344. මං ඉස්සර පැවිදි වූ භික්ෂුන් වහන්සේ නමකට නූල් පූජා කළා. උන්වහන්සේ වැඩියේ නූල් උදෙසාමයි. ඒ දානයෙන් මහත් වූ විපාක මං දැන් ලබනවා. දැන් මට බොහෝම වස්ත්‍ර යුගල පහළ වෙනවා.
345. මේ විමානය පුරා මල් පිරිල තියෙනවා. රම්‍යයි. හරිම විචිත්‍රයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අප්සරාවන් ගැවසිලා ඉන්න මේ විමානය මමයි පරිභෝග කරන්නෙ. මං කැමති දිව සළු පොරෝනවා. බොහෝ වස්තුව තියෙනවා. ඒව ඉවර වෙන්නෙ නෑ.
346. ඒ නූල් පූජා කරපු කර්මයේ විපාක වශයෙන්මයි මෙහෙ මට මිහිරත් සැපයත් ලැබෙන්නෙ. ආර්යය පුත්‍රය, මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහෙදි තවත් පින් කර ගන්නවා. මාව එහෙ පමුණුවන්න.
347. දැන් ඔබ මෙහෙ ඉපදිලා අවුරුදු හත් සියයක් වුනා. දැන් එහෙ ගියොත් වයසට ගිහින් ජරා ජීර්ණ වෙලයි ඉන්ට වෙන්නෙ. ඔයාගෙ ඤාතීන් සියලු දෙනාම දැන් මැරිල ගිහින්. මෙහෙන් එහෙට ගිහිල්ල දැන් ඔයා මොනව කරන්ටද?
348. ස්වාමි පුත්‍රය, දැන් මං මෙහෙ ඇවිදින් අවුරුදු හත්සියයක් මුළුල්ලේ දිව්‍ය සැපයත් මිහිරත් වින්දා තමයි. මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහෙදි තවත් පින් කර ගන්නවා. මාව එහෙ පමුණුවන්න.
349. එතකොට ඔහු ගොඩාක් වයසට ගිය, ගොඩාක් දුර්වල වෙච්ච ඒ ස්ත්‍රියගේ අතින් ඇදගෙන ඇවිදින් ගමට පමුණුවලා මෙහෙම කිව්වා. සැප ලබන්ට ඕනෑ නම් පින් කරපල්ලා කියල මෙහෙ ආපු අනික් ජනයාටත් කියන්න.
350. මං දැකල තියෙනවා. පින් කර ගන්ට බැරි වෙච්ච උදවිය ගැන. ඔවුන් පෙරේත ලෝකෙ හිටියත් මිනිස් ලෝකෙ හිටියත් දුකෙන් ගත කරන්නෙ. නමුත් සැප විපාක දෙන පින්කම් කරපු අය දෙවියන් වෙලත් මිනිසුන් වෙලත් ඒ ජනතාව සැප සේම ඉන්නවා.
සාදු! සාදු!! සාදු!!!
එකොළොස්වෙනි සුත්ත ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M