487. ඔබ තරුණයි. දිව්‍ය පුත්‍රයන්, දිව්‍ය අංගනාවන් පිරිවරාගෙනයි ඉන්නෙ. සිත් අලවන කාම සම්පත්වලින් සෝභමානයි. නමුත් දවල් කාලෙට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කළේ.
488. මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුව වැද්දෙක් වෙලා. ලේ වැකුණු අත් ඇතිව දරුණු විදිහටයි මං හිටියේ.
489. කිසිවෙකුට හිංසා කරන්නෙ නැති ප්‍රාණීන් ගැන බොහෝ සතුන් ගැන මට තිබුනේ නපුරු හිතක්. අති දරුණු විදිහටයි මං හැසිරුනේ. බොහෝ සතුන් කෙරෙහි හිංසාවටයි මං ඇලුනේ. කිසි දමනයක් තිබුනෙ නෑ.
490. නමුත් මාගේ යාළුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඔහු මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව්වලින් වැළැක්වුවා.
491. ළමයෝ, පව් විතරක් කරන්ට එපා! අපායෙ යන්ට එපා! මරණින් මත්තෙ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න.
492. මගේ සැප කැමති මා කෙරෙහි අනුකම්පා කරන ඔහුගේ වචනය මං අහලා ඒ සියලු අවවාද කළේ නෑ. බොහෝ කාලයක් පව්වලට ඇලිල බුද්ධියක් නැතුව නෙව මං හිටියෙ.
493. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙමත් මට අනුකම්පා කරල සීල සංවරයෙහි මාව පිහිටෙව්වා. ‘ඉතින් නුඹ දවල් කාලේ සතුන් මරණවා නම් අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා!’ කියල.
494. ඉතින් මං දවල් කාලෙ සතුන් මරල රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුනා. ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා.
495. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නගෙන ඇවිත් වට කරගෙන කනවා.
496. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම්, මං හිතන්නෙ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි.
සාදු! සාදු!! සාදු!!!
හත් වෙනි මිගලුද්දක ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M