ඛුද්දක නිකාය

පේතවත්ථු

3.6. සේරණී පේත වත්ථු

3.6. සේරණී ප්‍රේත වස්තුව

471. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනිසන්ථතා
උප්ඵාසුලිකේ කිසිකේ කානු ත්වං ඉධ තිට්ඨසි?

471. ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

472. අහං භදන්තේ පෙතීම්හි දුග්ගතා යමලෝකිකා
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතා

472. අනේ ස්වාමීනි, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.

473. කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන පේතලෝකං ඉතෝ ගතා

473. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?

474. අනාවටේසු තිත්ථේසු විචිනිං අද්ධමාසකං
සන්තේසු දෙය්‍යධම්මේසු දීපං නාකාසිමත්තනෝ

474. පින් රැස් කරගන්නට පින් තොටවල් බඳු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් සිටිද්දිත් මං ඔවුන්ට දන් නොදී අඩමස්සක් (මුදල්) රැස් කළා. දන්පැන්වලට දෙන්න දේවල් තිබෙද්දිත් තමන්ට පිහිට වෙන පින්කම් මං කරගත්තෙ නෑ.

475. නදිං උපේමි තසිතා රිත්තකා පරිවත්තති
ඡායං උපේමි උණ්හේසු ආතපෝ පරිවත්තති

475. මට හරියට පිපාසෙ හැදෙනවා. එතකොට මං නදියට යනවා. මට නදිය පෙනෙන්නෙ වතුර සිඳී ගිය වැලිතලාවක් වගේ. රස්නේ වැඩි නිසා මං ගස් සෙවණට යනවා. එතකොට ඒ අව්ව ගහ යටට එනවා.

476. අග්ගිවණ්ණෝ ච මේ වාතෝ දහන්තෝ උපවායති
එතඤ්ච භන්තේ අරහාමි අඤ්ඤඤ්ච පාපකං තතෝ

476. හුළඟ හමන කොට මහා ගිනි රස්නෙකින් ඒ හුළඟ හමන්නෙ මාව පුච්චගෙනයි. අනේ ස්වාමීනි, මට මේ දුක ලැබෙන්ට සුදුසුයි. මං ඔයිටත් වඩා පව් කරල තියෙනවා.

477. ගන්ත්වාන හත්ථිනීපුරං වජ්ජේසි මය්හ මාතරං
ධීතා ච තේ මයා දිට්ඨා දුග්ගතා යමලෝකිකා

477. හත්ථිනීපුරයට ගිහින් මගේ අම්මට මෙහෙම කියන්න. ඔබේ දෝණියැන්දාව මට දැකගන්ට ලැබුනා. දුකට පත්වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නෙ.

478. පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතා
අත්ථි ච මේ එත්ථ නික්ඛිත්තං අනක්ඛාතඤ්ච නං මයා

478. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවෙ. මං එහේදි ආරක්ෂා කරල තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වෙ නෑ.

479. චත්තාරි සතසහස්සානි පල්ලංකස්ස ච හෙට්ඨතෝ
තතෝ මේ දානං දදතු තස්සා ච හෝතු ජීවිකා

479. වාඩිවෙන ආසනය යට හාරලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරල මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගෙ වියදමටත් ගන්න.

480. දානං දත්වා ච මේ මාතා දක්ඛිණං අනුදිස්සතු
තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී

480. මගේ අම්මා මනුස්ස ලෝකෙදී දානයක් දිල මට පින් ලබා දේවා! එතකොට මට සැප ලැබේවි. කැමති හැමදේකින්ම සමෘද්ධිමත් වේවි.

481. සාධූති සෝ පටිස්සුත්වා ගන්ත්වාන හත්ථිනිං පුරං
අවෝචං තස්සා මාතරං
ධීතා ච තේ මයා දිට්ඨා දුග්ගතා යමලෝකිකා

481. හොඳයි කියල ඔහු පිළිතුරු දුන්නා. හත්ථිනීපුරයට ගියා. ඇයගේ මෑණියන්ටත් කිව්වා. ඔබේ දෝණියැන්දාව මට දැකගන්ට ලැබුනා. දුකට පත්වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නෙ.

482. පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතා
සා මං තත්ථ සමාදපේසි වජ්ජේසි මය්හ මාතරං

482. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවෙ. මගේ අම්මට ගිහින් කියන්න කියල ඇය තමයි මේ වැඬේට මාව යෙදෙව්වෙ.

483. ධීතා ච තේ මයා දිට්ඨා දුග්ගතා යමලෝකිකා
පාපකම්මං කරිත්වාන පේතලෝකං ඉතෝ ගතා

483. ඔබේ දෝණියැන්දාව මට දැකගන්ට ලැබුනා. දුකට පත්වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නෙ. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවෙ.

484. අත්ථි ච මේ එත්ථ නික්ඛිත්තං අනක්ඛාතඤ්ච තං මයා
චත්තාරි සතසහස්සානි පල්ලංකස්ස ච හෙට්ඨතෝ
තතෝ මේ දානං දදතු තස්සා ච හෝතු ජීවිකා

484. මං එහේදි ආරක්ෂා කරල තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වෙ නෑ. වාඩිවෙන ආසනය යට හාරලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරල මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගෙ වියදමටත් ගන්න.

485. දානං දත්වාන මේ මාතා දක්ඛිණං අනුදිස්සතු
තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී

485. මගේ අම්මා මනුස්ස ලෝකෙදි දානයක් දීල මට පින් ලබා දේවා! එතකොට මට සැප ලැබේවි. කැමති හැම දේකින්ම සමෘද්ධිමත් වේවි.

486. තතෝ හි සා දානමදා දත්වා ච තස්සා දක්ඛිණමාදිසි
පේතී ච සුඛිතා ආසි සරීරං චාරුදස්සන‘න්ති.

486. එතකොට ඇගේ මව ඈ වෙනුවෙන් දානයක් දුන්නා. දීල ඒ පින ඒ පෙරේතියට අනුමෝදන් කළා. එතකොට ඒ පෙරේති සුවපත් වුනා. සුන්දර දැකුම් ඇති සිරුරක් ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

සේරිණීපේතවත්ථු ඡට්ඨං.

හයවෙනි සේරණී ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M