☰
04. ඔබේ ශරීරය මුළුමනින්ම රන්වන්. දසදිසාවේම බබලනවා. ඒ වුනාට ඔබගේ මුඛය ඌරෙකුගෙ වගෙයි. ඔබ කලින් ජීවිතයේදී මොන වගේ කර්මයක්ද කළේ?
05. මං කයින් සංවර වෙලා හිටියා (කයෙන් සිල් රැක්කා). නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ (වචනයෙන් සිල් රැක්කෙ නෑ). පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුනේ කයෙන් පින් කිරීම නිසයි.
06. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, දැන් ඔබවහන්සේම මේ ශරීරය දැක්ක නෙව. මං දැන් ඔබට කියන්නෙ මේකයි. වචනයෙන් පව් විතරක් කරන්න එපා! ඌරු කටක් තියෙන කෙනෙක් නම් වෙන්න එපා!
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි සූකරමුඛ ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M