ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

8. ධම්ම නාවා සුත්තං

8. දහම් නැව ගැන වදාළ දෙසුම

318. යස්මා හි ධම්මං පුරිසෝ විජඤ්ඤා
ඉන්දං’ව නං දේවතා පූජයෙය්‍ය
සෝ පූජිතෝ තස්මිං පසන්නචිත්තෝ
බහුස්සුතෝ පාතුකරෝති ධම්මං

නැණවත් වූ කෙනෙක් ලොවේ – ඉගෙන ගනී නම් සදහම්
“සක්දෙවිඳුව” පුදන ලෙසින් – හේ “සදහම් ගුරුන්” පුදයි
බොහෝ දහම් දැනුමින් යුතු – පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට – මතුකර දෙයි සද්ධර්මය

319. තදට්ඨිකත්වාන නිසම්ම ධීරෝ
ධම්මානුධම්මං පටිපජ්ජමානෝ
විඤ්ඤූ විභාවී නිපුණෝ ච හෝති
යෝ තාදිසං භජතේ අප්පමත්තෝ

නොපමා වී කෙනෙක් එබඳු – දහම් ගුරුන් ඇසුරු කළොත්
හොඳින් සවන් යුග යොමු කොට – සිරි සදහම් බණ ඇසුවොත්
නුවණැති හේ පිළිපදිනා – විට අසනා දහම් අනුව
වහ වැටහෙන සියුම් නුවණ – ඇති කෙනෙකුන් බවට පත්වෙයි

320. ඛුද්දං ච බාලං උපසේවමානෝ
අනාගතත්ථං ච උසූයකං ච
ඉධේව ධම්මං අවිභාවයිත්වා
අවිතිණ්ණකංඛෝ මරණං උපේති

මතු යහපත වනසාලන – පෙළෙනා ඉරිසියාවෙන්
නරක කෙනෙක් යම් හෙයකින් – ඇසුරු කරන්නට ලැබුණොත්
කිසි දහමක් දියුණු නොකොට – සැක වලිනුත් එතෙර නොවී
හිස් මිනිසෙකු ලෙස ඒ අය – පත් වී යනු ඇත මරණෙට

321. යථා නරෝ ආපගං ඕතරිත්වා
මහෝදකං සලිලං සීඝසෝතං
සෝ වුය්හමානෝ අනුසෝතගාමී
කිං සෝ පරේ සක්කති තාරයේතුං

වේගෙන් සැඩ පහර තිබෙන – මහා ජල කඳින් යුතු වූ
ගංගාවට වැටුන කෙනෙක් – පහළට ගහගෙන යන විට
තව කෙනෙකුව ඒ වතුරෙන් – ගොඩ අරගන්නේ කොහොමද?

322. තථේව ධම්මං අවිභාවයිත්වා
බහුස්සුතානං අනිසාමයත්ථ
සයං අජානං අවිතිණ්ණකංඛෝ
කිං සෝ පරේ සක්කති නිජ්ඣාපේතුං

එලෙසින් දහමක් නොවඩන – නුවණැත්තන් ගෙන් නො අසන
තමන් නොදත් දහමක් ගැන – සැක සංකා දුරුනොකරන
කෙනෙකුට පුළුවන් ද දහම – පහදා දෙන්නට අනුන්ට?

323. යථාපි නාවං දළ්හමාරුහිත්වා
පියේන’රිත්තේන සමංගිභූතෝ
සෝ තාරයේ තත්ථ බහූපි අඤ්ඤේ
තත්‍රෑපායඤ්ඤූ කුසලෝ මුතීමා

සවිමත් නැවකට නැග ගත් – කෙනෙක් රිට ද හබල ද ගෙන
උත්සහයෙන් හා නුවණින් – උපායෙන් ද හසුරුවමින්
එතෙරට ගෙන යත් ම ය හේ – ලොව සිටින බොහෝ දෙනා

324. ඒවම්පි යෝ වේදගූ භාවිතත්තෝ
බහුස්සුතෝ හෝති අවේධධම්මෝ
සෝ ඛෝ පරේ නිජ්ඣපයේ පජානං
සෝතාවධානූපනීසූපපන්නේ

දහමේ පරතෙරට ම ගිය – දහම තුළම සිත වඩනා
දහම ම දැන ගෙන බොහො සේ – කම්පා නැතිවම සිටිනා
ඔහු වෙත පැමිණෙන ජනයා – සවන් යොමා අසනා විට
පවසයි ඒ හැම දෙන හට – නිවන් ලබා දෙන සදහම්

325. තස්මා හවේ සප්පුරිසං භජේථ
මේධාවිනංචේව බහුස්සුතංච
අඤ්ඤාය අත්ථං පටිපජ්ජමානෝ
විඤ්ඤාතධම්මෝ සෝ සුඛං ලභේථාති.

සැබැවින් මේ කරුණ නිසා – බොහෝ දහම් දැන ගෙන ඇති
මනා නුවණ ඇති යහපත් – උත්තම සදහම් ගුරුන්ව
නිතර ඇසුරු කළ යුතුමයි – ඒ සත්පුරුෂයන්ව
එවිට උතුම් ධර්මය දැන – ඒ සදහම් පිළිපැදගෙන
අවබෝධයකින් යුතු වී – ලොව්තුරු සැප ලබන්නේ ය.

ධම්ම නාවා සුත්තං නිට්ඨිතං.

දහම් නැව ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M