508. ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නක් දාගෙන ඉන්නවා. අත්පාවල ආභරණ පැළඳගෙන ඉන්නවා. සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබලනවා.
509. ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි. ඔබට යම් උපස්ථායිකාවන් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහදාහක් වෙනවා.
510. ඔවුන් සක්වළලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා. රන්වන් මුදුන්මල් කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකින කොට ලොමුඩහ ගැන්වෙනවා. එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා.
511. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබතුමාගේම පිටේ මස් කඩාගෙන කන්නෙ?
512. මං මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩවලින්, වංචාවෙන් මං ගත කළේ.
513. එහෙදී මං පිරිස් මැදට ගිහිල්ලා සත්‍ය කතා කරන්ට සුදුසු කාලය එනකොට මං ඒ යහපත් කාරණය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ.
514. මං අනුන්ට නැති තැන ඇදකුද කිය කිය නින්දා කළා. ඒ පිටුමස් කෑම නිසා දැන් අද මං මගේම පිටුමස් කනවා. මේ විදිහටයි එයා තමන්ව කන්නෙ.
515. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඒ මාව දැකගත්තා. ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදි උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබට එයමයි. කේළාම් කියන්න එපා! බොරු කියන්න එපා! මං කළා වගේ පිටුමස් කන්නත් එපා!
සාදු! සාදු!! සාදු!!!
නව වෙනි කූටවිනිච්ඡයිකප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M