186. පින්වත් දරුව, නුඹ හරිම ලස්සනයි. මට්ටකුණ්ඩල දරාගෙන ඉන්නවා. මල් මාලා පැළඳ ඉන්නවා. රන්සඳුන් තවරාගෙන ඉන්නවා. ඉතින් මේ වනාන්තරය මැද්දට ඇවිදින් දෑත් බැඳගෙන අඬනවා. මොන කාරණයකටද ඔච්චර දුකෙන් අඬන්නෙ?
187. මට කරත්තයක් හම්බ වෙලා තියෙනවා. ඒක රත්තරන් එකක්. ප්‍රභාශ්වරයි. ඒ වුනාට රෝද දෙකක් නෑ. මං ඒ දුකෙන් තමයි මේ ජීවිතය අත්හරින්ට හිතාගෙන ඉන්නෙ.
188. අනේ ලස්සන දරුව, මට කියන්න. රත්තරනින්ද කරවලා ඕන? මැණික්වලින්ද කරවලා ඕන? එහෙම නැත්නම් පද්මරාග මැණික්වලින් හරි, රීදියෙන් හරි කරවලා දෙන්නම්. මං ඔබට රෝද දෙකක් ලබා දෙන්නම්.
189. එතකොට ඒ මාණවකයා ඔහුට මෙහෙම කිව්වා. සඳයි හිරුයි දෙකම අපට පේන්න තියෙනවා. රත්තරනින් කරවපු මගේ රථය ලස්සන වෙන්නෙ නම් අන්න ඒ දෙක රෝද හැටියට ලැබුනොත් තමයි.
190. අනේ පින්වත් දරුව, නුඹ හරි මෝඩ කෙනෙක් නෙව. නොපැතිය යුතු දෙයක් නෙව ඔය නුඹ පතන්නෙ. මං හිතන හැටියට නම් නුඹ මැරිල යන්ටයි හදන්නෙ. හිරු සඳු දෙක නම් නුඹට ලබාගන්ට පුළුවන් වෙන්නෙ නෑ.
191. මේ හිරු සඳු දෙකේ අහස් ගමනත් දකින්ට ලැබෙනවා. පැහැ සටහන් දකින්ට ලැබෙනවා. ඒ දෙකේ ගමන් මාර්ගයත් දකින්ට ලැබෙනවා. නමුත් කෙනෙක් මැරුණට පස්සෙ කොහෙත්ම දකින්ට ලැබෙන්නෙ නෑ. එතකොට වැළපෙන අපි දෙන්නගෙන් වඩාත්ම මෝඩ කවුද?
192. පින්වත් දරුව, ඔය ඇත්තක්මයි කිව්වෙ. මං තමයි මේ වැළපෙන අය ගෙන් මෝඩම කෙනා. හඳ ඉල්ලා හඬන දරුවෙක් වගේ. කළුරිය කරල පරලොව ගිය අය ඉල්ල ඉල්ල මමයි හඬන්නෙ.
193. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනි ගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානව වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා.
194. මගේ පපුව ඇතුළේ ඇනි ඇනී තිබුණු සෝක හුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර සෝකය නිසා මං ගොඩාක් සෝකයෙන් පෙළි පෙළී හිටියේ. ඔබ ඒක දුරු කළා.
195. පින්වත් දරුව, නුඹේ අවවාදය අසපු ඒ මම දැන් සෝක හුල් උදුරලා දැමූ කෙනෙක්. සිහිල් වු කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං සෝක වෙන්නෙ නෑ.
196. නුඹ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙම නැත්නම් පුරින්දද වූ ශක්‍රයාද? කවුද ඔබ? කාගේවත් පුත්‍රයෙක්ද? අපි ඒ කරුණ දැනගන්නෙ කොහොමද?
197. ඔබ හඬන්නේ යම් කෙනෙක් උදෙසාද ඔබ වැළපෙන්නෙ යම් කෙනෙක් උදෙසාද, ඒ ඔබේ පුතා සොහොනේ දවල නේද ඉන්නෙ. ඒ මං කුසල් කරගත්ත. මං දැන් දෙව්ලොව දෙවියන් අතරයි ඉන්නෙ.
198. තමන්ගේ ගෙදරදී සුළු වශයෙන් හෝ බොහෝ හෝ දන් දුන්න බවක් නම් අපි දන්නෙ නෑ. ඒ වගේම උපෝසථ සිල් ආදිය රැක්ක බවක්වත් අපි දන්නෙ නෑ. එහෙම එකේ දිව්‍ය ලෝකෙ ගියේ මොන වගේ පුණ්‍ය කර්මයකින්ද?
199. මං තමන්ගෙ නිවසේ හොඳටම ලෙඩ වෙලයි හිටියේ. දුකට පත්වෙලයි හිටියේ. ගිලන් වෙලයි හිටියේ. ආතුර වෙලා හිටියේ. සැකයෙන් එතෙරට වැඩි නිකෙලෙස් වූ අලාමක ප්‍රඥා ඇති සුගත වූ බුදුරජාණන් වහන්සේව මට දැකගන්ට ලැබුනා.
200. ඒ මං ගොඩාක් සතුටු වුනා. සිත පහදවා ගත්ත. තථාගතයන් වහන්සේට වන්දනා කරගත්තා. අන්න ඒ පින්කම කරල තමයි දෙව්ලොව දෙවියන් අතරට මං පැමිණුනේ.
201. හරීම ආශ්චර්යයයි! පුදුම සහගතයි! වන්දනා කළ පමණින්ම මේ සා පුණ්‍ය විපාකයක් ලැබෙනවා නම් මමත් සතුටු සිතක් ඇති කරගන්නවා. හිත පහදවා ගන්නවා. අදම බුදුරජාණන් වහන්සේව සරණ යනවා.
202. ඔව්! අදම බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සඟරුවනත් සරණ යන්න. ඒ වගේම පංච සීලයත් කඩ කරන්නෙ නැතුව, පළුදු කරන්නෙ නැතුව සමාදන් වෙන්න.
203. ඉක්මණින්ම සතුන් මැරීමෙන් වෙන් වෙන්න. ලෝකයෙහි නුදුන් දෙය නොගෙන ඉන්න. මත් පැන් බොන්න එපා! බොරු කියන්නත් එපා! සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න.
204. පින්වත් යක්ෂය, ඔබ නම් මගේ යහපත කැමති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිතවත් කෙනෙක්. ඔබ දැන් මගේ ගුරුවරයා. මං ඔබ කියපු දේ කරනවා.
205. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නර දේවයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සරණ යනවා.
206. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා. ලෝකයෙහි නුදුන් දෙය නොගෙන ඉන්නවා. මත් පැන් බොන්නෙ නෑ. බොරු කියන්නෙත් නෑ. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පස්වෙනි මට්ටකුණ්ඩලී ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M