ඛුද්දක නිකාය

පේතවත්ථු

3.3. රථකාර පේත වත්ථු

3.3. රථකාර ප්‍රේත වස්තුව

446. වේළුරියත්ථම්භං රුචිරං පභස්සරං
විමානමාරුය්හ අනේකචිත්තං
තත්ථච්ඡසි දේවි මහානුභාවේ
පථද්ධනී පණ්ණරසේව චන්දිමා

446. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්‍යවලින් කරපු ලස්සන කැටයම් තියෙනවා. හරිම සිත්කළුයි. ප්‍රභාස්වරයි. ඒ විමානයට නැඟගත් ඔබ බබලන්නෙ පොහොය දවසට අකාසයේ දිලෙන පුන් සඳ වගෙයි.

447. වණ්ණෝපි තේ කනකස්ස සන්නිභෝ
උත්තත්තරූපෝ භුසදස්සනීයෝ
පල්ලංකසෙට්ඨේ අතුලේ නිසින්නා
ඒකා තුවං නත්ථි ච තුය්හං සාමිකෝ

447. ඔබේ ශරීරයෙහි පැහැය රත්තරන් පාටයි. ගිනියම් වුන රනක් වගේ ඔබ අතිශයින්ම දර්ශනීයයි. පළස් අතුරපු වටිනා ආසනයක ඔබ වාඩිවෙලා ඉන්නෙ. ඔබ හුදෙකලාව ඉන්නෙ. ඔබට ස්වාමියෙක් නෑ.

448. ඉමා ච තේ පොක්ඛරඤ්ඤෝ සමන්තා
පහූතමාලා බහුපුණ්ඩරීකා
සුවණ්ණචුණ්ණේහි සමන්තමොත්තා
න තත්ථ පංකෝ පණකෝ ච විජ්ජති

448. ඔබේ මේ පොකුණ වටේට බොහෝ මල් තියනවා. සුදු නෙළුම් පිපිල තියෙනවා. හැමතැනම තියෙන්නෙ රන්වන් වැලි. මඩ දියසෙවල වාගේ දේවල් දැකගන්ට නෑ.

449. හංසා චිමේ දස්සනීයා මනෝරමා
උදකස්මිං අනුපරියන්ති සබ්බදා
සමය්‍ය වග්ගූපනදන්ති සබ්බේ
බින්දුස්සරා දුන්දුභිනංව ඝෝසෝ

449. මෙහෙ ඉන්න හංසයොත් හරිම දැකුම්කළුයි. සුන්දරයි. ඔවුන් හැම තිස්සේම ජලයේ පීන පීනා ඉන්නවා. ඒ ඔක්කොම හංසයන් ගිගිරි සලමින් නාද කරන කොට ඇහෙන්නේ මිහිරි හඬින් මිහිඟු බෙර වාදනය කරනවා වගේ.

450. දද්දල්ලමානා යසසා යසස්සිනී
නාවාය ච ත්වං අවලම්බ තිට්ඨසි
ආළාරපම්හේ හසිතේ පියං වදේ
සබ්බංගකල්‍යාණි භුසං විරෝචසි

450. යසස් ඇති තැනැත්තිය, ඔය යසසින් බැබලි බැබලි ඔය නැවේ සිටින්නෙ. ඔබට දික් වූ ඇහිබැම තියෙනවා. සිනහ නැඟුන මුහුණක් තියෙනවා. ප්‍රිය වචනයෙන් කතා කරනවා. සුන්දර වූ සියලු අඟපසඟ තියෙනවා. ඔබ අතිශයින්ම ලස්සනයි.

451. ඉදං විමානං විරජං සමේ ඨිතං
උය්‍යානවන්තං රතිනන්දිවඩ්ඪනං
ඉච්ඡාමහං නාරි අනෝමදස්සනේ
තයා සහ නන්දනේ ඉධ මෝදිතුං

451. මේ දිව්‍ය විමානයේ දූවිලි නෑ. සමව පිහිටලා තියෙනවා. ඇල්මත් සතුටත් වැඩෙනවා. අලාමක දර්ශන ඇති පින්වතිය, අපි ඔබ සමග මේ නන්දන උයනෙහි සතුටෙන් ඉන්ට කැමතියි.

452. කරෝහි කම්මං ඉධ වේදනීයං
චිත්තඤ්ච තේ ඉධ නිහිතං භවතු
කත්වාන කම්මං ඉධ වේදනීයං
ඒවං ලච්ඡසි කාමකාමිනිං

452. එහෙම නම් ඔබට කරන්ට තිබෙන්නෙ මේ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කරන එකයි. ඔබේ හිතත් මේ දිව්‍ය විමානයෙහි පිහිටුවා ගෙන ඉන්න. එතකොට ඔබට මේ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කරල මාත් සමග සතුටින් ඉන්න පුළුවන්.

453. සාධූති සෝ තස්සා පටිස්සුණිත්වා
අකාසි කම්මං තහිං වේදනීයං
කත්වාන කම්මං තහිං වේදනීයං
උප්පජ්ජි සෝ මාණවෝ තස්සා සහව්‍යත‘න්ති.

453. ඒ මාණවකයා හොඳයි කියල ඇයට පිළිතුරු දුන්නා. ඒ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කළා. ඒ දිව්‍ය විමනයෙහි සැප විඳීම ඇති කරල දෙන විදිහේ පින් දහම් කරල ඒ මාණවකයා ඒ දෙවඟනත් සමග ජීවත් වෙන්ට එහි උපන්නා.

සාදු! සාදු!! සාදු!!!

රථකාරපේතවත්ථු තතියං.

තුන්වෙනි රථකාර ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M