454. එක්කෙනෙක් ගිනි ගත්තු බොල් වී ඔළුවේ විසුරුවා ගන්නවා. තව කෙනෙක් මුඟුරකින් ඔළුවට ගහනවා. මේ ස්ත්‍රිය තමන් ගේම මස් ලේ කකා ඉන්නවා. ඔබ ඉතා පිළිකුල් වූ අසූචි මල මුත්‍රාදිය කකා ඉන්නවා. මොන වගේ කර්මයකින් මේ විපාක හැදුනේ?
455. මෙයා මීට කලින් ජීවිතයේදී තමන්ගේ අම්මාට හිංසා කරනවා. මේ අනිත් එක්කෙනා වංචාකාර වෙළෙන්දෙක්. මෙයා මස් වගයක් කාලා බොරුවෙන් වංචා කළා.
456. මං මනුස්ස ලෝකෙ මනුස්ස කාන්තාවක් වෙලා හිටියෙ. ඒ මුළු පවුලට ම අධිපති වෙලා ගෘහනියක් වෙලා හිටියේ. දේපල වස්තුව තිබෙද්දිත් මං ඒව හැංගුවා. ඉල්ලපු කිසි කෙනෙකුට මොකවත් දුන්නෙ නෑ.
457. මං එතකොට කරන්නෙ මගේ ගෙදර ඒක නැහැ නෙ කියල බොරුවෙන් සඟවන එක. ඉතින් තියේ නම් මං කන භෝජන අසූචි වේවා! කියල මං දිවුරුවා.
458. අන්න ඒ කර්ම විපාකයත්, බොරු කීමත් යන දෙක නිසා සුවඳ ඇල් හාලේ බත මං ඉදිරියේ අසූචි බවට පත් වෙනවා.
459. කර්ම කියන්නෙ වඳ බැහැපු දේවල් නොවෙයි. විපාක නොදී මිසක් කර්මය විනාශ වෙන්නෙ නෑ. ඒ නිසා මං ඉතාමත්ම ගඳ, පණුවන් උතුරන අසූචි කනවා. ඒවමයි බොන්නෙත්.
සාදු! සාදු!! සාදු!!!
හතරවෙනි භූස ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M