ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

10. කප්ප සුත්තං

10. කප්ප නිසා වදාළ දෙසුම

1097. මජ්ඣේ සරස්මිං තිට්ඨතං (ඉච්චායස්මා කප්පෝ)
ඕඝේ ජාතේ මහබ්භයේ
ජරාමච්චුපරේතානං දීපං පබ්‍රෑහි මාරිස
ත්වං ච මේ දීපමක්ඛාහි යථායිදං නාපරා සියා

(කප්ප)

භගවත් නිදුකාණනි මට – පහදා දෙනු මැන මේ ගැන
දිරීමෙන්ද මරණයෙන්ද – මැඩෙමින් සිටිනා නිරතුරු
මහා බියක් නිති පවතින – බලවත් සැඩ පහරින් යුතු
විලකට මැදි වී සිටිනා – අසරණ වූ ලෝ සතුනට
කියාදෙන්න “දූපත” ගැන
ආයෙත් නම් මෙවන් දුකක් – හට නොගන්න පරිද්දෙන්ම
දුකක් නොමැති “දූපත” ගැන – පවසාලනු මැනව අපට

1098. මජ්ඣේ සරස්මිං තිට්ඨතං (කප්පාති භගවා)
ඕඝේ ජාතේ මහබ්භයේ
ජරාමච්චුපරේතානං දීපං පබ්‍රෑමි කප්ප තේ

(භාග්‍යවතුන් වහන්සේ)

දිරීමෙන්ද මරණයෙන්ද – මැඩෙමින් සිටිනා නිරතුරු
මහා බියක් නිති පවතින – බලවත් සැඩ පහරින් යුතු
විලකට මැදි වී සිටිනා – අසරණ වූ ලෝ සතුනට
“දූපත” නම් තිබෙන්නේය – කප්පය, එය කියමි ඔබට

1099. අකිඤ්චනං අනාදානං – ඒතං දීපං අනාපරං
නිබ්බානමිති තං බ්‍රෑමි – ජරාමච්චුපරික්ඛයං

කෙලෙසුන් කිසිවක් නැත එහි – සියළු බැඳීමෙන් තොරමය
එයමය කියනා “දූපත” – වෙන දූපත් නැත්තේමය
ජරාමරණ නොමැති එතන – “නිවන” කියා පවසමි මම

1100. ඒතදඤ්ඤාය යේ සතා – දිට්ඨධම්මාභිනිබ්බුතා
න තේ මාරවසානුගා – න තේ මාරස්ස පද්ධගූති

යමෙක් ලොවේ සිහි නුවණින් – මෙහිදිම දැන අමා නිවන්
සදහට නිවිලා යත් නම් – ඒ අරහත් මුනිවරු ලොව
නොයති මාර වසඟයකට – නොම යත් මරු සිටින මගක

කප්ප සුත්තං දසමං.

කපිල නිසා වදාළ දෙසුම මෙහි දස වැන්න වේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M