ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

2. ගුහට්ඨක සුත්තං

2. ජීවිත ගුහාව ගැන ගාථා අටකින් වදාළ දෙසුම

776. සත්තෝ ගුහායං බහුනාභිඡන්නෝ
තිට්ඨං නරෝ මෝහනස්මිං පගාළ්හෝ
දූරේ විවේකා හි තථාවිධෝ සෝ
කාමා හි ලෝකේ න හි සුප්පහායා

බොහො දේවල් වැසී තිබෙන – මේ ජීවිත ගුහාව තුළ
රැවටීමෙන් රැවටීමට – පත්ව ඇලී සිටින කෙනා
එලෙසින් කල් ගෙවනා විට – ඔහුට විවේකයක් නොමැත
කාමය ලොව තුළ පවතින – සුළුවෙන් අත්හළ නොහැකිය

777. ඉච්ඡානිදානා භවසාතබද්ධා
තේ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා
පච්ඡා පුරේ වාපි අපෙක්ඛමානා
ඉමේ ව කාමේ පුරිමේව ජප්පං

ආශාවම මුල් වීමෙන් – භව සැපයට හිර වීමෙන්
අතීතයක් හෝ සිතමින් – අනාගතය හෝ පතමින්
කලින් පටන් මේ කාමෙට – තණ්හාවෙන් පැටලී ගිය
උදවිය හට දුකින් මිදුම – අපහසුවෙන් කළ යුතු වේ

778. කාමේසු ගිද්ධා පසුතා පමූළ්හා
අවදානියා තේ විසමේ නිවිට්ඨා
දුක්ඛූපනීතා පරිදේවයන්ති
කිංසු භවිස්සාම ඉතෝ චුතාසේ

කාමයටම ගිජු වී ගිය – වසඟව සිහි මුළාව ගිය
දහමට අවනත නොවෙමින් – නොමගට පත් ලොවේ වැටුන
කෙනාට මරණය ආ විට – වැළපෙන්නට පටන් ගනී
අනේ! මෙයින් චුත වන විට – මොන විපතක් වේද කියා

779. තස්මා හි සික්ඛේථ ඉධේව ජන්තු
යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ
න තස්ස හේතු විසමං චරෙය්‍ය
අප්පං හිදං ජීවිතං ආහු ධීරා

එනිසා මෙහිදිම මිනිසා – යහපත් ලෙස හැසිරිය යුතු
ලොවේ තිබෙන හොඳ නැති දේ -‘වැරදි’ විලස දන්නේ නම්
නොමනා දිවියක් ගෙවන්ට – ඔහු හට කිසි කරුණක් නැත
මෙ ජීවිතය ස්වල්ප බව – නුවණැත්තෝ කියා තිබෙත්

780. පස්සාමි ලෝකේ පරිඵන්දමානං
පජං ඉමං තණ්හාගතං භවේසු
හීනා නරා මච්චුමුඛේ ලපන්ති
අවීතතණ්හා සේ භවාභවේසු

භවය තුළම ආශාවෙන් – එහිම මුළා වූ ජන කැල
එහිම හඬා වැටෙනා හැටි – හොඳින්ම මම දකිමි ලොවේ
ඒ ඒ ජීවිතයන් තුළ – ආශා දුරු කරගනු බැරි
ළාමක සිත් ඇති ජනයා – හඬා වැටෙත් මරු අභියස

781. මමායිතේ පස්සථ ඵන්දමානේ
මච්ඡේව අප්පෝදකේ ඛීණසෝතේ
ඒතම්පි දිස්වා අමමෝ චරෙය්‍ය
භවේසු ආසත්තිමකුබ්බමානෝ

වතුර සිඳුන දොළ පාරක – දඟලන මාළුන් විලසට
‘මගේ මගේ’ යයි සිතමින් – කම්පාවෙන සතුන් බලව
හඳුනාගෙන මෙම දෝසය – අතහැර ‘මාගේ’ අයිතිය
නොඇලී ලොව කිසිදෙයකට – සිහි නුවණින් හැසිරෙන්නේ

782. උභෝසු අන්තේසු විනෙය්‍ය ඡන්දං
ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධෝ
යදත්තගරහී තදකුබ්බමානෝ
න ලිප්පති දිට්ඨසුතේසු ධීරෝ

තමා මෙන්ම අනුන්ද යන – දෙපසේ ආශා දුරු කළ
නුවණින් දැන ස්පර්ශය – ගිජු නොම වී කිසි දෙයකට
තමාගෙන්ම දොස් ලැබෙනා – කිසි වරදක් නොම කරනා
නුවණැති අය නො ඇලේමය – අසනා දකිනා දෙයකට

783. සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං
පරිග්ගහේසු මුනි නෝපලිත්තෝ
අබ්බූළ්හසල්ලෝ චරං අප්පමත්තෝ
නාසිංසති ලෝකමිමං පරඤ්චාති

හඳුනන හැම නුවණින් දැන – තරණය කරමින් සැඩ ගඟ
ආශා ඇතිවන දේකට – නොඇලේ මුනිඳා කිසිවිට
මුලිනුපුටා කෙලෙස් යහුළ – පමා නොවී හැසිරෙන්නේ
මේ ලොව හෝ වෙනත් ලොවක් – කිසිදා හෝ නොපතන්නේ

ගුහට්ඨක සුත්තං නිට්ඨිතං.

ජීවිත ගුහාව ගැන ගාථා අටකින් වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M