ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

4. සුද්ධට්ඨක සුත්තං

4. පිරිසිදු බව මුල්කොට ගාථා අටකින් වදාළ දෙසුම

792. පස්සාමි සුද්ධං පරමං අරෝගං
දිට්ඨේන සංසුද්ධි නරස්ස හෝති
ඒතාභිජානං පරමන්ති ඤත්වා
සුද්ධානුපස්සීති පච්චේති ඤාණං

සොඳුරු පෙනුම ඇති පිරිසිදු – පින්වත් උතුමෙකුව දකිමි
ඒ උතුමෙකු දැක ගත් විට – සැපත උදාවෙන්නේ
මේ මතයේ ගිලුන කෙනා – උතුම් දැකුම එයයි සිතා
නුවණක් වශයෙන් එය ගෙන – සිටිති එයම අදහාගෙන

793. දිට්ඨේන චේ සුද්ධි නරස්ස හෝති
ඤාණේන වා සෝ පජහාති දුක්ඛං
අඤ්ඤේන සෝ සුජ්ඣති සෝපධීකෝ
දිට්ඨී හි නං පාව තථාවදානං

සැබැවින් ඒ උදවිය දැක – නුවණත් ලැබ ගෙන ඒ ලෙස
සෙත සැළසෙන්නේ නම් – දුක් බැහැරව යන්නේ නම්
කෙලෙස් සහිත අයට පවා – නොමගින් පිරිසිදු විය හැක
මෙවැනි බණක් කියන කෙනා – දතයුතු මිසදිටු ලෙසිනා

794. න බ්‍රාහ්මණෝ අඤ්ඤතෝ සුද්ධිමාහ
දිට්ඨේ සුතේ සීලවතේ මුතේ වා
පුඤ්ඤේ ච පාපේ ච අනූපලිත්තෝ
අත්තඤ්ජහෝ නයිධ පකුබ්බමානෝ

ඇසුව දුටුව දෙයකින් හෝ – සුවඳින් රස පහසින් හෝ
සිල් ව්‍රත රැකි පමණින් හෝ – නොමගින් පිරිසිදු වන බව
රහත් බමුණු තෙම නොකියයි.
නොම ඇලෙමින් පින් පව් වල – බැහැර දමා මමත්වය ද
කිසිම දෙයක් රැස් නො කරයි – ඒ අරහත් මුනිඳු ලොවේ

795. පුරිමං පහාය අපරං සිතාසේ
ඒජානුගා තෙ න තරන්ති සංගං
තේ උග්ගහායන්ති නිරස්සජන්ති
කපීව සාඛං පමුඛං ගහාය

පැරණි වාද අත හරිමින් – අළුත් වාදවල පැටලෙන
තණ්හාවට බැඳෙන කෙනා – තරණය නොම කරයි සසර
අත්තක් හැර තව අත්තක් – අල්ල අල්ල පැන පැන යන
වඳුරන් ගේ ගතිගුණ ම ය – ඒ උදවියට ත් ඇත්තේ
කලකට අත් හරින මතය – කලකට පිළිගන්නේ වේ

796. සයං සමාදාය වතානි ජන්තු
උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තෝ
විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං
න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤෝ

නා නා වත් සිරිත් තනා – සමාදන්ව හිතු මතේට
ඇලෙමින් ඒ සඤ්ඤාවල – යයි එකකින් තව එකකට
සදහම් නුවණින් දැකගත් – මහ නුවණැති මුනිවරයා
කිසිදා ඒ ලෙසට නො යයි – එකකින් තව එකක් කරා

797. ස සබ්බධම්මේසු විසේනිභූතෝ
යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා
තමේව දස්සිං විවටං චරන්තං
කේනිධ ලෝකස්මිං විකප්පයෙය්‍ය

අසනා දකිනා දෙය තුළ – සුවඳ ත් රස පහස ත් තුළ
ඇති මේ හැම දේවල් තුළ – මාර සෙනඟ දමනය කළ
සදහම් නුවණින් දැකගත් – රහසින්වත් පව් නො කරන
ඒ අරහත් මුනිඳු ලොවේ – කවර දෙයක පැටලෙන්ටද?

798. න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති
අච්චන්තසුද්ධීති න තේ වදන්ති
ආදානගන්ථං ගථිතං විසජ්ජ
ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ

අතීතයේ නොම පැටළෙත් – අනාගතේ නොම සකසත්
නො කියත් අරහත් මුනිවරු – සියළු වාද පිරිසිදු යයි
අවුල්වලට පැටළී යන – සියළු වාද ගැට ලිහමින්
ලොවේ තිබෙන කිසි දෙයකට – ආශාවෙන් තොරව සිටිති

799. සීමාතිගෝ බ්‍රාහ්මණෝ තස්ස නත්ථි
ඤත්වා ව දිස්වා ව සමුග්ගහීතං
න රාගරාගී න විරාගරත්තෝ
තස්සීධ නත්ථි පරමුග්ගහීතන්ති

කෙලෙස් වැටෙන් එපිටට ගිය – ඒ අරහත් බමුනිඳු හට
යමක් දැක්ක විට ඇලෙනා – ගති කිසිවක් නැත්තේ වේ
රාගයටද නොම ඇලෙමින් – විරාගයෙත් නොම ඇලෙමින්
දැඩි ලෙස ගත් කිසිම දෙයක් – මුනිඳුන් හට නොමැත්තේය

සුද්ධට්ඨක සුත්තං නිට්ඨිතං.

පිරිසිදු බව මුල්කොට ගාථා අටකින් වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M