☰
977. පින්වත් දිව්‍ය පුත්‍රය, මේ දිව්‍යමය වූ ඇත් වාහනය සුදෝ සුදුයි. තූර්ය වාදනවලින් නැඟෙන නාදයෙන් පුදදෙනවා. ඒ හස්තියා පිට නැගලා අහසින් ආපු ඔබ කවුද?
978. දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරින්දද කියන ශක්‍රයාද? ඔබ කවුද කියල අපි දන්නෙ නෑ. අපි ඔබෙන් අහන්නෙ ඒක දැනගන්නෙ කොහොමද කියලයි.
979. මං (ඔබ හිතන විදිහේ) දෙවියෙක් නොවෙයි. ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ ශක්‍රයාත් නොවෙයි. සුධර්මා කියන නමින් යම් දෙවිවරු කොටසක් ඉන්නවා. මං අන්න එයාලගෙන් එක්කෙනෙක්.
980. සුධර්මා දෙවි නම් වූ ඔබට මං වැඳගෙනයි මේ කාරණය අහන්නෙ. මනුස්ස ලෝකෙදි මොන වගේ කර්මයක් කරලාද ඔබ සුධර්ම කියන දෙවියන් අතර උපන්නෙ.
981. කෙනෙක් ඉන්නවා. එයා උක්දඬුවලින් ගෙයක් හදලා, තණවලිනුත් ගෙයක් හදලා, රෙදිපිළිවලිනුත් ගෙයක් හදලා පූජා කරගන්නවා නම්, මේ ගෙවල් තුනෙන් එකක් දීපු නිසයි සුධර්මා දෙවියන් අතර උපන්නෙ.
සාදු ! සාදු !! සාදු !!!
දොළොස් වෙනි තතිය නාග විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-5-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M