54. මේ කාන්තාව අසූචියි, මුත්‍රායි, ලේයි, සැරවයි කකා ඉන්නවා. මේ මොන වගේ කර්මයක විපාකයක්ද? මේ තැනැත්ති මොන වගේ කර්මයක්ද කරගෙන තියෙන්නෙ? මෑ හැම තිස්සේම අනුභව කරන්නෙ ලේයි සැරවයි නෙව.
55. අළුත් වස්ත්‍ර දෙකක් තියෙනවා. හරි ලස්සනයි. මෘදුයි. පිරිසිදුයි. සනීපයි. නමුත් මෑට දුන්නහම ඒව යකඩෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රිය කරගෙන තිබෙන්නෙ මොන වගේ කර්මයක්ද?
56. ස්වාමීන් වහන්ස, මෙයා මගේ බිරිඳ වෙලා හිටියේ. දානෙ ටිකක් පුජ කරගත්තෙ නෑ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින්ම හිටියා. මං ශ්‍රමණබ්‍රාහ්මණයින්ට දැන් පැන් පුජා කරන කොට ඈ කළේ මටත් බණින එක. නින්දා අපහාස කරපු එක.
57. ‘උඹ දන් දෙනවා. ඔය දානයේ විපාක වශයෙන් පරලොවදී උඹට අසූචි, මුත්‍රා, ලේ, සැරව තමයි ලැබෙන්ට ඕන. හැම තිස්සේම උඹ අසූචි කාපන්. ඔය පුජා කරන වස්ත්‍ර යකඩෙන් කරපු වස්ත්‍ර වෙයන්.’ ඔන්න ඔය විදිහට දුශ්චරිතයෙන්මයි හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකයට ඇවිල්ල කාලයක් තිස්සෙ ඒවා කකා ඉන්නවා.
සාදු! සාදු!! සාදු!!!
නවවෙනි මහා පේසකාර ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M