ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

4. සුන්දරික භාරද්වාජ සුත්තං

4. සුන්දරික භාරද්වාජ නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මේ ආකාරයෙන්ය මා විසින් අසා දැනගන්නා ලද්දේ.

ඒකං සමයං භගවා කෝසලේසු විහරති සුන්දරිකාය නදියා තීරේ. තේන ඛෝ පන සමයේන සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ සුන්දරිකාය නදියා තීරේ අග්ගිං ජුහති. අග්ගිහුත්තං පරිචරති. අථ ඛෝ සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ අග්ගිං ජුහිත්වා අග්ගිහුත්තං පරිචරිත්වා උට්ඨායාසනා සමන්තා චතුද්දිසා අනුවිලෝකේසි. කෝ නු ඛෝ ඉමං හව්‍යසේසං භුඤ්ජෙය්‍යාති.

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි සුන්දරිකා නදී තෙර වැඩ වසන සේක. එකල සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙමේ සුන්දරිකා නදී තෙර ගිනි පුදයි. අග්නි හෝම පූජාවට උවමනා ද්‍රවය්‍යන්‍යයන් පිළියෙළ කරයි. එකල්හි සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ගිනිපුදා, අග්නිහෝම පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කොට නිමවා අසුනින් නැගිට හාත්පස සිව්දෙස බැලීය. ‘කවරෙක් නම් මේ පූජාවේ උතුම් කොටස වළඳන්නේ දැ’යි.

අද්දසා ඛෝ සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං අවිදූරේ අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ සසීසං පාරුතං නිසින්නං. දිස්වාන වාමේන හත්ථේන හව්‍යසේසං ගහෙත්වා දක්ඛිණේන හත්ථේන කමණ්ඩලං ගහෙත්වා යේන භගවා තේනුපසංකමි.

එවිට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ තමා අසළ එක්තරා රුක් සෙවණෙක හිස වටා පොරවා ගත් සිවුරෙන් යුතුව වැඩ සිටිනා භාග්‍යවතුන් වහන්සේව දුටුවේය. දැක, වම් අතින් පූජාවේ උතුම් කොටසද, දකුණතින් පැන් කෙණ්ඩියද ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය.

අථ ඛෝ භගවා සුන්දරික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස පද සද්දේන සීසං විවරි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ පියවර හඬ අසා තම හිස විවර කළ සේක.

අථ ඛෝ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මණෝ “මුණ්ඩෝ අයං භවං, මුණ්ඩකෝ අයං භවන්ති” තතෝ ව පුන නිවත්තිතුකාමෝ අහෝසි. අථ ඛෝ සුන්දරික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස ඒතදහෝසි.

එවිට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ “මේ භවතා හිස මුඩු කළ කෙනෙකි. මේ භවතා හිස මුඩු කළ කෙනෙකි” යි සිතා එතැනින් පෙරළා නවතිනු කැමති විය. එහෙත් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ හට මේ අදහස ඇති විය.

මුණ්ඩාපි හි ඉධේකච්චේ බ්‍රාහ්මණා භවන්ති. යන්නූනාහං උපසංකමිත්වා ජාතිං පුච්ඡෙය්‍යන්ති. අථ ඛෝ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච. කිං ජච්චෝ භවන්ති. අථ ඛෝ භගවා සුන්දරික භාරද්වාජං බ්‍රාහ්මණං ගාථාහි අජ්ඣභාසි.

ඇතැම් විට මෙහි හිස මුඩු කළ බ්‍රාහ්මණයෝද සිටිති. එහෙයින් මම මොහු වෙතට ගොස් උපන් ජාතිය විමසන්නෙම් නම් මැනවැ’යි. එකල්හි සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ “මේ භවතා කවර ජාතියක උපන්නෙක්දැයි” ඇසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ හට මේ ගාථාවලින් වදාළ සේක.

457. න බ්‍රාහ්මණෝ නෝම්හි න රාජපුත්තෝ
න වෙස්සායනෝ උද කෝචි නෝම්හි
ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං
අකිඤ්චනෝ මන්ත චරාමි ලෝකේ

බමුණෙක්ද නොවෙමි මම – නොවෙමි රජ කුමරෙක්ද
අයිති නැත මා වෙළඳ කුලයට – වෙනත් කිසි කුලයක්ද මට නැත
පුහුදුන් දනන් ගේ – ගෝත්‍රය අවබෝධ කරගෙන
බැහැරකොට සියළු කෙළෙසුන් – නුවණින් ලොවේ හැසිරෙමි

458. සංඝාටිවාසී අගහෝ චරාමි
නිවුත්තකේසෝ අභිනිබ්බුතත්තෝ
අලිප්පමානෝ ඉධ මානවේහි
අකල්ලං මං බ්‍රාහ්මණ පුච්ඡසි ගොත්තපඤ්හං

සඟළ සිවුරක් දරා – ගිහි දිවිය හැර දමා
කෙස් රැවුල් ඉවත් කොට – නිවුණු සිත සකස්කොට
සැරිසරමි නොඇලෙමින් – කිසි මිනිස් කුලයකට
එබඳු වූ මගෙන් දැන් – විමසුවේ බමුණ ඔබ
නුසුදුසු ගෝත්‍ර පැනයෙකි

459. පුච්ඡන්ති වේ භෝ බ්‍රාහ්මණා බ්‍රාහ්මණේහි
සහ බ්‍රාහ්මණෝ නෝ භවන්ති බ්‍රාහ්මණෝ
වේ ත්වං බ්‍රෑසි මඤ්ච බ්‍රෑසි අබ්‍රාහ්මණන්තං
සාවිත්තිං පුච්ඡාමි තිපදං චතුවීසතක්ඛරං

භවත, මෙහි සැබැවින්ම – විමසා සිටිත් බමුණෝ බමුණන්ගෙන්
“භවත, ඔබ බමුණෙක්ද? – බමුණු නොවනා කෙනෙක්දැයි” කියා.
එහෙත් සැබැවින්ම ඔබ – කියත් නම් මෙමා හට
බ්‍රාහ්මණ නොවන බව – අසමි මම වෙන දෙයක්
තුන් පදේකින් යුතු – සූවිසි අකුරකින් යුතු
ශුද්ධ වචනයක් ගැන – ඔබෙන් විමසා සිටිමි

460. කිං නිස්සිතා ඉසයෝ මනුජා ඛත්තියා බ්‍රාහ්මණා
දේවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ
යදන්තගු වේදගු යඤ්ඤකාලේ
යස්සාහුතිං තස්සිජ්ඣේති බ්‍රෑමි

මේ ලොවෙහි ඉසිවරුද – මිනිස් රජ බමුණෝද
දෙවිවරුන් හට මෙසේ – මන්ද පුද පූජා කරන්නේ?
හැම දෙයම ඉක්ම ගිය – දහමේද පරතෙර ගිය
යම් කෙනෙක් වඩිත් නම් පූජාවලට ඒ – පිළිගනිත් නම් දන්පැන්ද ඒ
අන්න ඒ යාගය නම් – මහත්ඵල යැයි කියමි මම්

461. අද්ධා හි තස්ස හුතමිජ්ඣේ (ඉති බ්‍රාහ්මණෝ)
යං තාදිසං වේදගුං අද්දසාමි
තුම්හාදිසානං හි අදස්සනේන
අඤ්ඤෝ ජනෝ භුඤ්ජති පූරළාසං

(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ)

සැබැවින්ම අද මගේ – යාගය සඵල වේමය
දහම තුළ පරතෙර පත් – ඔබ වැනි කෙනෙකු දුටුවෙමි
ඔබවහන්සේ වැනි අය – දකින්නට නොලැබෙන නිසා
වළඳයි අනෙක් ජනයා – අපගේ උතුම් භෝජන

462. තස්මාතිහ ත්වං බ්‍රාහ්මණ අත්ථේන
අත්ථිකෝ උපසංකම්ම පුච්ඡ
සන්තං විධූමං අනීඝං නිරාසං
අප්පේවිධ අභිවින්දේ සුමේධං

(භාග්‍යවතුන් වහන්සේ)

එම නිසා බමුණ ඔබ – යහපතේ අරුත දැන
සෙත සදාගනු කැමති වේ නම් – නිවුණු සිත් ඇති, ද්වේශයක් නැති
කිසි දුකක් නැති, ආශාව නැති – කෙනෙකු වෙත ගොස් අසව මෙකරුණ
මෙම කරුණ ගැන නැණවතෙකු – ඔබ හට ලබනු හැකිමය

463. යඤ්ඤේරතාහං භෝ ගෝතම
යඤ්ඤං යට්ඨු කාමෝ
නාහං පජානාමි අනුසාසතු මං භවං
යත්ථ හුතං ඉජ්ඣේ බ්‍රෑහි මේතං

(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ)

භවත් ගෞතමයාණනි,
යහපත කරනු කැමතිව – යාගයෙහි ඇලෙමි මම
එහෙත් නොම දනිමි මම – කළ මැනව අනුශාසනා මට
කවර කෙනෙකුට දන් පිදූ විට – මහත් අනුසස් ලබනු හැකිදැයි

464. තේන හි ත්වං බ්‍රාහ්මණ ඕදහස්සු සෝතං
ධම්මං තේ දේසිස්සාමි

(භාග්‍යවතුන් වහන්සේ)

එසේ වී නම් බමුණ – යොමු කරව සවන් යුග මනාකො
කියා දෙන්නෙමි ඔබට සදහම්

465. මා ජාතිං පුච්ඡි චරණං ච පුච්ඡ
කට්ඨා හවේ ජායති ජාතවේදෝ
නීචා කුලීනෝපි මුනී ධිතිමා
ආජානියෝ හෝති හිරීනිසේධෝ

ඇසිය යුතු නොවේමය – උපන් ජාතිය කිසිවිට
ඇසිය යුත්තේ නම් – ජීවිතය ගෙවන අයුරුය
දරලීය කුමක් වුව – සැබැවින්ම ගිනි හට ගනීමය
හීන කුලයේ හෝ- කුලීනව ඉපදුන නමුත්
නුවණින් යුතුව හේ – ලැජ්ජාවෙන්ද යුතු වී
හැම පව් දුරු කරයි නම් – උතුම් මුනිවරයෙක් වේ

466. සච්චේන දන්තෝ දමසා උපේතෝ
වේදන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ
කාලේන තම්හි හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

සත්‍යයෙන් හා දමනයෙන් යුතු – දැමුණු ඉඳුරන්ගෙන් සමන්විත
දහමේද පරතෙර ගිය – බඹසර දිවිය නිම කළ
කෙනෙක් ලොව සිටිත් නම් – ඔහු වෙතට පැමිණෙන
පින් කැමති බමුණු තෙම – සුදුසු කාලය දැනගෙන
දන් පැන් පිදිය යුතු වේ

467. යේ කාමේ හිත්වා අගහා චරන්ති
සුසඤ්ඤතත්තා තසරං ව උජ්ජුං
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

කාමයන් බැහැර කළ – ගෙදර වාසය අත්හළ
මනා සංයමයෙන් යුතු – ඇද නැතිව දණ්ඩක් ලෙස
සැරිසරන යම් කෙනෙක් වෙත් නම්
පින් කැමති බමුණු තෙම- සුදුසු කාලය දැනගෙන
දන් පැන් පිදිය යුතු වේ – එබඳු උතුමන් වෙත

468. යේ වීතරාගා සුසමාහිතින්ද්‍රියා
චන්දෝ’ව රාහුග්ගහණා පමුත්තා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

රාගයෙන් මිදී ගිය – ඉඳුරන්ද සමාහිත වූ
රාහුගෙ අතින් ගිලිහුන – පුන් සඳක් වැනි වූ
යම් කෙනෙක් වෙත් නම් ලොවේ
පින් කැමති බමුණු තෙම – සුදුසු කාලය දැනගෙන
දන් පැන් පිදිය යුතු වේ – එබඳු උතුමන් වෙත

469. අසජ්ජමානා විචරන්ති ලෝකේ
සදා සතා හිත්වා මමායිතානි
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

මමත්වය බැහැර කළ – සදා සිහිනුවණින් යුතු
නො ලැගෙමින් කිසි තැනක – හැසිරෙත්ද කෙනෙක් ලොව
පින් කැමති බමුණු තෙම – සුදුසු කාලය දැනගෙන
දන් පැන් පිදිය යුතු වේ – එබඳු උතුමන් වෙත

470. යේ කාමේ හිත්වා අභිභුය්‍යචාරි
යෝ වේදි ජාතිමරණස්ස අන්තං
පරිනිබ්බුතෝ උදකරහදෝව සීතෝ
තථාගතෝ අරහති පූරළාසං

කාමයන් බැහැර කොට – හැම කෙලෙස් මැඩ හැසිරෙන
උපදින මැරෙන ලොව – ඉක්මවාගෙන වැඩිය එතෙරට
දියවිලක් සේ සීතල – මුළුමණින් නිවුණු සිත
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

471. සමෝ සමේහි විසමේහි දූරේ
තථාගතෝ හෝති අනන්තපඤ්ඤෝ
අනූපලිත්තෝ ඉධ වා හුරං වා
තථාගතෝ අරහති පූරළාසං

බුදුවරුන් හට සම වූ – අනෙක් සැම හට දුර වූ
නුවණින් අනන්ත වූ – ලොව තථාගත වූ
මෙලොව හා පරලොව – නොබැඳෙනා කිසි ලොවකට
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

472. යම්හි න මායා වසතී න මානෝ
යෝ වීතලෝභෝ අමමෝ නිරාසෝ
පනුණ්ණ කෝධෝ අභිනිබ්බුතත්තෝ
යෝ බ්‍රාහ්මණෝ සෝකමලං අහාසි
තථාගතෝ අරහති පූරළාසං

මායාවක් නොමැති – කිසි මාන්නයකුත් නැති
ලෝභයෙන් තොර වූ – මමත්වය මුළුමණින් දුරු වූ
සිතේ ආශාවක් නැති – ක්‍රෝධ සිත් කිසිවක් නැති
පිරිනිවුන සිතින් යුතු – දුරු කළ ශෝක මලකඩ
බැහැර කළ පව් ඇති – “බමුණෙක්” කියා පවසන
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

473. නිවේසනං යෝ මනසෝ අහාසි
පරිග්ගහා යස්ස න සන්ති කේචි
අනුපාදියානෝ ඉධ වා හුරං වා
තථාගතෝ අරහති පූරළාසං

ලැග සිටිය හැම කෙලෙස් – සිතින් බැහැරට ඉවත් කළ
කෙනෙකු හට කිසිවිටෙක – නොමැති නම් කිසි කරදර
අල්ලා නොගෙන සිටිනා – මෙලොව හා පරලොව
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

474. සමාහිතෝ යෝ උදතාරි ඕඝං
ධම්මං චඤ්ඤාසි පරමාය දිට්ඨියා
ඛීණාසවෝ අන්තිමදේහධාරී
තථාගතෝ අරහති පූරළාසං

සමාහිත සිතින් යුතු – සැඩ පහර තරණය කළ
පිරිසිදු නුවණකින් යුතු – දහම හඳුනාගෙන සිටි
කෙලෙසුන් කෙරෙන් දුරු වී – අන්තිම සිරුර දරනා
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

475. භවාසවා යස්ස වචීඛරා ච
විධූපිතා අත්ථගතා න සන්ති
ස වේදගු සබ්බධි විප්පමුත්තෝ
තථාගතෝ අරහති පූරළාසං

භවයේ බැඳුණු සිත් – නොයෙක් දරදඬු රළු බස්
මුළුමණින් දැවී ගිය – නිවන දුටු මුනිඳුගේ සිත තුළ
හැම දෙයින් නිදහස් වී – පරතෙර වැඩිය දහමේ
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

476. සංගාතිගෝ යස්ස න සන්ති සංගා
සෝ මානසත්තෙසු අමානසත්තෝ
දුක්ඛං පරිඤ්ඤාය සඛෙත්තවත්ථුං
තථාගතෝ අරහති පූරළාසං

කෙලෙසුන් ඉක්ම ගිය – මුනිඳුන්ගෙ සිත තුළ
දැක්ක නොහැකිය යළි – කිසිවිටෙක ඒ කෙලෙසුන්
අහංකාර ලෝකයා අතරේ – නිරහංකාර කෙනෙකු වී
හේතු සහිතව හටගත් – දුකේ ඇති තතු දැකගත්
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

477. ආසං අනිස්සාය විවේකදස්සී
පරවේදියං දිට්ඨිමුපාතිවත්තෝ
ආරම්මණා යස්ස න සන්ති කේචි
තථාගතෝ අරහති පූරළාසං

එක් නොවී ආශාව සමඟින් – විවේකය හැමවිටම දකිමින්
අනුන් හැම පැටළී යන – මතවාද ඉක්මවමින්
කෙලෙස් ඇතිවන අරමුණු – නොපිහිටන සිතකින් යුතු
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

478. පරෝවරා යස්ස සමෙච්ච ධම්මා
විධූපිතා අත්ථගතා න සන්ති
සන්තෝ උපාදානඛයේ විමුත්තෝ
තථාගතෝ අරහති පූරළාසං

ඇතුළත, පිටත ඇති – සියළු ලෝ තතු දැනගෙන
දවමින් සියළු අකුසල් – එතෙර වැඩි මුනිඳුන් තුළ
නොමැතිමය කිසි අකුසල්
නිවී ගිය සිතින් යුතු – ගෙවා ගෙන හැම බන්ධන
සදහටම නිදහස් වූ
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

479. සංයෝජනං ජාතිඛයන්තදස්සී
යෝපානුදි රාගපථං අසේසං
සුද්ධෝ නිද්දෝසෝ විමලෝ අකාමෝ
තථාගතෝ අරහති පූරළාසං

සසරේ බැඳ තබන – යළි උපතද සදන
හැම දෙය ගෙවා – අවසන් කළ භව ගමන
රාග සැදෙනා මග – වැනසූ ඉතිරි නැතිවම
දොස් නිදොස් වී – කාම මලකඩ බැහැර කළ
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

480. යෝ අත්තනාත්තානං නානුපස්සති
සමාහිතෝ උජ්ජුගතෝ ඨිතත්තෝ
ස වේ අනේජෝ අඛිලෝ අකංඛෝ
තථාගතෝ අරහති පූරළාසං

සදාකාලික කිසිවක් – තමා තුළ කිසි ලෙසින් නොදකින
සමාහිත, සෘජු ගුණෙන් යුතු වී – නිවනේම නොම සැලී සිටිනා
තණ්හා, කෙලෙස් හුල්, සැක – කිසිවකුත් සැබැවින්ම නැති වූ
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

481. මෝහන්තරා යස්ස න සන්ති කේචි
සබ්බේසු ධම්මේසු ච ඤාණදස්සී
සරීරං ච අන්තිමං ධාරේති
පත්තෝ ච සම්බෝධිමනුත්තරං සිවං
එත්තාවතා යක්ඛස්ස සුද්ධි
තථාගතෝ අරහති පූරළාසං

මුළාවක පැටලෙන කිසිත් නැති – හැම දෙයම දකිනා නුවණ ඇති
අවසන් සිරුර දරනා – සොඳුරු සම්බෝධියට පැමිණුන
මෙපමණකින්ම හේ – සදහටම පිරිසිදු වෙයි
ඒ තථාගත තෙමේ – සුදුසු වේ උතුම් බොජුන් පිදුමට

482. හුතං ච මය්හං හුතමත්ථු සච්චං
යං තාදිසං වේදගුනං අලත්ථං
බ්‍රහ්මා හි සක්ඛී පතිගණ්හාතු මේ භගවා
භුඤ්ජතු මේ භගවා පූරළාසං

(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ)

මගේ මේ යාගය – වේවා සැබෑම යාගයක්!
ලදිමි ඔබ වැනි උතුමෙකු – දහම තුළ පරතෙර පත්
මහ බඹහු දැක්කා වැනිය – දැන් ඉතින් මට නම්
භගවතාණෙනි ඔබ – මගේ දන පිළිගත මැන!
මේ උතුම් භෝජන – වළඳනු මැනවි භගවතාණෙනි

483. ගාථාභිගීතං මේ අභෝජනෙය්‍යං
සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ
ගාථාභිගීතං පනුදන්ති බුද්ධා
ධම්මේ සතී බ්‍රාහ්මණ වුත්තිරේසා

(භාග්‍යවතුන් වහන්සේ)

වළඳනු සුදුසු නැත ගීයෙන් ලද බොජුන
සිරිතද නොවේ කෙනෙකුට දහමේ රැඳුන
බුදුවරු නොවළඳති පිඬු මෙලෙසට ලැබුණ
සලකනු බමුණ, මෙය දහමකි ලොව සැදුන

484. අඤ්ඤේන ච කේවලිනං මහේසිං
ඛීණාසවං කුක්කුච්චවූපසන්තං
අන්නේන පානේන උපට්ඨහස්සු
ඛෙත්තං හි තං පුඤ්ඤපේඛස්ස හෝති

පිරිපුන් ගුණ දමින් සපිරුණ උතුමන්ට
සන්සුන් ගති දරන නිකෙලෙස් රහතුන්ට
අහරින් පැනින් ඒ උතුමන් සලකන්ට
සුදුසුය බමුණ පිං කෙත හඳුනාගන්ට

485. සාධාහං භගවා තථා විජඤ්ඤං
යෝ දක්ඛිණං භුඤ්ජෙය්‍ය මාදිසස්ස
යං යඤ්ඤකාලේ පරියේසමානෝ
පප්පුය්‍ය තව සාසනං

(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ)

ලොව පිදුම් ලැබුමට – සුදුසු කෙනෙකුන් සිටිත් නම්
මා වැනි කෙනෙකුගෙන්- දන් පිළිඅරන් වළඳන
යාගයක් පැමිණි විට – එබඳු උතුමෙකු සොයා ගන්නට
හැකි විලස මෙමා හට – කියා දෙනු මැන, භගවතාණෙනි

486. සාරම්භා යස්ස විගතා චිත්තං යස්ස අනාවිලං
විප්පමුත්තෝ ච කාමේහි ථීනං යස්ස පනූදිතං

එකටෙක හැපෙන නුහුගුණ නැති වී තිබෙන
තම සිත හැම විටම නොම කැළඹී තිබෙන
කාමය කෙරෙන් නිති නිදහස් වී සිටින
නිදිමත අලස ගති යළි කිසිදින ඇති නොවන

487. සීමන්තානං විනේතාරං ජාතිමරණකෝවිදං
මුනිං මෝනෙය්‍යසම්පන්නං තාදිසං යඤ්ඤමාගතං

මැඩලූ හැම කෙලෙස් සීමා ලොව රැඳුන
ඇති තතු දැකිය හැකි මේ ඉපදෙන මැරෙන
සිටිනා මුනිවරුය මුනිගුණයෙන් පිරුණ
දැන ගත යුතුය එතුමන් දනකට වඩින

488. භුකුටිං විනයිත්වාන පඤ්ජලිකා නමස්සථ
පූජේථ අන්නපානේන එවං ඉජ්ඣන්ති දක්ඛිණා

එබඳු උතුමන් දුටු විට – බැම හැකිලීම දුරු කොට
ඇඳිලි බැඳ නමදිව් – දන් පැන්ද පිළිගන්වව්
මෙලෙසින්ය දන- මහත්ඵල වන්නේ

489. බුද්ධෝ භවං අරහති පූරළාසං
පුඤ්ඤක්ඛෙත්තමනුත්තරං
ආයාගෝ සබ්බලෝකස්ස
භෝතෝ දින්නං මහප්ඵලන්ති

(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ)

භවත් බුදුරජාණෝ – උතුම් බොජුනට සුදුසු වෙත්මය
අනුත්තර පිං කෙත ලොව – ඔබ වහන්සේ පමණය
හැම ලෝ සතුන් මෙහි – පැමිණ පිදිය යුත්තේද ඔබමය
පිදූ දන් ඔබතුමාණන් හට – මහත්ඵල ලැබදේමය

අථ ඛෝ සුන්දරිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච.

ඉක්බිති සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය.

අභික්කන්තං භෝ ගෝතම…. අලත්ථ ඛෝ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං…. අරහතං අහෝසීතී.

පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරය… සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබුවේය. උපසම්පදාවද ලැබුවේය…. ආයුෂ්මත් භාරද්වාජයන්, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වූහ.

සුන්දරික භාරද්වාජ සුත්තං නිට්ඨිතං.

සුන්දරික භාරද්වාජ නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M