ඛුද්දක නිකාය

පේතවත්ථු

1.1. ඛෙත්තූපම පේත වත්ථු

1.1. ඛෙත්තූපම ප්‍රේත වස්තුව

01. ඛෙත්තූපමා අරහන්තෝ දායකා කස්සකූපමා
බීජූපමං දෙය්‍යධම්මං එත්තෝ නිබ්බත්තතේ ඵලං

01. රහතන් වහන්සේලා වනාහී කුඹුරක් වගෙයි. දායකයෝ ගොවියන් වගෙයි. පූජා කරන දාන වස්තුව බිත්තර වී වගෙයි. මේ කරුණ තුන එකතු වුණාම තමයි පුණ්‍ය ඵලයක් උපදින්නේ.

02. ඒතං බීජං කසී ඛෙත්තං පේතානං දායකස්ස ච
තං පේතා පරිභුඤ්ජන්ති දාතා පුඤ්ඤේන වඩ්ඪති

02. දානවස්තුව නැමැති බිත්තර වීත් ගොවිතැනත් කුඹුරත් යන මේ කරුණු තුන මියපරලොව ගිය උදවියටත් දායකයින්ටත් පිහිට වෙනවාමයි. පරලොව ගිය උදවිය ඒ පින පරිභෝග කරනවා. දායකයා දියුණු වෙන්නෙත් ඒ පිනෙන්මයි.

03. ඉධේව කුසලං කත්වා පේතේ ච පටිපූජිය
සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දක‘න්ති

03. ඉතින් මේ ජීවිතයේදීම කුසල් දහම් කරල, මිය ගිය උදවියටත් පුණ්‍ය පූජා පවත්වලා යහපතක් සිද්ධ කර ගෙන සැපවත් තැන වන දෙව්ලොවට යනවා.

සාදු! සාදු!! සාදු!!!

ඛෙත්තූපමපේතවත්ථු පඨමං.

පළමු වෙනි ඛෙත්තූපම ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M