ඛුද්දක නිකාය

පේතවත්ථු

2.4. නන්දා පේත වත්ථු

2.4. නන්දා ප්‍රේත වස්තුව

168. කාළී දුබ්බණ්ණරූපාසි ඵරුසා භීරුදස්සනා
පිංගලාසි කළාරාසි න තං මඤ්ඤාමි මානුසින්ති.

168. ඔබ හරි කළුයි. හරිම විරූපියි. පෙනුම නපුරුයි. දකින කොට භය හිතෙනවා. ඇස් රතුයි. දත් කළුයි. මං හිතන්නෙ ඔබ මනුස්ස ස්ත්‍රියක් නම් වෙන්ට බෑ.

169. අහං නන්දා නන්දසේන භරියා තේ පුරේ අහුං
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතාති.

169. අනේ නන්දසේන, මං නන්දා. ඔයාගේ ඉස්සර බිරිඳ නෙ. මගේ අතින් පව් කෙරුනා. ඒකයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.

170. කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන පේතලෝකමිතෝ ගතා.

170. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ.

171. චණ්ඩී ඵරුසවාචා ච තයි චාසිං අගාරවා
තාහං දුරුත්තං වත්වාන පේතලෝකමිතෝ ගතා.

171. මං ඒ කාලෙ හරි නපුරුයි. ඵරුස වචන කිව්වා. මං ඔයාට කිසිම ගෞරවයක් කළේ නෑ. ඒ නපුරු වචන කථා කරල තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.

172. හන්දුත්තරියං දදාමි තේ ඉමං දුස්සං නිවාසය
ඉමං දුස්සං නිවාසෙත්වා ඒහි නෙස්සාමි තං ඝරං.

172. හොඳයි, මං එහෙමනම් ඔබට මේ උතුරුසළුව දෙන්නම්. මේ වස්තරය ඇඳගන්න. මේ වස්තරය හැඳගෙන එන්න. මං ඔබව ගෙදර එක්ක යන්නම්.

173. වත්ථඤ්ච අන්නපානඤ්ච ලච්ඡසි ත්වං ඝරං ගතා
පුත්තේ ච තේ පස්සිස්සසි සුනිසායෝ ච දක්ඛසි

173. එතකොට ගෙදර ගියාම ඔබට වස්ත්‍ර ලැබෙනවා. කෑම් බීම් ලැබෙනවා. දරුවන්ව බලන්න පුළුවනි. ලේලිලාවත් බලන්න පුළුවනි.

174. හත්ථේන හත්ථේ තේ දින්නං න මය්හං උපකප්පති
භික්ඛූ ච සීලසම්පන්නේ වීතරාගේ බහුස්සුතේ

174. අනේ මට අතින් අතට දෙන දෙයක් අරගන්ට කැප නෑ. වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීලසම්පන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා.

175. තප්පේහි අන්නපානේන මම දක්ඛිණමාදිස
තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී

175. උන්වහන්සේලාව දන්පැන්වලින් සන්තර්පණය කරවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැපසම්පත්වලින් සමෘද්ධිමත් වේවි.

176. සාධූති සෝ පටිස්සුත්වා දානං විපුලමාකිරි
අන්නං පානං ඛාදනීයං වත්ථසේනාසනානි ච

176. ඔහු ‘හොඳයි’ කියල පිළිතුරු දුන්නා. වැළඳිය යුතු දන් පැන් පිළියෙල කරල, සිවුරු පිරිකර පිළයෙල කරල, සේනාසන පිළියෙල කරල මහා දානයක් දුන්න.

177. ඡත්තං ගන්ධඤ්ච මාලඤ්ච විවිධා ච උපාගතා
භික්ඛූ ච සීලසම්පන්නේ වීතරාගේ බහුස්සුතේ
තප්පෙත්වා අන්නපානේන තස්සා දක්ඛිණමාදිසි

177. ඒ වගේම කුඩයක්, සුවඳ වර්ග, මල්, තව විවිද දේවල්වලින් වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීලසම්පන්න භික්ෂූන් වහන්සේලා සන්තර්පණය කළා. ඒ පින ඇයට අනුමෝදන් කළා.

178. සමනන්තරානුද්දිට්ඨේ විපාකෝ උදපජ්ජථ
භෝජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං

178. ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුනා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.

179. තතෝ සුද්ධා සුවිවසනා කාසිකුත්තමධාරිණී
විචිත්තවත්ථාභරණා සාමිකං උපසංකමි

179. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය තමන්ගේ පැරණි ස්වාමියා වෙත එළඹුනා.

180. අභික්කන්තේන වණ්ණේන යා ත්වං තිට්ඨසි දේවතේ
ඕභාසෙන්ති දිසා සබ්බා ඕසධී විය තාරකා

180. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ.

181. කේන තේ තාදිසෝ වණ්ණෝ කේන තේ ඉධමිජ්ඣති
උප්පජ්ජන්ති ච තේ භෝගා යේ කේචි මනසෝ පියා

181. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

182. පුච්ඡාමි තං දේවි මහානුභාවේ
මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං
කේනාසි ඒවං ජලිතානුභාවා
වණ්ණෝ ච තේ සබ්බදිසා පභාසතීති.

182. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

183. අහං නන්දා නන්දසේන භරියා තේ පුරේ අහුං
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතා

183. අනේ නන්දසේන, මං නන්දා. ඔයාගේ ඉස්සර බිරිඳනෙ. මගේ අතින් පව් කෙරුනා. ඒකයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.

184. තව දින්නේන දානේන මෝදාමි අකුතෝ භයා
චිරං ජීවාහි ගහපති සහ සබ්බේහි ඤාතිභි

184. ඔබ දීපු දානෙ නිසා මට දැන් කිසි භයක් නෑ. මං සතුටින් ඉන්නෙ. ගෘහපතිය, ඔයාල හැමෝම නෑදෑයනුත් සමග බොහෝ කලක් ජීවත් වෙත්වා!

185. අසෝකං විරජං ඨානං ආවාසං වසවත්තිනං
ඉධ ධම්මං චරිත්වාන දානං දත්වාන ගහපති
විනෙය්‍ය මච්ඡේරමලං සමූලං
අනින්දිතෝ සග්ගමුපේහි ඨාන‘න්ති.

185. සුන්දර තැනැත්තිය, මුල් සහිතවම මසුරුමල දුරු කරන්ට ඕන. මේ ජීවිතයේ දීම ධර්මයේ හැසිරෙන්ට ඕන. දන් දෙන්ට ඕන. එතකොට සෝක නැති, දුක් රජස් නැති තැන වූ හිතු මනාපෙට ජීවත්වෙන්ට පුළුවන් තැන වූ නින්දා රහිත දෙව් ලොවට යන්න පුළුවනි.

සාදු! සාදු!! සාදු!!!

නන්දාපේතවත්ථු චතුත්ථං.

හතරවෙනි නන්දා ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M