ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

14. තුවටක සුත්තං

14. වහා ප්‍රතිඵල ලැබීමේ ක්‍රමය ගැන වදාළ දෙසුම

919. පුච්ඡාමි තං ආදිච්චබන්ධුං
විවේකං සන්තිපදඤ්ච මහේසිං
කථං දිස්වා නිබ්බාති භික්ඛු
අනුපාදියානෝ ලෝකස්මිං කිඤ්චි

(ප්‍රශ්නය)

සූර්ය වංශයේ ඉපදුන – මහ ඉසිවර මුනිඳාණනි
විමසා සිටිනෙමි ඔබගෙන් – විවේකය ත් සැනසීම ත්
මේ ලෝකේ කිසිම දෙයක් – කිසිම අයුරකින් නොම ගත්
භික්ෂුව නිවිලා යන්නේ – කෙලෙසින් ලොව දකින විටද?

920. මුලං පපඤ්ච සංඛාය (ඉති භගවා)
මන්තා අස්මීති සබ්බමුපරුන්ධේ
යා කාචි තණ්හා අජ්ඣත්තං
තාසං විනයා සදා සතෝ සික්ඛේ

(භාග්‍යවතුන් වහන්සේ,)

විමසා දැනගෙන නුවණින් – කෙලෙස් පඳුරු හැදෙනා මුල්
මානය තුළ පිළිගත් හැම – මුළින්ම උපුටා දමමින්
යම් තණ්හාවක් වේ නම් – තම සිත තුළ බල පවතින
ඒ හැම වැනසීම පිණිස – හික්මෙයි නුවණින් සැමදා

921. යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා
අජ්ඣත්තං අථවාපි බහිද්ධා
න තේන මානං කුබ්බේථ
න හි සා නිබ්බුති සතං වුත්තා

තමා කෙරෙහි පවතින හෝ – අන් කෙනෙකුන් තුළ පවතින
යම් කිසි උත්තම ගුණවත් – උසස් දෙයක් දැකගත් විට
එකරුණ මුල් කරගෙන හෝ – නො කරයි කිසිවිට මානය
ගුණවත් උතුමෝ නො කියති – මානය සැනසීමක් ලෙස

922. සෙය්‍යෝ න තේන මඤ්ඤෙය්‍ය
නීචෙය්‍යෝ අථ වාපි සරික්ඛෝ
ඵුට්ඨෝ අනේකරූපේහි
නාතුමානං විකප්පයං තිට්ඨේ

තමා උසස් කෙනෙක් විලස – එම කරුණින් නො සිතන්නේ
පහත් වෙමියි, හෝ සම වෙමි – යනුවෙන් හේ නො සිතන්නේ
කුමන අයුරකින් ලැබුණ ද – කොයි ආකාරයක දෙයක්
මානය ඇති කරගනිමින් – නො සිටිත් ඒ ගැන සිතමින්

923. අජ්ඣත්තමේව උපසමේ
න අඤ්ඤතෝ භික්ඛු සන්තිමේසෙය්‍ය
අජ්ඣත්තං උපසන්තස්ස
නත්ථි අත්තා කුතෝ නිරත්තා වා

තමා තුළින් හටගෙන ඇති – කෙලෙසුන් සංසිඳුවන්නේ
අනිකුත් මගකින් භික්ෂුව – නිවන් සැපය නො සොයන්නේ
තමා තුළ ම සංසිඳීම – ඇති කරගත් ඒ කෙනාට
ආත්ම දෘෂ්ටියක් නොමැත – කොයින් ලබනු උච්ඡේදය?

924. මජ්ඣේ යථා සමුද්දස්ස
ඌමි නෝ ජායති ඨිතෝ හෝති
ඒවං ඨිතෝ අනේජස්ස
උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි

මහ සමුදුර මැද රළ ගෙඩි – නොම පෙරළෙන නිහඬව ඇති
ශාන්ත වූ තැනක් වැනිය – තණ්හාවක් සිතේ නොමැති
නිවනේ නිසලව සිටිනා – අරහත් මුනිඳු ගේ මනස
කිසිම දෙයක් ගැන කිසිවිට – කිසිම ඇවිස්සීමක් නැත

925. අකිත්තයී විවටචක්ඛු
සක්ඛිධම්මං පරිස්සයවිනයං
පටිපදං වදේහි භද්දන්තේ
පාතිමොක්ඛං අථවාපි සමාධිං

(ප්‍රශ්නය)

ලෝකය විනිවිද දකින්ට – දෑස් ලැබුව මුනිඳාණන්
පෙන්වා දුන් සේක අපට – හැම උවදුරු දුරු කරවන
තමන් දුටුව ඒ සදහම්
එලෙසම පින්වත් මුනිඳුනි – බුදු සසුනේ ඇති පිළිවෙත්
සැප සාදාලන සිල් පද – සිතට ලැබෙන සමාධියත්
පවසාලනු මැනවි අපට

926. චක්ඛූහි නේව ලෝලස්ස
ගාමකථාය ආවරෙය්‍ය සෝතං
රසේ ච නානුගිජ්ඣෙය්‍ය
න ච මමායේථ කිඤ්චි ලෝකස්මිං

(භාග්‍යවතුන් වහන්සේ,)

ඇසින් දකිනා රුවට – ලොල් නොවී සිටින විට
පහත් දේවල් වලට – කන් නොදී සිටින විට
දිවෙන් විඳිනා රසට – ගිජුනොවී සිටින විට
ලොවේ කිසිවකට හේ – නොම කරයි මමත්වය

927. ඵස්සේන යදා ඵුට්ඨස්ස
පරිදේවං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි
භවං ච නාභිජප්පෙය්‍ය
භේරවේසු ච න සම්පවේධෙය්‍ය

යම් විටකදි තම සිරුරට – කටුක පහස ලැබෙනා විට
ඒ දෙය මුල්කරගෙන හේ – නොම වැළපේමය කිසිවිට
භවයක් නොම පතනා හේ – බිය උපදින නොයෙක් අයුරු
අරමුණු අබියස නොසැළී – සිටී අකම්පිත සිතකින්

928. අන්නානමථෝ පානානං
ඛාදනීයානං අථෝපි වත්ථානං
ලද්ධා න සන්නිධිං කයිරා
න ච පරිත්තසේ තානි අලභමානෝ

කෑම බීම හෝ රස ඇති – වළඳින කිසිවක් ලද විට
පොරවා ගන්නට සිරුරට – වස්ත්‍රයක් ද ලැබුණ විටක
කිසිවක් රැස් නොකරයි හේ
ඒවා නො ලැබෙන විටදී – කිසිම පසුතැවීමක් නැත

929. ඣායී න පාදලෝලස්ස
විරමේ කුක්කුච්චා නප්පමජ්ජෙය්‍ය
අථ ආසනේසු සයනේසු
අප්පසද්දේසු භික්ඛු විහරෙය්‍ය

නිරතුරුවම දැහැන් වඩයි – කල් නො ගෙවයි ඇවිද ඇවිද
සැක සංකා දුරු කරමින් – පමා නොවෙයි දහම් මගට
සන්සුන් වූ පරිසරයක – හිඳින නිදන තැන් ඇසුරින්
දහම තුළම වසන්නේය – නිවනට යොමු වූ සමණා

930. නිද්දං න බහුලීකරෙය්‍ය
ජාගරියං භජෙය්‍ය ආතාපී
තන්දිං මායං භස්සං ඛිඩ්ඩං
මේථුනං විප්පජහේ සවිභූසං

බොහො කොට නොනිදන්නේ වේ – වීරිය අරඹන්නේ වේ
කෙලෙසුන් දුරු කරදමන්ට – නිදි වරමින් වෙහෙසෙයි හේ
මායා හා අලස බවත් – කෙළි සෙල්ලම් හා කතාද
මෛථුනයේ හැසිරීමත් – ඇඟපත සරසා ගැනුමත්
දුරින්ම දුරු කරයි හෙතෙම

931. ආථබ්බණං සුපිනං ලක්ඛණං
නෝ විදහේ අථෝපි නක්ඛත්තං
විරුතඤ්ච ගබ්භකරණං
තිකිච්ඡං මාමකෝ න සේවෙය්‍ය

ගුරුකම් කටයුතු කිරීම – සිහින පලාපල කීමද
අත් සළකුණු බලා කීම – නැකැත් පොරොන්දම් බැලීම
සතුන් යොදා පේන කීම – ගැබ් වෙදහෙදකම් කිරීම
සාසන මාමක භික්ෂුව – නොකරන්නේමය කිසිවිට

932. නින්දාය නප්පවේධෙය්‍ය
න උන්නමෙය්‍ය පසංසිතෝ භික්ඛු
ලෝභං සහ මච්ඡරියේන
කෝධං පේසුනියඤ්ච පනුදෙය්‍ය

නින්දා අවමන් ලද විට – නො සැලෙන්නේමය කිසිවිට
කිත් පැසසුම් ලැබුණෝතින් – අහංකාර නොවේ එවිට
ලෝභ, මසුරු බව, ක්‍රෝධය – කේළාම් ද බැහැර කරයි

933. කයවික්කයේ න තිට්ඨෙය්‍ය
උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි
ගාමේ ච නාභිසජ්ජෙය්‍ය
ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය

සාසන මාමක භික්ෂුව – වෙළහෙළඳාමක් නො කර
නින්දාවක් ලැබෙන දෙයක් – කිසිම විටක හේ නො කරයි
ගම්වැසියන් හා එකතුව – ඇලී ගැලී කල් නො ගෙවයි
ලාබලෝබ ලබනු පිණිස – චාටු බොළඳ බස් නො කියයි

934. න ච කත්ථිකෝ සියා භික්ඛු
න ච වාචං පයුතං භාසෙය්‍ය
පාගබ්භියං න සික්ඛෙය්‍ය
කථං විග්ගාහිකං න කථයෙය්‍ය

තමා ගැනම මහ ඉහළින් – පුම්බාගෙන වැඩ නො කරයි
සිවුපසයක් ඉලක්ක කොට – කිසිම කතාවක් නො කරයි
තමන් ගෙවන ජීවිතයෙන් – හෝ වැටහෙන ඤාණයෙන්ද
රැකගන්නා සීලයෙන්ද – අනුන් ඉක්මවා නො සිතයි

935. මෝසවජ්ජේ න නිය්‍යේථ
සම්පජානෝ සඨානි න කයිරා
අථ ජීවිතේන පඤ්ඤාය
සීලබ්බතේන නාඤ්ඤමතිමඤ්ඤේ

බොරුවෙන් යුතු වූ කිසිවක් – නොම පවසන්නේය හෙතෙම
නුවණින් යුතුවම වසමින් – කපටි කමක් නො කරන්නේ
තමන් ගෙවන ජීවිතයෙන් – හෝ වැටහෙන ඤාණයෙන්ද
රැකගන්නා සීලයෙන්ද – අනුන් ඉක්මවා නො සිතයි

936. සුත්වා රුසිතෝ බහුං වාචං
සමණානං පුථුවචනානං
ඵරුසේන නේ න පටිවජ්ජා
න හි සන්තෝ පටිසේනිං කරොන්ති

ඇසෙනා විට බොහො රළු බස් – ආගම් අදහන අයගෙන්
පිළිතුරු බස් දෙන විටකදි – රළු බස් නොම පවසන්නේ
කෙලෙස් නිවාගත් උතුමෝ – එබඳු දෙයක් නො කරත් ම ය

937. ඒතඤ්ච ධම්මමඤ්ඤාය
විචිනං භික්ඛු සදා සතෝ සික්ඛේ
සන්තීති නිබ්බුතිං ඤත්වා
සාසනේ ගෝතමස්ස නප්පමජ්ජෙය්‍ය

සාසන මාමක භික්ෂුව – හොඳින් ඉගෙන මේ සදහම්
නුවණින් විමසා බලමින් – හික්මෙයි සිහියෙන් සැමදා
තුන් ලොවටම ඉහළ සැපත – අමා නිවන් සුව බව දැන
ගෞතම සම්බුදු සසුනේ – හික්මෙන්නේ නො පමාව ම

938. අභිභූ හි සෝ අනභිභූතෝ
සක්ඛිධම්මං අනීතිහමදස්සී
තස්මා හි තස්ස භගවතෝ සාසනේ
අප්පමත්තෝ සදා නමස්සමනුසික්ඛේති

කෙලෙසුන් ජයගත් හෙතෙමේ – නො හැකිය පරදවාලන්ට
ඇසූ පමණකින් ලැබගත් – දෙයක් නොවේ ඒ සදහම්
තමා තුළම අවබෝධෙන් – ඇති කරගත් දෙයකි දහම
එහෙයින් භගවත් මුනිඳුගෙ – උතුම් සසුන් මග යෙදෙමින්
නමස්කාර කොට මුනිඳුට – හික්මෙන්නේ නො පමාව ම

තුවටක සුත්තං නිට්ඨිතං.

වහා ප්‍රතිඵල ලැබීමේ ක්‍රමය ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M