(තමන්ගේ ගවයා මිය යෑම ගැන පුතෙක් හඬනවා. ඒ ගැන පියා මෙසේ අසයි.)
46. ඇයි ළමයෝ උඹට පිස්සුද? නිල් තණ කපාගෙන ඇවිල්ල ‘කාපන්’ කාපන්, කියල ඔය කවන්න හදන්නෙ මැරිච්ච මහළු ගොනාට නේද?
47. මේ මැරිච්ච ගොනා ආහාරපාන දුන්න කියල නැගිටින්නෙ නෑ. අඥාන මනුස්සයෙක් දොඩනවා වගේ උඹත් ළමයෝ නුවණ නැති මෝඩයෙක්ද?
48. ඒ වුනාට තාත්තෙ මේ තියෙන්නෙ කකුල්. මේ තියෙන්නෙ ඔළුව. මේ තියෙන්නෙ වළිගෙත් එක්කම ඇඟ. මේ ඇස් දෙක තියෙන්නෙ තිබුන විදිහටම. මේ ගොනා නැගිටීවි.
49. ඒ වුනාට අපේ සීයගෙ අතපය, ශරීරය, හිස මොකවත් දැකගන්ට නෑ. එහෙම එකේ ඒ සීය වෙනුවෙන් හදපු මැටි ස්ථුපෙට අඬන තාත්තම නේද මෝඩ?
50. ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනි ගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා.
51. මගේ පපුව ඇතුළේ ඇනි ඇනී තිබුණු සෝක හුල ඔබ උදුරලා දැම්මා. පියා මළ සෝකය නිසා මං ගොඩාක් සෝකයෙන් පෙළි පෙළී හිටියේ. ඔබ ඒක දුරු කළා.
52. පින්වත් දරුව, නුඹේ අවවාදය අසපු ඒ මම දැන් සෝක හුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල් වුන කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං සෝක වෙන්නෙ නෑ. හඬන්නෙ නෑ.
53. යම් කෙනෙකුට අනුකම්පා කරනවා නම් ප්‍රඥාවන්ත අය ඔහොම තමයි කරන්නෙ. මේ සුජාත කුමාරයා තමන්ගෙ පියාව සෝකයෙන් මුදවනවා වගේ අන් අයව සෝකයෙන් මුදවනවා.
සාදු! සාදු!! සාදු!!!
අට වෙනි ගෝණ ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M