334. දවල් කාලය භාවනාවෙන් ගත කරන්ට ගං තෙරට වැඩල වාඩිවෙලා හිටිය භික්ෂුවක් ළඟට පෙරේතියක් ආවා. ඈ හරිම විරූපියි. දකින කොට භය හිතෙනවා.
335. ඇගේ කොණ්ඩය ගොඩාක් දිගයි. බිම ඇතිල්ලෙනවා. කෙස්වලින් තමයි ඒ පෙරේතිය ඇඟ වහගෙන ඉන්නෙ. ඒ ශ්‍රමණයන් වහන්සේට ඈ මෙහෙම කිව්වා.
336. මං දැන් මැරිලා ගිහින් පනස්පස් අවුරුද්දක් වෙනවා. මේතාක් කල්ම මං කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන මට දැනීමක් නෑ. අනේ ස්වාමීනි, මං ගොඩාක් පිපාසයෙන් ඉන්නෙ. මට පැන් ටිකක් ඕන කරල තියෙනවා. මට පැන් දෙන සේක්වා!
337. මේ තියෙන්නෙ සීතල දිය දහර ඇති ගංගා නදිය නෙව. හිමාල කන්දෙ ඉඳලයි මේ ගඟ ගලන්නෙ. ඔය ගඟෙන් පැන් අරගෙන පානය කරන්න. එහෙම ඒකේ මගෙන් පැන් ඉල්ලන්නෙ මොකටද?
338. අනේ ස්වාමීනී, මං පැන් ටිකක් බොන්ට ඕන කියල ගඟට යනවා තමයි. නමුත් එතකොට ඒ වතුර ලේ බවට හැරෙනවා. මං ඒ නිසයි පැන් ටිකක් ඉල්ලුවේ.
339. ඔබ කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පාපයක්ද කරගත්තෙ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්න තරම් විපාකයක් හැදුනේ මොන වගේ කර්මයක් නිසාද?
340. මට හිටියා උත්තර කියල පුතෙක්. හරි ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. එයා මං අකැමති වෙලා සිටිද්දිම ශ්‍රමණයන්ට දන් දුන්නා.
341. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස දුන්නා. එතකොට මසුරුකමෙන් පෙලුන මං එයාට නින්දා අපහාස කළා.
342. එතකොට උඹ මං අකැමැතිව සිටිද්දිම නේද ඔය ශ්‍රමණයන් හට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස දුන්නෙ.
343. ඒයි උත්තර, උඹට පරලොවදී ඕව ඔක්කොම ලේ බවට පත් වේවා! කියල කරගත්තු කර්ම විපාකය නිසයි ගංගා ජලය මට ලේ බවට පත් වුණේ.
සාදු! සාදු!! සාදු!!!
දස වෙනි උත්තරමාතු ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M