ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

5. පරමට්ඨක සුත්තං

5. උතුම් දෙය ගැන ගාථා අටකින් වදාළ දෙසුම

800. පරමන්ති දිට්ඨීසු පරිබ්බසානෝ
යදුත්තරිං කුරුතේ ජන්තු ලෝකේ
හීනාති අඤ්ඤේ තතෝ සබ්බමාහ
තස්මා විවාදානි අවීතිවත්තෝ

යම් යම් නිස්සාර වාද – උත්තම දේවල් ලෙස ගෙන
ඒ ගැන පවසන උදවිය – සලකා මුනිවරු විලසින්
ඒ අදහස් නොපිළිගත්තු – හැම ‘ළාමක’ යයි සිතමින්
සිටින ඔවුන් කිසිම දිනක – එයින් බැහැර නොයන්නේ

801. යදත්තනි පස්සති ආනිසංසං
දිට්ඨේ සුතේ සීලවතේ මුතේ වා
තදේව සෝ තත්ථ සමුග්ගහාය
නිහීනතෝ පස්සති සබ්බමඤ්ඤං

අසනා දකිනා කිසිවක් – සුවඳ මෙන්ම රස පහසත්
රකිනා යම් සීල ව්‍රතත් – තුලටම වී රැඳී සිටිත්
දකිමින් එහි නෙක අනුසස් – එයම උතුම් දෙය ලෙස ගෙන
ලොවේ තිබෙන අන් සියල්ල – සලකයි ලාමක වශයෙන්

802. තං වාපි ගන්ථං කුසලා වදන්ති
යං නිස්සිතෝ පස්සති හීනමඤ්ඤං
තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා
සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය

බැඳුන විටදි මේ මතේට – පෙනේ අනික් හැම හීනව
දහම් දකින නුවණැත්තෝ – පවසති මෙය අවුලක් ලෙස
එනිසා ඇසු දුටුව දෙයත් – සුවඳ මෙන්ම රස පහසත්
වෙනත් සීල ව්‍රතයක් හෝ – ඇසුරු නොම කරයි සමණා

803. දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය
ඤාණේන වා සීලවතේන වාපි
සමෝති අත්තානමනූපනෙය්‍ය
හීනෝ න මඤ්ඤේථ විසේසි වාපි

ලොවේ තිබෙන වාදයෙන්ද – නුවණින් හෝ සීලයෙන්ද
අමුතු කල්පනා අළුතින් – සදා නොගන්නේ
අනුන් සමඟ තමන් ගැනද – සම වශයෙන් නොම සිතමින්
නැතහොත් ළාමක යයි හෝ – උතුම් යයිද නොම සිතමින්
මාන්නයෙන් තොර වන්නේ

804. අත්තං පහාය අනුපාදියානෝ
ඤාණේපි සෝ නිස්සයං නෝ කරෝති
ස වේ වියත්තේසු න වග්ගසාරී
දිට්ඨිම්පි සෝ න පච්චේති කිඤ්චි

’තමා’ විලස සිතා සිටිය – සියල්ල අතහැර නොබැඳී
ඇති කරගත් නුවණින් හේ – වාදය ඇසුරට නොගනී
වාද කරන පිරිස අතර – සැබවින් අගතියට නොයයි
වාදයකට නොම පැටලෙයි.

805. යස්සූභයන්තේ පණිධීධ නත්ථි
භවාභවාය ඉධ වා හුරං වා
නිවේසනා තස්ස න සන්ති කේචි
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං

මේ ලොව හෝ වෙනත් ලොවක් – හෝ වෙන පවතින කිසිවක්
ගැන කිසි පැතුමක් නොමැතිව – තණ්හාවෙන් තොර වී ගිය
උතුමා හට නැත්තේමය – දුක හදනා කෙලෙස් නිවස
එවැනි කිසිම දෙයක් කෙරෙහි – සිතක් පහළ නොවේ ඔහුට

806. තස්සීධ දිට්ඨේ ව සුතේ මුතේ වා
පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා
තං බ්‍රාහ්මණං දිට්ඨිමනාදියානං
කේනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය

අහනා දකිනා දේ ගැන – සුවඳත් රස පහසත් ගැන
හිතේ ඇල්ම හටගන්නා – අණුමාත්‍ර හැඟුමක් හෝ
එ හැම සිතින් බැහැරට කළ – අරහත් මුනිඳුන්ට නොමැත
යළිත් ලොවේ කවර දෙයට – කුමක් පිණිස පැටලෙන්ටද?

807. න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති
ධම්මාපි තේසං න පටිච්ඡිතාසේ
න බ්‍රාහ්මණෝ සීලවතෙන නෙය්‍යෝ
පාරංගතෝ න පච්චේති තාදීති

අතීතයේ නොම පැටලෙත් – අනාගතේ නොම සකසත්
දුක හැදෙනා මතවාදෙන් – රහතුන් හට පලක් නොමැත
අටලෝ දහමින් නොසැලෙන – පරතෙරටම වැඩි මුනිඳුන්
ආපසු කැරකී කිසිදා – නොඑන්නේය ලෝකය වෙත

පරමට්ඨක සුත්තං නිට්ඨිතං.

උතුම් දෙය ගැන ගාථා අටකින් වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M