්ම යකඩ කුළු ගෙඩි හැට දාහක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස් මුදුන චප්ප කරනවා.

823. ධම්මේන තේ කාපුරිසා
සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසෝ
සීසේ තුය්හං නිපතන්ති තේ භින්දන්ති ච මත්ථක‘න්ති.

823. හැම පැත්තෙන්ම යකඩ කුළු ගෙඩි හැට දාහක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවා නම්, එතකොට ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස් මුදුන චප්ප කරනවා නම්, නින්දිත පුරුෂය මේක ඔබට සිද්ධ වෙන්නෙ තමන්ගෙ ක්‍රියාවට අනුරූපවයි.

සාදු! සාදු!! සාදු!!!

සට්ඨිකූටසහස්සපේතවත්ථු සෝළසමං.

දහසය වෙනි සට්ඨිකූට ප්‍රේත වස්තුවයි.

මහාවග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි මහා වර්ගය නිමා විය.

තස්සුද්දානං –

අම්බසක්ඛරෝ සේරිස්සකෝ පිංගලෝ රේවතී උච්ඡුඛාදකා
දේව කුමාරා දේව ගූථඛාදකා ගණපාටලි පොක්ඛරඤ්ච අම්බරුක්ඛ
භෝගසංහාරා සෙට්ඨිපුත්ත සට්ඨිකූටා ඉති සෝළසවත්ථූනි
තේන පවුච්චති.

එහි පිළිවෙල උද්දානයයි –

අම්බසක්ඛර ප්‍රේත වස්තුව, සේරිස්සක ප්‍රේත වස්තුව, පිංගල ප්‍රේත වස්තුව, රේවතී ප්‍රේත වස්තුව, උච්ඡුඛාදක ප්‍රේත වස්තුව, කුමාර ප්‍රේත වස්තු දෙක, ගූථඛාදක ප්‍රේත වස්තු දෙක, ගණ ප්‍රේත වස්තුව, පාටලී ප්‍රේත වස්තුව, පොක්ඛරණී ප්‍රේත වස්තුව, අම්බරුක්ඛ ප්‍රේත වස්තුව, භෝග සංහාර ප්‍රේත වස්තුව, සෙට්ඨිපුත්ත ප්‍රේත වස්තුව, සට්ඨිකූට ප්‍රේත වස්තුව කියල ප්‍රේත වස්තු දහසයක් ගැන කියවෙනවා.

පේතවත්ථු පාළි සමත්තා.

ඛුද්දක නිකායට අයත් ප්‍රේත වස්තු පාළි නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M