ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

11. නාලක සුත්තං

11. නාලක නිසා වදාළ දෙසුම

682. ආනන්දජාතේ තිදසගණේ පතීතේ
සක්කං ච ඉන්දං සුචිවසනේ ච දේවේ
දුස්සං ගහෙත්වා අතිරිව ථෝමයන්තේ
අසිතෝ ඉසි අද්දස දිවාවිහාරේ

තව්තිසා දෙව් පිරිස – ආනන්ද සිත් ඇතිව
ඉන්‍ද්‍ර වූ සක් දෙවිඳු – බැති සිතින් පුද දෙමින්
රැගෙන දිවසළු දුහුල් – හාත්පස බමවමින්
තුටු සිතින් කල් ගෙවන හැටි දිටී
අසිත ඉසිවර තෙමේ – දිවා විහරණේදී

683. දිස්වාන දේවේ මුදිතමනේ උදග්ගේ
චිත්තිං කරිත්වා ඉදමවෝචාසි තත්ථ
කිං දේවසංඝෝ අතිරිව කල්‍යරූපෝ
දුස්සං ගහෙත්වා භමයථ කිං පටිච්ච

ඔද වැඩී ගිය සිතින් – ප්‍රීති ප්‍රමුදිත සිතින්
සිටින දෙව් පිරිස දැක – සිත උපන් සෙනෙහසින්
විමසීය ඉසිතුමා මේ ලෙසින්
“කිම්ද දෙව් පිරිස ඔබ – මහත් සොම්නස් විලස
සිනිඳු දිව සළු නගා – සිසාරා බමන්නේ”?

684. යදාපි ආසී අසුරේහි සංගමෝ
ජයෝ සුරානං අසුරා පරාජිතා
තදාපි නේතාදිසෝ ලෝමහංසනෝ
කිං අබ්භුතං දට්ඨු මරූ පමෝදිතා

අසුරයන් හා එදා – මහා යුධ වැදුනු දා
අසුරයන් පරදවා – සුරන් දිනු විට පවා
නොමැත තිබුණේ එදා – මෙවැනි ලොමු දහගැනුම්
කවර නම් අසිරියක් – දුටුවහුද දෙවිවරුනි
මේ තරම් ප්‍රමුදිතව තුටු වෙන්නේ?

685. සේලෙන්ති ගායන්ති ච වාදයන්ති ච
භුජානි පෝඨෙන්ති ච නච්චයන්ති ච
පුච්ඡාමි වෝහං මෙරුමුද්ධවාසිනේ
ධුනාථ මේ සංසයං ඛිප්පමාරිසා

නගත්මය නළා හඬ මුවින්
ගයත්මය මිහිරි ගී – වයත්මය පසඟතුරු
දෙඅත් පොළත් – නට නටා සිටිත්
මේරු මුදුන් වැසි දෙවියනි – අසමි මම ඔබෙන්
දුක් කරදර නැති දෙවිඳුනි,
දුරු කරන්න වහා – සැක මගේ සිතේ

686. සෝ බෝධිසත්තෝ රතනවරෝ අතුල්‍යෝ
මනුස්සලෝකේ හිතසුබතාය ජාතෝ
සක්‍යාන ගාමේ ජනපදේ ලුම්බිනෙය්‍යේ
තේනම්හ තුට්ඨා අතිරිව කල්‍යරූපා

(දෙවිවරු)

ලොවේ අසම – උතුම් මැණික – ඒ බෝසත් පුතු
සැම සතුනට සෙත සදන්ට – ඉපදුනා මිනිස් ලොවේ
ශාක්‍ය ජනපදේ – ගමේ ලුම්බිණී
එනිසා අපි තුටු වෙමු – සතුටින් ඉල්පී යමූ

687. සෝ සබ්බසත්තුත්තමෝ අග්ගපුග්ගලෝ
නරාසභෝ සබ්බපජානමුත්තමෝ
වත්තෙස්සති චක්කං ඉසිව්හයේ වනේ
නදං ව සීහෝ බලවා මිගාභිභූ

එතුමාණෝ හැම සත්නට – උතුමාණෝ වෙති
ලොවට අග්‍ර වූ – උතුම් පුරුෂයාණෝ
සියලු දෙනාටම වඩා – උතුම් පින්වතාණෝ
හැම සතුන්ගේ හඬ මැඬලන – සිංහ නාදයක් ලෙසින්
ඉසිපතනේ මුව වනේ – පවත්වන්නෙ දම්සක

688. තං සද්දං සුත්වා තුරිතමවංසරී සෝ
සුද්ධෝදනස්ස තදා භවනං උපාගාමි
නිසජ්ජ තත්ථ ඉදමවෝචාසි සක්‍යේ
කුහිං කුමාරෝ අහම්පි දට්ඨුකාමෝ

හේ ඒ දෙව් බස අසා – බැසගති මෙලොවට වහා
සුද්ධෝදන නිරිඳුගේ – භවන වෙතට පැමිණියේ
එහි වැඩහුන් ඉසිතුමා – සැකි නිරිඳුට මෙලෙස කී
“මම් දකින්ට රිසියෙමි – කොහිද එ බෝසත් බබා”

689. තතෝ කුමාරං ජලිතමිව සුවණ්ණං
උක්කාමුඛේව සුකුසලසම්පහට්ඨං
දද්දල්ලමානං සිරියා අනෝමවණ්ණං
දස්සේසු පුත්තං අසිතව්හයස්ස සක්‍යා

කෝවෙහි දමමින් සොඳින් – තැනවූ සිත් කලු ලෙසින්
සැකසූ රන් කරු විසින් – දිළි රනබරණක් ලෙසින්
සිරියාවෙන් බබළන – පැහැයෙන් නොම ලාමක
බෝසත් පුතු පෙන්නුවෝ – නිරිඳාණෝ අසිතට

690. දිස්වා කුමාරං සිඛිමිව පජ්ජලන්තං
තාරාසභං ව නභසිගමං විසුද්ධං
සුරියං තපන්තං සරදරිවබ්භමුත්තං
ආනන්දජාතෝ විපුලමලත්ථ පීතිං

දිලෙන පහන් සිල ලෙසේ
සොඳුරු නිල් අහස් කුසේ – බබලන තරුපති ලෙසේ
සරත් වළාවෙන් තොර වූ – අහසේ දිළෙන හිරු ලෙසේ
බෝසත් බිළිඳා දුටු විට – පත් විය මහ සතුටට

691. අනේකසාඛඤ්ච සහස්සමණ්ඩලං
ඡත්තං මරූ ධාරයුමන්තලික්ඛේ
සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා
න දිස්සරේ චාමරඡත්තගාහකා

නොයෙකුත් අතු විහිදුන – දහස් මඬුළු සැරසුන
කුඩයක් දැරුවෝ දෙවියෝ – අහස් කුසේ රැඳෙමින
රන්වන් සැරයටි අගින් – සැලුණේ චාමර සොඳින්
චාමර – කුඩ ගත් කිසිවෙක් – දැක ගන්නට නොපෙනෙතී

692. දිස්වා ජටී කණ්හසිරිව්හසෝ ඉසි
සුවණ්ණනෙක්ඛං විය පණ්ඩුකම්බලේ
සේතඤ්ච ඡත්තං ධරියන්තමුද්ධනි
උදග්ගචිත්තෝ සුමනෝ පටිග්ගහේ

එහි ඉහළින් සුසැදුන – සුදු කුඩයේ සෙවණක
රත් පලසක් මැද තිබෙනා – රනබරණක් විලසට
බෝසත් පුතු දුටු විට – පාමින් සොම්නස් සිත
ජටා මඬුළු දැරූ අසිත – පිළිගති ඒ කුමරුව

693. පටිග්ගහෙත්වා පන සක්‍යපුංගවං
ජිගිංසකෝ ලක්ඛණමන්තපාරගූ
පසන්නචිත්තෝ ගිරමබ්භුදීරයි
අනුත්තරායං දිපදානමුත්තමෝ

මහාපුරිස සළකුණු ගැන – පරතෙර පත් ඉසිතුමා
පිළිගෙන බෝසත් පුතු – විමසී ගත සළකුණු
පහන් සිතින් සතුටු වෙමින් – පැවසී සුමිහිරි බසින්
“මේ පින්වත් සිඟිති පුතා – ලොවට උතුම් වේය ඉතා
දෙපා සතුන් අතරත – උතුම් බවට පත්වෙත”

694. අථත්තනෝ ගමනමනුස්සරන්තෝ
අකල්‍යරූපෝ ගලයති අස්සුකානි
දිස්වාන සක්‍යා ඉසිමවෝචුං රුදන්තං
නෝ චේ කුමාරේ භවිස්සති අන්තරායෝ

තමනුත් උපදින තැන – නුවණින් සිහි කළ තැන
සතුටක් නොමැතිව සිත තුළ – කඳුළක් ඉනුවේ ඇස තුළ
කඳුළු හෙළන ඉසිතුමා – දැක තැති ගත් ශාක්‍යයෝ
“කුමරුන් හට අනතුරක්ද – එසේ නොවෙත් දෝ හෝ”?
යි විමසූ ඒ අසිතගෙන්

695. දිස්වාන සක්‍යේ ඉසිමවෝච අකල්ල්‍යේ
නාහං කුමාරේ අහිතමනුස්සරාමි
න චාපි මස්ස භවිස්සති අන්තරායෝ
න ඕරකෝයං අධිමානසා භවාථ

සතුටක් නැති ශාක්‍යයන් – දෙස විමසූ අසිතයන්
“කුමරුන්ගේ දිවි ගැන – අහිත නොසිතුවෙමි මම
සිඟිත්ත ගැන දැකගන්නට – නොපෙනේ කිසි අනතුරක්
මෙහි වැඩ සිටිනා බබා – සුළු පටු නොවෙතිය ඉතා
මේ දරු ගැන සිත සිතා – තුටු වෙව් සිත හැර දුකා”

696. සම්බෝධියග්ගං ඵුසිස්සතායං කුමාරෝ
සෝ ධම්මචක්කං පරමවිසුද්ධදස්සී
වත්තෙස්සතායං බහුජනහිතානුකම්පී
විත්ථාරිකස්ස භවිස්සති බ්‍රහ්මචරියං

“ලැබ ගනු ඇත මේ පුතා – ලොවේ අනුත්තර බුදු බව
මහා කාරුණික වෙමින් – සැමටම සෙත සළසමින්
පරම නිමල දැකුම් ඇතිව – දම්සක් දෙසමින් යනු ඇත
බුදු සසුනද මෙතුමන්ගේ – හැම දෙස පැතිරී යන්නේ

697. මමං ච ආයු න චිරමිධාවසේසෝ
අථන්තරා මේ භවිස්සති කාලකිරියා
සෝහං න සොස්සං අසමධුරස්ස ධම්මං
තේනම්හි අට්ටෝ ව්‍යසනගතෝ අඝාවී

එහෙත් බොහෝ කල් සිටින්ට – නැත මට ආයුෂ ලබන්ට
සුළු කලකින් ටික දිනකින් – මරණය මට නම් නියතය
අසම සවිය ඇති මුනිඳුගෙ – බණ අසන්ට නොලැබේ මට
නොලැබෙනු දැක අමා සුවය – මම ඒ ගැන දුක් වෙමී

698. සෝ සාකියානං විපුලං ජනෙත්වා පීතිං
අන්තේපුරම්හා නිරගමා බ්‍රහ්මචාරී
සෝ භාගිනෙය්‍යං සයමනුකම්පමානෝ
සමාදපේසි අසමධුරස්සධම්මේ

ශාක්‍යයන්ගේ සිත් තුළ – මහත් සොම්නසක් ඇති කොට
ඇතුළු නගරයෙන් බැහැරට – ගියේය ඒ බ්‍රහ්මචාරී ඉසිතුමා
අනුකම්පා සිතින් යුතුව – ඇමතී තම බෑණනුවන්
අසම සවිය ඇති මුනිඳුගේ – දහම සමාදන් කරවී

699. බුද්ධෝති ඝෝසං යදපරතෝ සුණාසි
සම්බෝධිපත්තෝ විවරති ධම්මමග්ගං
ගන්ත්වාන තත්ථ සමයං පරිපුච්ඡියානෝ
චරස්සු තස්මිං භගවති බ්‍රහ්මචරියං

“බුද්ධ” යන මිහිරි හඬ – අසන්නට ලැබෙන විට
බුදු බවට පත් මුනිඳු – දහම් මග දෙසන විට
දහම් අසමින් එතැන – ගොස් සිතද පහන්කොට
ඔබත් හැසිරෙනු මැනව – සමිඳුන්ගෙ සසුන් මග

700. තේනානුසිට්ඨෝ හිතමනසේන තාදිනා
අනාගතේ පරමවිසුද්ධදස්සිනා
සෝ නාළකෝ උපචිතපුඤ්ඤසඤ්චයෝ
ජිනං පතික්ඛං පරිවසි රක්ඛිතින්ද්‍රියෝ

ලබාගෙන අවවාද – එකඟ කරගෙන සිතද
අනාගතයේ ඔබද – අවබෝධ කරගන්න පරම පිවිතුරු නිවන
එකතු කරගත් පිනෙන් යුතු – පින්වත් නාලක තෙමේ
බුදු සමිඳු වෙනුවෙන්ම – විසී තම ඉඳුරන්ද රකිමින්

701. සුත්වාන ඝෝසං ජිනවරචක්කවත්තනේ
ගන්ත්වාන දිස්වා ඉසිනිසභං පසන්නෝ
මෝනෙය්‍යසෙට්ඨං මුනිපවරං අපුච්ඡි
සමාගතේ අසිතව්හයස්ස සාසනේති

නාලක ශ්‍රමණ තෙම,
බුදු සමිඳුගේ දම්සක් – පැවතුම් නිසා පැතිරුන
දහම් ඝෝෂාව අසමින් – එහි සොයා ගෙන ගොස්
සුපහන් සිතින් යුතු වී – දැක භගවත් ඉසිවරයාණන්
උතුම් මුනිවත ගැන ඇසී – උතුම් මුනිඳාණන්ගෙන්
අසිත තවුසා දුන් – අවවාදයට පැමිණියේ කල්

(වත්‍ථු ගාථා)

දෙසුමට අදාළ මූලික ගාථාවෝ

702. අඤ්ඤාතමේතං වචනං අසිතස්ස යථාතථං
තං තං ගෝතම පුච්ඡාම සබ්බධම්මානපාරගුං

පින්වත් ගෞතම මුනිඳුනි – දැන ගත්තෙමි මම මුලින්ම
අසිත ඉසිතුමා මා හට – පැවසූ ඒ සැබෑ වදන්
හැම දහමේ පරතෙර වැඩි – මුනිඳාණන් ගෙන් විමසමි

703. අනගාරියුපේතස්ස භික්ඛචරියං ජිගිංසතෝ
මුනි ප්‍රබෑහි මේ පුට්ඨෝ මෝනෙය්‍යං උත්තමං පදං

පැවිදි දිවිය ලැබුව කෙනා – පිණ්ඩපාතයෙන් යැපෙනා
හැසිරෙන උත්තම “මුනිවත” – කියා දෙන්න මුනිඳාණනි

704. මෝනෙය්‍යං තේ උපඤ්ක්‍දිස්සං (ඉති භගවා)
දුක්කරං දුරභිසම්භවං
හන්ද තේ නං පවක්ඛාමි සන්ථම්භස්සු දළ්හෝ භව

(භාග්‍යවතුන් වහන්සේ)

පවසන්නෙමි මම ඔබ හට – සැබෑ ලෙසම එම මුනිවත
අපහසුවෙන් කළ යුතු වූ – අපහසුවෙන් ලැබ ගත යුතු
ඒ මුනිවත කරා යන්ට – හිතට මහත් දිරිය ගන්න
දැඩි ලෙස අදිටන් කරන්න

705. සමානභාගං කුබ්බේථ ගාමේ අක්කුට්ඨවන්දිතං
මනෝපදෝසං රක්ඛෙය්‍ය සන්තෝ අනුන්නතෝ චරේ

ගමක දි නින්දා කළ විට – වැඳුම් පිදුම් කළ විට හෝ
කුමන අයුරකින් ලැබුනද – එය සම ලෙස සළකගන්න
තරහ සිතට ඉඩක් නොදී – සන්සුන් සිත සුරැක ගන්න
මාන්නයෙන් උඩඟු නොවී – ශාන්ත ලෙස කල් ගෙවන්න

706. උච්චාවචා නිච්ඡරන්ති දායේ අග්ගිසිඛූපමා
නාරියෝ මුනිං පලෝභෙන්ති තාසු තං මා පලෝභයුං

වසනා විට වන ගැබ තුළ – ඔබ හමුවට එයි අරමුණු
කුඩා මහත් නොයෙක් ලෙසට – දිළිසෙන ගිණිසිළු විලසට
මායා ඇති වනිතාවෝ – මුනිවරුන්ව රවට ගනිත්
එනමුදු ඒ වනිතාවෝ – ඔබ නම් නොම රවටත්වා!

707. විරතෝ මේථුනා ධම්මා හිත්වා කාමේ පරෝවරේ
අවිරුද්ධෝ අසාරත්තෝ පාණේසු තසථාවරේ

මෛථුනයෙන් වෙන් වීමෙන් – ලස්සන, කැත කාමයන්ද දුර ලීමෙන්
තැති ගන්නා, තැති නොගන්න – ලොවේ සියළු සතුන් කෙරෙහි
නොගැටෙන්නෙ ය – නො ඇලෙන්නෙය

708. යථා අහං තථා ඒතේ යථා ඒතේ තථා අහං
අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ

මා යම් සේ සැප කැමතිද – මේ පිරිසත් මා වගේය
මේ අය දුක නොම කැමතිද – මාත් මෙබඳු අය වගේය
තමා ගැනම උපමා කොට – අනුන්ගෙ පණ නොනසන්නේ
වෙන කෙනෙකුන් යොදවා හෝ – ඝාතනයක් නොකරන්නේ

709. හිත්වා ඉච්ඡං ච ලෝභං ච යත්ථ සත්තෝ පුථුජ්ජනෝ
චක්ඛුමා පටිපජ්ජෙය්‍ය තරෙය්‍ය නරකං ඉමං

ලොව පුහුදුන් දන ඇලෙනා – ළාමක ආශා ලෝභය
දුරින්ම දුරු කර දමමින් – දහම් ඇසින් ලොව දකිමින්
මේ මුනිවත පිළිපදිමින් – තරණය කරන්නේය මේ නරකය

710. ඌනූදරෝ මිතාහාරෝ අප්පිච්ඡස්සඅලෝලුපෝ
සචේ ඉච්ඡාය නිච්ඡාතෝ අනිච්ඡෝ හෝති නිබ්බුතෝ

කුසේ පමණට අහර පිළිගෙන – මනා නුවණින් යුතුව වළඳන
අල්ප දෙයකින් සතුට ලැබගෙන – ලොල් නොවී ඒ කිසිම දෙයකට
සැබැවින්ම තණ්හාව දුරු කළ – කෙනා කිසිවක් කැමති නොම වී
නිවී ගිය සිත් ඇති කෙනෙක් වේ

711. සපිණ්ඩචාරං චරිත්වා වනන්තමභිහාරයේ
උපට්ඨිතෝ රුක්ඛමූලස්මිං ආසනූපගතෝ මුනි

වනේ වසනා එබඳු සමණා – පිණ්ඩපාතය ලබා වළඳා
යළිත් වනයට වැඩමකොට එහි – රුක් සෙවනෙ හිඳ බවුන් වඩමින්

712. ස ඣානපසුතෝ ධීරෝ වනන්තේ රමිතෝ සියා
ඣායේථ රුක්ඛමූලස්මිං අත්තානමභිතෝසයං

දැහැන් වඩනා ඒ නැණැති සමණා – සතුටු වෙයි අරණෙ වසමින්
සමවතේ සිත පිනා යවමින් – සමාහිත වෙයි රුකක් සෙවණේ

713. තතෝ රත්‍යා විවසනේ ගාමන්තමභිහාරයේ
අව්හානං නාභිනන්දෙය්‍ය අභිහාරං ච ගාමතෝ

මෙලෙස ගතකොට රෑ ගෙවුන විට – පිඬු පිණිස හේ ගමට යන්නේ
ඇරයුමක් කිසි නොපිළිගන්නේ – ගමෙන් කිසිවක් නොම පතන්නේ

714. න මුනි ගාමමාගම්ම කුලේසු සහසා චරේ
ඝාසේසනං ඡින්නකථෝ න වාචං පයුතං භණේ

මුනිවරුන් ගම තුළට වැඩි කළ – නොහැසිරේ සැහැසි ව නිවෙස්වල
පිණ්ඩපාතය නොම ලැබුණ විට – පිණ්ඩපාතය ලැබෙන විලසට
කිසිම රැවටිලි බසක් නොකියයි.

715. අලත්ථං යදිදං සාධු නාලත්ථං කුසලං ඉති
උභයේනේව සෝ තාදි රුක්ඛං ව උපනිවත්තති

පිණ්ඩපාතය ලැබේ නම් මට – එයද කම් නැත
යම් විටක පිඬු නොම ලැබේ නම් – එයද කම් නැත
ලැබෙන හෝ නොම ලැබෙන විට හෝ – සිතේ කම්පාවක් නොමැත්තේ
ගසක පළතුරු සොයා ගිය අය – හැර දමා යන ලෙසට ඒ ගස
මැදහත්ව කල් ගෙවයි හෙතෙමේ

716. ස පත්තපාණී විචරන්තෝ අමූගෝ මූගසම්මතෝ
අප්පං දානං න හීළෙය්‍ය දාතාරං නාවජානිය

පාත්‍රය අතට ගෙන – පිඬුසිඟා වඩින විට
ගොළු නොවී සිටින හේ – ගත කරයි ගොළුවෙකු ලෙසින්
“ලැබුණේ මේ දන් ටිකක් නේදැ”යි – කිසිවිට හෙළා නොදකී
තමා හට දන් පුදන පිරිසට – කිසි අවමනක් නොකරයි

717. උච්චාවචා හි පටිපදා සමණේන පකාසිතා
න පාරං දිගුණං යන්ති න ඉදං ඒකගුණං මුතං

පවසන ලදි ඒ සමණිඳු – උසස් පහත් හැම පිළිවෙත්
පිළිවෙත් සොඳ ලෙස පුරමින් – දෙවරක් එතෙරට නොම යත්
එක ගමනින් යන මේ මග – ලොවේ බොහෝ අය නොදනිත්

718. යස්ස ච විසතා නත්ථි ඡින්නසෝතස්ස භික්ඛුනෝ
කිච්චාකිච්චප්පහීනස්ස පරිළාහෝ න විජ්ජති

තදින් ගලන කෙලෙස් වතුර – සිඳ හළ යම් සමණෙකු හට
තණ්හාවක් නැත්තේමය – හැම කටයුතු නිමා කෙරුව
ඒ සමණා හට කිසිවිට – කිසිම දාහයක් නැත්මය

719. මෝනෙය්‍යං තේ උපඤ්ක්‍දිස්සං (ඉති භගවා)
ඛූරධාරූපමෝ භවේ
ජිව්හාය තාලුං ආහච්ච උදරේ සඤ්ඤතෝ සියා

පැවසූයෙමි මම ඔබ හට – සැබෑ ලෙසම එම මුනිවත
දැළි පිහියක මුවහත සේ – ඉතා තියුණු ලෙස පවතින
දිවෙන් තල්ල මැඩලා ගෙන – සංවර කළ මැන උදරය

720. අලීනචිත්තෝ ච සියා න චාපි බහු චින්තයේ
නිරාමගන්ධෝ අසිතෝ බ්‍රහ්මචරියපරායනෝ

කම්මැලි නැති සිතින් යුතුව – බාහිර සිතිවිළි නොසිතා
පිළිගඳ ඇති කෙලෙස් නැතිව – නිකෙලෙස් වූ සිතක් ඇතිව
කල් ගෙවන්න නිරතුරුවම – බඹසර පිළිසරණ ඇතිව

721. ඒකාසනස්ස සික්ඛේථ සමණුපාසනස්ස ච
ඒකත්තං මෝනමක්ඛාතං ඒකෝ වේ අභිරමිස්සති

සමණුන්ගේ දහම් මගේ – හික්මෙව් හුදෙකළා බවේ
නිවන් පිණිස සිත යොමුකොට – ඇල්ම කරව් තනි කමටම
දහමේ හුදෙකලා වීම – “මුනිවත” වේ එයට කීම

722. අථ භාසිහි දසදිසා
සුත්වා ධීරානං නිග්ඝෝසං ඣායීනං කාමවාගීනං
තතෝ හිරිං ච සද්ධං ච භිය්‍යෝ කුබ්බේථ මාමකෝ

කාම සැපය බැහැරට කළ – දැහැනේ සිත දමනය කළ
මුනිවරුනගෙ යහගුණ කඳ – දස දිසාව තුළ පැතිරෙන
හඬ අසනා සමණ තෙමේ – ලැජ්ජා වී සියළු පවට
සද්ධා වඩමින් හද තුළ – සසුන් පිළිවතේ යෙදෙනා
මගෙ සව්වෙක් වේ

723. තං නදීහි විජානාථ සොබ්භේසු පදරේසු ච
සණන්තා යන්ති කුස්සොබ්භා තුණ්හී යන්ති මහෝදධි

එය දත හැක ගංගාවල – විල්වල ජල දහරා වල
පොඩි පොඩි දිය කඩිති වලින් – හඬ නඟිමින් ගලයි ජලය
මහ ගංගාවලදී නම් – ගලා ගලා යයි නිහඬව

724. යදූනකං තං සණති යං පූරං සන්තමේව තං
අඩ්ඪකුම්භූපමෝ බාලෝ රහදෝ පූරෝව පණ්ඩිතෝ

යමක තිබේ නම් අඩු බව – එනිසා එය නගයි හඬම
යමක් පිරී පවතින විට – ශාන්ත බවකින් යුතු වේ
අසත්පුරුෂයා මෙලොවේ – අඩක් පිරුණු කළය ලෙසේ
නුවණින් සපිරුණු උතුමා – දිය පිරි මහ විල බඳු වේ

725. යං සමණෝ බහු භාසති උපේතං අත්ථසංහිතං
ජානං සෝ ධම්මං දේසේති ජානං සෝ බහු භාසති

ඒ සම්බුදු සමණ තෙමේ – බොහෝ දහම් දෙසන නමුදු
අරුත් දහම් යුතු සදහම් – දැනගෙනමය පවසන්නේ
ඒ ගැන දන්නා නිසාය – හේ බොහෝ දේ පවසන්නේ

726. යෝ ච ජානං සමං යුත්තෝ ජානං න බහු භාසති
ස මුනි මෝනමරහති ස මුනි මෝනමජ්ඣගාති

සදහම් දැනගත්ත යමෙක් – සංවර වී පවතී නම්
හේ දන්නා නමුත් දහම් – බොහෝ කොට නොම පවසයි නම්
හෙතෙමේ “මුනි” වේය ලොවේ – හේ සුදුසුය “මුනි” බවටම
ඒ මුනි තෙම සැබෑ ලෙසම – පත්වූයේ “මුනි” බවටම

නාලක සුත්තං නිට්ඨිතං.

නාලක නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M