35. ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරීම විරූපියි. ඔබේ ශරීරයෙන් හමන්නෙ කුණු ගඳ. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද?
36. අනේ ස්වාමීනී, මං මේ දුකේ වැටිල ඉන්නෙ. මං යමලෝකෙ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
37. අනේ මං උදේ වරුවේදී දරුවන් හත් දෙනෙක් වදනවා. ආයෙමත් හවස් වරුවටත් මං තව දරුවන් හත් දෙනෙක් වදනවා. මං ඒ දරුවන් ඔක්කෝම කාල දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නෙ නෑ.
38. මගේ පපුව බඩගින්නෙ පිච්චෙනවා. දුම් දානවා. ගින්නකට පිච්චි පිචිචි ඉන්න එක්කෙනෙක් වගේ මං ඉන්නෙ. කිසිම නිවීමක් නෑ.
39. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගෙ මස් කන්නෙ?
40. මට පුතාල දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාම හොඳ උස මහත තරුණයන්. ඉතින් මං පුතාලගෙ හයිය අරගෙන ස්වාමියාව යට කරගෙන හිතට අරන් හිටියේ.
41. එතකොට මගේ සැමියා මට කිපුනා. වෙන බිරිඳක් කැන්දන් ආවා. උන්දැටත් ළමයෙක් ලැබෙන්න හිටිය. උන්දැට පාපී දෙයක් කළ යුතුයි කියල මට හිතුනා.
42. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා. එතකොට බඩට මාස තුනයි. කුණු ලේ වෙලා ගැබ වැටුනා.
43. එතකොට උන්දැගෙ අම්ම මාත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මා ලවා දිව්රෙව්වා. මට බැණල දොඩල බය කෙරෙව්වා.
44. එතකොට මං දරුණු විදිහට දිව්රලා අමු බොරුවක් කිව්වා. ‘යම් හෙයකින් ඔය ගබ්සාව කළේ මා නම් මං දරුවන් වදල කන එකියක්මයි වෙන්න ඕන’ කියලා.
45. ඔය කර්මයත්, බොරුවත් කියන දෙකේ විපාක තමයි මේ. ලේ වැක්කෙරෙන ශරීරයක් ඇතිව මං දැන් දරුමස් කකා ඉන්නවා.
සාදු! සාදු!! සාදු!!!
හත්වෙනි සත්තපුත්තඛාදක ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M