10. නොමසුරු උදවිය යම් යම් විශේෂ අරමුණු මුල් කරගෙන දානාදී පින්කම් කරනවා. එක්කෝ මිය ගිය ඤාතීන් උදෙසා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් ගෙවතු ආදියට අරක්ගත් දේවතාවුන් උදෙසා වෙන්න පුළුවනි.
11. ලෝකපාලක වූ යසස් ඇති සතරවරම් දිව්‍යරාජවරුන් ඉන්නවා. කුවේර, ධතරට්ඨ, විරූපක්ඛ, විරූළ්හ කියන මේ දෙවිවරුන් උදෙසා දන් පැන් පූජා කරගත්තොත් දායකයන්ට නිශ්ඵල වෙන්නෙ නෑ.
12. කෙනෙක් මැරුණට පස්සේ හඬල වැඩක් නෑ. ශෝක කරල වැඩක් නෑ. එක එක විදිහේ විළාපවලින් වැඩක් නෑ. ඒවායින් මියගිය උදවියට කිසිම ප්‍රයෝජනයක් නෑ, ඒ ඥාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා.
13. මේ පූජා කරගත්තු දානය ආර්ය සංඝයා උදෙසා ඉතා හොඳින් පිහිටියා. පින් අනුමෝදන් වනු කැමති ප්‍රේතයාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින මේ පින ඒ මොහොතේම ලැබෙනවා.
සාදු! සාදු!! සාදු!!!
හතරවෙනි පිට්ඨධීතලික ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M