207. කෘෂ්ණ රජතුමනි, නැඟිටිනු මැනැව. ඇයි නිදා සිටින්නේ? ඔබ ගේ ඔය නිදීමෙන් සිදුවෙන යහපත මොකක්ද? ඔබගේ යම් සහෝදරයෙක් ඉන්නවා නෙ. එයා ඔබේ හදවත වගෙයි. ඔබේ දකුණු ඇස වගෙයි. කේසව රජතුමනි, ඔහු වාත රෝගයකින් බලවත්ව පීඩා විඳිනවා. ඔහු හාවෙක් ඉල්ල ඉල්ල නන්දොඩවනවා.
208. ඒ රෝහිණෙය්‍ය අමාත්‍යවරයාගේ වචනය අහපු කේසව රජතුමා හරි කලබලයෙන් නැගිට්ටා. සහෝදරයා ගැන සෝකයෙන් පෙළෙන්න වුනා.
209. ඈ! ඒ මොකද්ද? පිස්සු හැදුන කෙනෙක් වගේ මේ මුළු ද්වාරවතී නගරය පුරාම ‘හාවෙක්, හාවෙක්’ කිය කියා නන් දොඩවනවන්නෙ ඇත්තටම ඔබ හාවෙකුට කැමැතිද?
210. රත්තරනින් හරි මැණික්වලින් හරි ලෝහවලින් හරි එහෙමත් නැත්නම් රිදියෙන් හරි සක්, සිලා, පබළු ආදී දේකින් හරි මං ඔබට හාවෙක් හදවල දෙන්නම්.
211. වනාන්තරවල වනයම ගොදුරු කොට ගෙන ඉන්න වෙනත් හාවොත් ඉන්නවා. ඔබට ඒ හාවුන් වුනත් ගෙනත් දෙන්නම්. මොන වගේ හාවෙකුටද ඔබ කැමති?
212. කේසවයෙනි, මං යම් හාවුන් පොළොව ඇසුරු කරගෙන ඉන්නවා නම් මං ඒ හාවුන්ට කැමති නෑ. මං කැමති සඳ මඬලේ ඉන්න හාවාටයි. මට ඒ හාවා අරගෙන එන්න.
213. මල්ලී, ඔබ මේ සඳ මඬලින් හාවෙක් ඉල්ලන එක නම් නොපැතිය යුත්තක්මයි පතල තියන්නෙ. ඔබ මේ මධුර වූ ජීවිතය නිරපරාදෙ අතහැර දාන්ටයි යන්නෙ.
214. කෘෂ්ණය, එහෙනම් ඔබ ඔය විදිහට අනුන්ට අනුශාසනා කර කර ඉන්නවා. ඔබ ඒ අනුශාසනාව දන්නවා නම් තමන්ගෙ මිය ගිය පුතා වෙනුවෙන් අදත් ශෝක කර කර ඉන්නෙ මොකද?
215. මිනිස්සුන්ටත් දෙවියන්ටවත් ලබාගන්ට බැරි යම් දෙයක් තියෙනවා. ‘මගේ උපන් පුතා මැරෙන්ට එපා!’ කියන ඔය කාරණාව තමයි ලබා ගන්ට බැරි දේ. එය කොහොම ලබන්ටද?
216. කෘෂ්ණය, ඔබ මේ මිය ගිය දරුවෙක් උදෙසා ශෝක කරනවා. නමුත් කිසි මන්තරයකින් මුල් බෙහෙතකින් වෙනත් ඔසුවලින් සල්ලිවලින් එයාව ආපහු එක්ක ගෙන එන්ට බෑ.
217. මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ක්ෂත්‍රිය වූ රජවරු, තවත් බොහෝ ධන ධාන්‍ය ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ.
218. ක්ෂත්‍රිය උදවිය ඉන්නවා. බ්‍රාහ්මණවරු ඉන්නවා. වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. දැසිදස්සන් ඉන්නවා. චණ්ඩාල, පුක්කුස කුලවල අය ඉන්නවා. තව නොයෙකුත් උදවිය ඉන්නවා. ඔය කවුරුත් ඉපදීමෙන් අජරාමර වෙච්ච උදවිය නොවෙයි.
219. අට්ඨක, වාමක ආදී සෘෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේදමන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා. අනෙක් උදවියත් ඉන්නවා. ඔය කවුරුත් ඒ ඇති කර ගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නෙ නෑ.
220. ශාන්ත සෘෂිවරු ඉන්නවා. සීලසංවරයෙන් යුක්තයි. තපස් රකිනවා. ඒ තපස්වීන් වහන්සේලාත් කාලය ආවහම සරීරය අත්හැර දානවා.
221. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. ආශ්‍රව රහිතයි. පින්පව් මේ ජීවිතය තුළම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බැහැර කරනවා.
222. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානවා වගේ මගේ සියළු කාය චිත්ත පීඩා නිවිල ගියා.
223. මගේ පපුව ඇතුළේ ඇනි ඇනී තිබුණු සෝක හුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකය නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙළි පෙළී හිටියේ. ඔබ ඒක දුරු කළා.
224. පින්වත් දරුව, නුඹේ අවවාදය අහපු ඒ මම දැන් සෝක හුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල් වුන කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං සෝක වෙන්නෙ නෑ. හඬන්නෙ නෑ.
225. ලෝකයාට අනුකම්පා කරන ප්‍රඥාවන්ත උදවිය ඔය විදිහට කරනවා. ඝත පණ්ඩිතතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝකයෙන් එතෙර කෙරෙව්ව වගේ.
226. ඝත පණ්ඩිතතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා සෝක රහිත බවට පත් කළේ සුභාෂිතයෙන්මයි. යම් කෙනෙකුට ඔය විදිහේ ඇමතිවරු ඉන්නවා නම්, පිරිවර සේනාව ඉන්නවා නම් ඒ කෙනාට ඔය විදිහට යහපත් වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
හයවෙනි කණ්හා ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M