ඛුද්දක නිකාය

පේතවත්ථු

2.3. මත්තා පේත වත්ථු

2.3. මත්තා ප්‍රේත වස්තුව

134. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනි සන්ථතා
උප්ඵාසුලිකේ කිසිකේ කා නු ත්වං ඉධ තිට්ඨසි?

134. ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

135. අහං මත්තා තුවං තිස්සා සපත්ති තේ පුරේ අහුං
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතාති.

135. ඒ කාලෙ මගෙ නම මත්තා. ඔබට කිව්වෙ තිස්සා කියල. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකෙට එන්ට සිද්ධ වුනේ.

136. කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන පේතලෝකමිතෝ ගතා?

136. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ.

137. චණ්ඩී ච ඵරුසා චාසිං ඉස්සුකී මච්ඡරී සඨා
තාහං දුරුත්තං වත්වාන පේතලෝකමිතෝ ගතා.

137. මං ඒ කාලෙ හරි නපුරුයි. ඵරුස වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරල තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ.

138. සබ්බං අහම්පි ජානාමි යථා ත්වං චණ්ඩිකා අහු
අඤ්ඤඤ්ච ඛෝ තං පුච්ඡාමි කේනාසි පංසුකුණ්ඨිතා.

138. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නෙ මොන කර්මයක් නිසාද?

139. සීසං නහාතා ත්වං ආසි සුචිවත්ථා අලංකතා
අහඤ්ච ඛෝ තං අධිමත්තං සමලංකතතරා තයා

139. ඔබ හොඳට හිස සෝදලා වතුර නාලා හිටියා. ලස්සනට ඇඳගෙනත් හිටියා. එතකොට මං කළෙත් ඔබටත් වඩා ලස්සනට තව තව අලංකාර වෙච්ච එකයි.

140. තස්සා මේ පෙක්ඛමානාය සාමිකේන සමන්තයි
තතෝ මේ ඉස්සා විපුලා කෝධෝ මේ සමජායථ

140. එතකොට මං බලාගෙන හිටියා. ඔබ ස්වාමියත් එක්ක කතාබස් කළා. එතකොට මං තුළ ඇති වුනේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්. මට ක්‍රෝධය ඇති වුනා.

141. තතෝ පංසුං ගහෙත්වාන පංසුනා තං හි ඕකිරිං
තස්ස කම්මවිපාකේන තේනම්හි පංසුකුණ්ඨිතා

141. මං පස් අහුරක් අරගෙන ආවා. ඒ පස්වලින් ඔබට දමල ගැහුවා. අන්න ඒ කර්මයේ විපාකයන් තමයි පස් තැවරුණු ශරීරයක් ලැබුනේ.

142. සබ්බං අහම්පි ජානාමි පංසුනා මං ත්වමෝකිරි
අඤ්ඤඤ්ච ඛෝ තං පුච්ඡිමි කේන ඛජ්ජසි කච්ඡුයා

142. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ පස්වලින් දමල ගැහුවා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය මුළු ඇඟම කස කසා ඉන්නෙ මොන කර්මයක් නිසාද?

143. භේසජ්ජහාරි උභයෝ වනන්තං අගමිම්හසේ
ත්වඤ්ච භේසජ්ජමාහරි අහඤ්ච කපිකච්ඡුනෝ

143. අපි දෙන්නම බෙහෙත් සොයන්ට වනාන්තරයට ගියානෙ. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මං අරගෙන ආවේ කහඹිලියා ගෙඩි.

144. තස්සා ත්‍යාජානමානාය සෙය්‍යං ත්‍යාහං සමෝකිරිං
තස්ස කම්මවිපාකේන තේන ඛජ්ජාමි කච්ඡුයා

144. ඒක ඔබ දැනගෙන හිටියෙ නෑ. මං ඔබ නිදා ගන්න ඇඳේ ඒ කහඹිලියා ගෙඩි විසිරෝල දැම්මා. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං මේ කහ කහ ඉන්නෙ.

145. සබ්බං අහම්පි ජානාමි සෙය්‍යං මේ ත්වං සමෝකිරි
අඤ්ඤඤ්ච ඛෝ තං පුච්ඡාමි කේනාසි නග්ගියා තුවං

145. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ කහඹිලිය විසිරෝල දැම්ම තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔබ ඔය නිරුවස්තරෙන් ඉන්නෙ මොන කර්මයක් නිසාද?

146. සහායානං සමයෝ ආසි ඤාතීනං සමතී අහු
ත්වඤ්ච ආමන්තිතා ආසි සසාමිනී නෝ ච ඛෝ අහං

146. දවසක් යාළුවෝ ඔක්කොම එකතු වුනා. නෑදෑයොත් එකතු වුනා. ඒකට මගේ ස්වාමියත් එක්ක එන්න කියල ආරාධනා ලැබුනේ ඔබටයි. මට ආරාධනා ලැබුනේ නෑ.

147. තස්සා ත්‍යාජානමානාය දුස්සන්ත්‍යාහං අපානුදිං
තස්ස කම්මවිපාකේන තේනම්හි නග්ගියා අහං

147. මං ඔබේ වස්ත්‍රයක් හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියෙ නෑ. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං නිර්වස්තරෙන් ඉන්නෙ.

148. සබ්බං අහම්පි ජානාමි දුස්සං මේ ත්වං අපානුදි
අඤ්ඤඤ්ච ‍ඛෝ තං පුච්ඡාමි කේනාසි ගූථගන්ධිනී

148. ඔව්, ඔය කියන හැමදෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ මගේ වස්ත්‍රයක් හොරකම් කළා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔය තරම් අසූචි ගඳ ගහන්නෙ මොන කර්මයක් නිසාද?

149. තව ගන්ධඤ්ච මාලඤ්ච පච්චග්ඝඤ්ච විලේපනං
ගූථකූපේ අතාරේසිං තං පාපං පකතං මයා
තස්ස කම්මවිපාකේන තේනම්හි ගූථගන්ධිනී

149. ඔබ සතුව තිබුණ සුවඳ වර්ග, මල්මාලාවක්, වටිනා සුවඳ විළවුන් මං වැසිකිළි වලක දැම්මා. ඒක මගේ අතින් සිදුවුන පවක්. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං මේ තරම් අසූචි ගඳ ගහන්නෙ.

150. සබ්බං අහම්පි ජානාමි නං පාපං පකතං තයා
අඤ්ඤඤ්ච ඛෝ තං පුච්ඡාමි කේනාසි දුග්ගතා තුවං

150. ඔව්, ඔය කියන හැම දෙයක්ම මං දන්නවා. ඔබ ඒ කාලෙ ඔය වගේ පව් කළා තමයි. මං දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔබ ඔය තරම් දුකට පත්වෙලා ඉන්නෙ මොන කර්මයක් නිසාද?

151. උභින්නං සමකං ආසි යං ගේහේ විජ්ජතේ ධනං
සන්තේසු දෙය්‍යධම්මේසු දීපං නාකාසිමත්තනෝ
තස්ස කම්මවිපාකේන තේනම්හි දුග්ගතා අහං

151. ඒ ගෙදර තිබුණු ධනය අපි දෙන්නටම සමානව ලැබිල තිබුනා. දන් පින්කම් කරන්ට වස්තුව තිබෙද්දි පවා තමන්ට පිහිට පිණිස මං පින්කම් කළේ නෑ. අන්න ඒ කර්ම විපාකයෙන් තමයි මං මෙච්චර දුකට පත් වුනේ.

152. තදේව මං ත්වං අවච පාපකම්මං නිසේවසි
න හි පාපේහි කම්මේහි සුලභා හෝති සුග්ගති

152. ඒ කාලේ ඔබ මට මෙහෙම කිව්වා. ‘නුඹ නම් කරන්නෙම පව්මයි. පව් කරල නම් සුගතියේ උපත ලේසියෙන් ලබන්ට බෑ’ කියල.

153. වාමතෝ ත්වං මං පච්චේසි අථෝපි මං උසුය්‍යසි
පස්ස පාපානං කම්මානං විපාකෝ හෝති යාදිසෝ

153. ඔබ මාව සැළකුවේ තනිකරම විරුද්ධකාරියක් හැටියටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් ඉතින් පේනවා නේද පව්වල විපාක කොයි වගේද කියල.

154. තේ ඝරදාසියෝ ආසුං තානේවාහරණානි මේ
තේ චඤ්ඤේ පරිවාරෙන්ති න භෝගා හොන්ති සස්සතා

154. ඔබේ ගෙදර හිටපු දාසියන්, ඔබ පැළඳු ආභරණ දැන් ඉතින් පරිහරණය කරන්නෙ වෙන උදවිය නෙ. සැප සම්පත් කියල කියන්නෙ සදාකාලික දේවල් නොවෙයි.

155. ඉදානි භූතස්ස පිතා ආපණා ගේහමේහීති
අප්පේව තේ දදේ කිඤ්චි මා සු තාව ඉතෝ අගා

155. දැන් භූත නම් වූ මගේ පුතාගේ තාත්ත කඩපිලේ ඉඳල එනවා. එතකොට මං ඔබට මොනවා හරි දෙන්නම්. එතකං මෙතනින් යන්න ඕන නෑ.

156. නග්ගා දුබ්බණ්ණරූපාම්හි කිසා ධමනිසන්ථතා
කෝපීනමේතං ඉත්ථීනං මා මං භූතපිතාද්දස

156. අනේ මං නිරුවස්තරෙන් ඉන්නෙ. මං විරූපියි. කටු ටික විතරයි. නහරවැල් පෑදිලා. ස්ත්‍රීන්ට මේක ලැජ්ජාවට කරුණක්. භූතගේ තාත්තට මාව පෙනෙන්ට එපා.

157. හන්ද කිං තාහං දම්මි කිං වා ච තේ කරොම්‍යහං
යේන ත්වං සුඛිනා අස්ස සබ්බකාමසමිද්ධිනී

157. එහෙමනම් මං මොනවාද ඔබට දෙන්නෙ. මං යමක් ඔබට දීල ඔබ සියලු සම්පත් ලබාගෙන සුවපත් වෙනවා නම් මං මොන වගේ දෙයක්ද කරන්ට ඕන.

158. චත්තාරෝ භික්ඛූ සංඝතෝ චත්තාරෝ පුන පුග්ගලා
අට්ඨ භික්ඛූ භෝජයිත්වා මම දක්ඛිණමාදිස
තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී

158. භික්ෂු සංඝයාගෙන් සංඝයා හැටියට භික්ෂූන් වහන්සේලා හතර නමකුයි ඒ වගේම පෞද්ගලික වශයෙනුත් භික්ෂූන් වහන්සේලා හතර නමකුයි කියන භික්ෂූන් අට නමකට දානය වළඳවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැප සම්පත්වලින් සමෘද්ධිමත් වේවි.

159. සාධූති සා පටිස්සුත්වා භෝජයිත්වාට්ඨ භික්ඛවෝ
වත්ථේහච්ඡාදයිත්වාන තස්සා දක්ඛිණමාදිසි

159. ඇය ‘හොඳයි’ කියල පිළිතුරු දුන්නා. භික්ෂූන් වහන්සේලා අට නමකට දන් වැළඳෙව්වා. සිවුරු පිරිකර පූජා කරගත්තා. ඒ පින ඇයට අනුමෝදන් කළා.

160. සමනන්තරානුද්දිට්ඨේ විපාකෝ උදපජ්ජථ
භෝජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං

160. ඒ පින් දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුනා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුනා. මේක තමයි දානයෙහි ඵලය.

161. තතෝ සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී
විචිත්තවත්ථාභරණා සපත්තිං උපසංකමි

161. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුනා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවටලත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය සම බිරිඳක්ව සිටි තිස්සා වෙත එළඹුනා.

162. අභික්කන්තේන වණ්ණේන යා ත්වං තිට්ඨසි දේවතේ
ඕභාසෙන්තී දිසා සබ්බා ඕසධී විය තාරකා

162. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුලුවන ඕසධී තාරුකාවක් වගේ.

163. කේන තේ තාදිසෝ වණ්ණෝ කේන තේ ඉධමිජ්ඣති
උප්පජ්ජන්ති ච තේ භෝගා යේ කේචි මනසෝ පියා

163. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

164. පුච්ඡාමි තං දේවි මහානුභාවේ
මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං
කේනාසි ඒවං ජලිතානුභාවා
වණ්ණෝ ච තේ සබ්බදිසා පභාසතී?ති.

164. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

165. අහං මත්තා තුවං තිස්සා සපත්ති තේ පුරේ අහුං
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතා

165. ඒ කාලෙ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියල. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකෙට එන්ට සිද්ධ වුනේ.

166. තව දානේන දින්නේන මෝදාමි අකුතෝ භයා
චිරං ජීවාහි භගිනි සහ සබ්බේහි ඤාතිහි.

166. ඔබ දීපු දානෙ නිසා මට දැන් කිසි භයක් නෑ. මං සතුටින් ඉන්නෙ. නංගියේ, ඔයාල හැමෝම නෑදෑයනුත් සමග බොහෝ කලක් ජීවත් වෙත්වා!

167. අසෝකං විරජං ඨානං ආවාසං වසවත්තිනං
ඉධ ධම්මං චරිත්වාන දානං දත්වාන සෝභනේ
විනෙය්‍ය මච්ඡේරමලං සමූලං අනින්දිතා සග්ගමුපේහි ඨාන’න්ති.

167. සුන්දර තැනැත්තිය, මේ ජීවිතයේදී ම ධර්මයේ හැසිරිලා, මුල් සහිතව ම මසුරුමල දුරු කරලා, දන් දෙන ඔබට නින්දා රහිත දෙව් ලොවට යන්ට පුළුවනි.

සාදු! සාදු!! සාදු!!!

මත්තාපේතවත්ථු තතියං.

තුන්වෙනි මත්තා ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M