516. ඔබ අහසේ ඉන්නෙ. හරිම ගඳයි නෙව. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ?
517. ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛය සැත්වලින් කප කපා දානවා. ලුණු වතුරින් ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා.
518. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ.
519. මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ. නිදුකාණන් වහන්ස, මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙලා හිටියෙ.
520. ඒ මගේ මේ බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මෙයාලා මලුයි මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙන කොට මං ඒක වැළැක්වුවා. මා තමයි ඒ පාප කර්මය කරගත්තෙ.
521. අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.
522. අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපුජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්, එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.
523. මේ බලන්න. මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංග-නාවන් දෙස බලන්න. මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි.
524. ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. වන්දනා කරනවා.
525. ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබා ගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාවමයි කරන්නෙ.
සාදු! සාදු!! සාදු!!!
දසවෙනි ධාතුවිවණ්ණික ප්‍රේත වස්තුවයි.
තුන්වෙනි චූල වර්ගය නිමා විය.
එහි පිළිවෙල උද්දානයයි –
අභිජ්ජමාන ප්‍රේත වස්තුව, කුණ්ඩීනුවර ප්‍රේත වස්තුව, රථකාර ප්‍රේත වස්තුව, භූස ප්‍රේත වස්තුව, කුමාර ප්‍රේත වස්තුව, සේරිනී ප්‍රේත වස්තුව, මිගලුද්ද ප්‍රේත වස්තු දෙක, පිට්ඨිමංස ප්‍රේත වස්තුව, ධාතුවිවණ්ණක ප්‍රේත වස්තුව යන මෙයින් මේ වර්ගය කියන්නෙ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M