ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

9. තෝදෙය්‍ය සුත්තං

9. තෝදෙය්‍ය නිසා වදාළ දෙසුම

1093. යස්මිං කාමා න වසන්ති (ඉච්චායස්මා තෝදෙය්‍යෝ)
තණ්හා යස්ස න විජ්ජති
කථංකථා ච යෝ තිණ්ණෝ – විමෝඛෝ තස්ස කීදිසෝ

(තෝදෙය්‍ය)

යම්කිසි කෙනෙකුගෙ සිත තුළ – නැතිද කාම සිතිවිල්ලක්
යමෙකුගෙ හදවත ඇතුලත – නැතිද කිසිම තණ්හාවක්
යමෙක් කළේ නම් තරණය – සැකය ඇතුළු හැම දෙයක්ම
ඔහු ලබනා විමුක්ති සුව – කොයි ආකාරේ දෙයක්ද?

1094. යස්මිං කාමා න වසන්ති (තෝදෙය්‍යාති භගවා)
තණ්හා යස්ස න විජ්ජති
කථංකථා ච යෝ තිණ්ණෝ – විමෝඛෝ තස්ස නාපරෝ

(භාග්‍යවතුන් වහන්සේ)

යම්කිසි කෙනෙකුගෙ සිත තුළ – නැතිද කාම සිතිවිල්ලක්
යමෙකුගෙ හදවත ඇතුලත – නැතිද කිසිම තණ්හාවක්
යමෙක් කළේ නම් තරණය – සැකය ඇතුළු හැම දෙයක්ම
ඔහු හට වෙන විමුක්තියක් – ඇවැසි නැතැයි පවසමි මම

1095. නිරාසසෝ සෝ උද ආසසානෝ
පඤ්ඤාණවා සෝ උදපඤ්ඤකප්පී
මුනිං අහං සක්ක යථා විජඤ්ඤං
තං මේ වියාචික්ඛ සමන්තචක්ඛු

(තෝදෙය්‍ය)

ඒ අයුරින් යුතු උතුමා,
ආශා රහිතව සිටීද? – ආශා සහිතව සිටීද?
ප්‍රඥාවෙන් යුතු කෙනෙක්ද? – නුවණ සකසමින් සිටීද?
ශාක්‍යමුනිවරයාණෙනි, හඳුනාගත හැකි ලෙස ඔහු
හැම දෙය දකිනා මුනිඳුනි – පවසනු මැන මට එකරුණ

1096. නිරාසසෝ සෝ න සෝ ආසසානෝ
පඤ්ඤාණවා සෝ න ච පඤ්ඤකප්පී
ඒවම්පි තෝදෙය්‍ය මුනිං විජාන
අකිඤ්චනං කාමභවේ අසත්තන්ති

(භාග්‍යවතුන් වහන්සේ)

පින්වත් තෝදෙය්‍ය,
ආශා රහිතය ඒ මුනි – ආශාවන් සහිත නොවේ
යුතුමය හේ ප්‍රඥාවෙන් – සකසන්නෙක් නොවේ නුවණ
ඒ මුනි උතුමාණන් ගැන – හඳුන ගන්න ඔය අයුරින්
කාමයෙ හෝ භවයේ හෝ – ඔහුට නොමැත කිසි කෙලෙසුන්

තෝදෙය්‍ය සුත්තං නවමං.

තෝදෙය්‍ය නිසා වදාළ දෙසුම මෙහි නව වැන්න වේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M