ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

7. බ්‍රාහ්මණ ධම්මික සුත්තං

7. බ්‍රාහ්මණ ධර්මයන් අයත් දේ ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මා විසින් මෙසේ අසා දැනගන්නා ලදී.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ සම්බහුලා කෝසලකා බ්‍රාහ්මණමහාසාළා ජිණ්ණා, වුද්ධා, මහල්ලකා, අද්ධගතා වයෝ අනුප්පත්තා, යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ බ්‍රාහ්මණමහාසාළා භගවන්තං ඒතදවෝචුං.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි ය. එකල්හි දිරාපත් වී ගිය, වැඩිහිටි බවට පත් වූ, මහළු වූ, බොහෝ වයසට ගිය, කොසොල් ජනපදවාසී ප්‍රභූ බ්‍රාහ්මණවරු බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු, පිළිසඳර කථා නිමා කොට එකත්පස්ව හිඳ ගත්හ. එකත්පස්ව හුන්නා වූ ඒ ප්‍රභූ බ්‍රාහ්මණවරු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.

‘සන්දිස්සන්ති නු ඛෝ භෝ ගෝතම ඒතරහි බ්‍රාහ්මණා පෝරාණානං බ්‍රාහ්මණානං බ්‍රාහ්මණධම්මේ’ති.

“පින්වත් ගෞතමයාණනි, දැන් කාලයේ සිටින බ්‍රාහ්මණවරු පැරණි බ්‍රාහ්මණයන් ගේ බ්‍රාහ්මණ ධර්මයන් තුළ වාසය කරන බවක් දැක ගන්ට පුළුවන් ද?”

‘න ඛෝ බ්‍රාහ්මණා සන්දිස්සන්ති ඒතරහි බ්‍රාහ්මණා පෝරාණානං බ්‍රාහ්මණානං බ්‍රාහ්මණධම්මේ’ති.

“බ්‍රාහ්මණවරුනි, දැන් කාලයේ සිටින බ්‍රාහ්මණවරු පැරණි බ්‍රාහ්මණයින් ගේ බ්‍රාහ්මණ ධර්ම තුළ වාසය කරන බවක් දැක ගත නොහැකි ම ය.”

‘සාධු නෝ භවං ගෝතමෝ පෝරාණානං බ්‍රාහ්මණානං බ්‍රාහ්මණධම්මං භාසතු, සචේ භෝතෝ ගෝතමස්ස අගරූ’ති.

“පින්වත් ගෞතමයන් වහන්සේට අපහසුවක් නො වෙත් නම්, පැරණි බ්‍රාහ්මණයන් ගේ බ්‍රාහ්මණ ධර්ම ගැන අපට කියා දෙන සේක් නම් ඉතා මැනවි”

තේන හි බ්‍රාහ්මණා සුණාථ. සාධුකං මනසි කරෝථ. භාසිස්සාමී’ති.

“එසේ නම් බ්‍රාහ්මණවරුනි, මනාකොට සවන් යොමා සිටින්න. මැනවින් සිත යොමු කරගන්න. කියා දෙන්නෙමි.”

‘ඒවං භෝ’ති ඛෝ තේ බ්‍රාහ්මණමහාසාළා භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච.

“එසේය පින්වතාණනි,”යි ඒ ප්‍රභූ බ්‍රාහ්මණවරු භාග්‍යවතුන් වහන්සේ ට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

286. ඉසයෝ පුබ්බකා ආසුං – සංයතත්තා තපස්සිනෝ
පඤ්චකාමගුණේ හිත්වා – අත්තදත්ථමචාරිසුං

ඒ කාලේ සිටි ඉසිවරු – සංවර වුණ තාපසවරු
පස් කම් ගුණ බැහැරට කොට – යහපතේ ම හැසිරුණෝ ය.

287. න පසූ බ්‍රාහ්මණානාසුං – න හිරඤ්ඤං න ධානීයං
සජ්ඣායධනධඤ්ඤාසුං – බ්‍රහ්මං නිධිමපාලයුං

ඒ කාලේ බමුණන් හට – කිසිම සතෙක් සිටියේ නැත
රන් රිදී ද නැත ඔවුන්ට – අටුත් කොටුත් නැත ඔවුන්ට
වේදය ගැන ඉගෙනීම ම – ධනයක් විලසින් රැකගෙන
මහබඹා ගේ නිධානෙ වූ – සිව් බඹ විහරණ රැකගතු

288. යං තේසං පකතං ආසි ද්වාරභත්තං උපට්ඨිතං
සද්ධාපකතමේසානං දාතවේ තදමඤ්ඤිසුං

ඔවුන්ට පූජා කරන්ට – කෑම බීම යමක් හදා
නිවෙස් ඉදිරිපිට ඒවා – හොඳ ලෙස තැන්පත් කරගෙන
මිනිසුන් සිටියෝ සැදැහෙන් – ඔවුන් හට ම දිය යුතු යයි

289. නානාරත්තේහි වත්ථේහි සයනේහාවසථේහි ච
ඵීතා ජනපදා රට්ඨා තේ නමස්සිංසු බ්‍රාහ්මණේ

නා නා පැහැයෙන් යුතු වූ – සොඳුරු වස්ත්‍ර පුද කරමින්
ඇඳ පුටු ඇතිරිලිත් සමඟ – ආවාස ද පුද කරමින්
ගමේ නගරෙ රටේ සිටින – මහා ධනය ඇති මිනිසුන්
සියලු දෙනම වැඳ වැටුණෝ – ඒ හැම බමුණන් අබියස

290. අවජ්ඣා බ්‍රාහ්මණා ආසුං අජෙය්‍යා ධම්මරක්ඛිතා
න තේ කෝචි නිවාරේසි කුලද්වාරේසු සබ්බසෝ

දඬුවම් කිසිවක් කිසි දින – නො ලැබෙයි ඒ බමුණන් හට
කිසිවෙකුටත් පරදවන්ට – නො හැකි වෙත් ය ඒ බමුණන්
හැම විලසම ඒ බමුණෝ – දැහැමි රැකවරණ ලැබුවෝ
කොයි නිවසක දොරකඩිනුත් – නො වැළකුවෝ ඒ බමුණෝ

291. අට්ඨචත්තාරිසං වස්සානි කෝමාරං බ්‍රහ්මචරියං චරිංසු තේ
විජ්ජාචරණපරියෙට්ඨිං අචරුං බ්‍රාහ්මණා පුරේ

හතළිස් අට වර්ෂයක් ම – කුමර බඹසරින් ගෙව්වෝ
ඒ කාලේ සිටි බමුණෝ – නුවණ ම සොයමින් සිටියෝ

292. න බ්‍රාහ්මණා අඤ්ඤමගමුං නපි භරියං කිණිංසු තේ
සම්පියේනේව සංවාසං සංගන්ත්වා සමරෝචයුං

ඒ බමුණෝ නො ගියෝ ම ය – අනුන් ගෙ අඹුවන් පසු පස
කිසි මිළකට නො ගත්තෝ ය – තමාට ගැළපෙන අඹුවක්
ප්‍රේමෙන් බැඳෙමින් ඒ අය – විවාහයෙන් සැනසුණෝ ය

293. අඤ්ඤත්‍ර තම්හා සමයා උතුවේරමණිම්පති
අන්තරා මේථුනං ධම්මං නාස්සු ගච්ඡන්ති බ්‍රාහ්මණා

ඒ කාලේ සිටි බමුණෝ – සුදුසු කලට අඹුව සමඟ
එක් වී කල් ගෙවන නමුත්,
ගැබ් දරනා බිරිඳ ළඟට – නොම යති ඒ අය කිසිවිට

294. බ්‍රහ්මචරියං ච සීලං ච අජ්ජවං මද්දවං තපං
සෝරච්චං අවිහිංසං ච ඛන්තිංචාපි අවණ්ණයුං

බඹසර වසමින් නිසි කල – සිල් ගුණ දම් රැක ගනිමින්
සෘජු ගති, මෘදු ගතිය ඇතිව – තාපස දිවියක් ගෙවමින්
අවනත වී හොඳ බසට ම – අහිංසාව ඇති කරගෙන
ඉවසීමෙන් යුතු ගුණ දම් – අගය කළෝ නිරතුරුව ම

295. යෝ නේසං පරමෝ ආසි බ්‍රහ්මා දළ්හපරක්කමෝ
ස චාපි මේථුනං ධම්මං සුපිනන්තේපි නාගමා

ඔවුන් උතුම් ලෙස පිළිගත් – බලවත් වීරිය පවතින
ඒ මහ බ්‍රහ්මයා පවා – සිහිනෙන්වත් කිසිම දිනක
මෛථුනයට නොගියෝ ම ය.

296. තස්ස වත්තමනුසික්ඛන්තා ඉධේකේ විඤ්ඤූජාතිකා
බ්‍රහ්මචරියං ච සීලං ච ඛන්තිං චාපි අවණ්ණයුං

ඒ මහබඹු ගිය මග යන – නුවණැති සමහර බමුණෝ
බඹසර ජීවිතය සමඟ – සිල්වත් බව ඇති කරගෙන
ඉවසීමෙන් යුතු ගුණ දම් – අගය කළෝ නිරතුරුව ම

297. තණ්ඩුලං සයනං වත්ථං සප්පිතේලං ච යාචිය
ධම්මේන සමෝධානෙත්වා තතෝ යඤ්ඤමකප්පයුං
උපට්ඨිතස්මිං යඤ්ඤස්මිං නාස්සු ගාවෝ හනිංසු තේ

ඇඳ පුටු සළු පිළි ද සමඟ – සහල් වර්ග හා ගිතෙල් ද
දැහැමින් එක් රැස් කරමින් – ඒවා දානයට දෙමින්
දැහැමින් යාගය කෙරුවෝ
යාගය උදෙසා කිසිවිට – මේ ගවයන් නො වැනසුවෝ

298. යථා මාතා පිතා භාතා අඤ්ඤේ වාපි ච ඤාතකා
ගාවෝ නෝ පරමා මිත්තා යාසු ජායන්ති ඕසධා

මව් පිය දෙදෙනා වැන්නේ – අපගේ සොයුරෙකු වැන්නේ
යහපත් නෑයෙකු වැන්නේ – අපට බෙහෙත් ඔසු දෙන්නේ
අනේ අපේ මේ ගවයෝ – උත්තම මිතුරන් වැන්නේ

299. අන්නදා බලදා චේතා වණ්ණදා සුඛදා තථා
ඒතමත්ථවසං ඤත්වා නාස්සු ගාවෝ හනිංසු තේ

අනේ අපට මේ ගවයෝ – සලසා දෙත් ආහාර ද
ඇති කරවති සවිබලය ද – දෙති සැපයත් හැඩරුව හා
මේ බව හොඳ ලෙස දැනගත් – ඒ කාලේ සිටි බමුණෝ
මැරුවේ නැත කිසිම දිනක – අප ගේ යහපත් ගවයන්

300. සුඛුමාලා මහාකායා වණ්ණවන්තෝ යසස්සිනෝ
බ්‍රාහ්මණා සේහි ධම්මේහි කිච්චාකිච්චේසු උස්සුකා
යාව ලෝකේ අවත්තිංසු සුඛමේධිත්ථයම්පජා

සියුමැලි උස මහතින් යුතු – හැඩරුව ඇති යසසින් යුතු
ඒ කාලේ සිටි බමුණෝ – දැහැමින් කටයුතු කරමින්
ලොවේ සියළු දෙනා හට ම – හැම යහපත සෙත සැදුවෝ

301. තේසං ආසි විපල්ලාසෝ දිස්වාන අණුතෝ අණුං
රාජිනෝ ච වියාකාරං නාරියෝ සමලංකතා

රජවරුන් ගෙ ඇති සැරසිලි – අබරණ පැළඳූ අඟනන්
දකිනා විට ඔවුන්ගෙ සිත – විකල් වුණා ටිකෙන් ටික ම

302. රථේ චාජඤ්ඤසංයුත්තේ සුකතේ චිත්තසිබ්බනේ
නිවේසනේ නිවේසේ ච විභත්තේ භාගසෝ මිතේ

සුන්දර සැරසිල්ලෙන් යුතු – විසිතුරු කැටයමින් ද යුතු
පියකරු වූ අස් රිය දැක – යහපත් අශ්වයන් යෙදූ,
මැනවින් බෙදමින් කාමර – තැන වූ සුන්දර මාළිග
දකිනා විට ඔවුන් ගෙ සිත – විකල් වුණා ටිකෙන් ටික ම

303. ගෝමණ්ඩලපරිබ්බූළ්හං නාරීවරගණායුතං
උළාරං මානුසං භෝගං අභිජ්ඣායිංසු බ්‍රාහ්මණා

රැස් කරගෙන ගව පට්ටි ද – ළඟින් තබාගෙන අඟනන්
මිනිස් ලොවේ සැප විඳින්ට – බමුණෝ ගිජුවෙලා ගියෝ

304. තේ තත්ථ මන්තේ ගන්ථෙත්වා ඔක්කාකං
තදුපාගමුං, පහූතධනධඤ්ඤේසි
යජස්සු බහු තේ චිත්තං යජස්සු බහු තේ ධනං

අලුතින් මන්තර ගොතමින් – ගියෝ “ඔක්කාක රජු” වෙත
පින්වත් මහ රජුනි ඔබත් – කැමති ද ආයෙත් ලබන්ට
දැන් ඔය විඳිමින් සිටිනා – මහාරාජ සැප සම්පත්?
එහෙනම් ඔබ ගේ වස්තුව – දානෙට පූජා කළ මැන
බොහො සේ දන් පැන් පුදමින් – වියදම් කළ මැනව ධනය

305. තතෝ ච රාජා සඤ්ඤත්තෝ බ්‍රාහ්මණේහි රථේසභෝ
අස්සමේධං පුරිසමේධං සම්මාපාසං වාජපෙය්‍යං නිරග්ගලං
ඒතේ යාගේ යජිත්වාන බ්‍රාහ්මණානං අදා ධනං

කියා දුන් විට බමුණන් – මහරථ ඇති රජතුමාට
අසුන් මරා කරන යාග – මිනිසුන් මරණා යාගත්
මත් පැන් මුල් කෙරුව යාග – සළු පිළි පුදනා යාගත්
නිදහස් ලෙස කරන යාග – නා නා අයුරින් කරමින්
රජවරු පිදුවෝ ධනය ම – යාග කරන බමුණන් හට

306. ගාවෝ සයනං ච වත්ථං ච නාරියෝ සමලංකතා
රථේ චාජඤ්ඤසංයුත්තේ සුකතේ චිත්තසිබ්බනේ

මැනවින් සැරසූ ගවයින් – ඇඳ පුටු ඇතිරිලි සළුපිළි
අබරණ පැළඳූ අඟනන්,
විසිතුරු ගෙත්තමෙන් සුසැදි – අසුන් යෙදූ සුන්දර රථ

307. නිවේසනානි රම්මානි සුවිභත්තානි භාගසෝ
නානාධඤ්ඤස්ස පූරෙත්වා බ්‍රාහ්මණානං අදා ධනං

හොඳින් බෙදූ කාමර ඇති මනරම් සුන්දර මන්දිර
පුරවා නිති අටුත් කොටුත් වස්තුව දුනි බමුණන් හට

308. තේ ච තත්ථ ධනං ලද්ධා සන්නිධිං සමරෝචයුං
තේසං ඉච්ඡාවතිණ්ණානං භිය්‍යෝ තණ්හා පවඩ්ඪථ
තේ තත්ථ මන්තේ ගන්ථෙත්වා
ඔක්කාකං පුනුපාගමුං

ඒ වස්තුව ලද බමුණන් – රැස් කර කර සතුටු වෙමින්
ලද දේ ගැන ගිජු වීමෙන් – වැඩී ගියෝ තණ්හාවෙන්
ගොතා තව අලුත් මන්තර – යළිත් ගියෝ රජුන් වෙතට

309. යථා අපෝ ච පඨවී හිරඤ්ඤං ධනධානියං
ඒවං ගාවෝ මනුස්සානං පරික්ඛාරෝ
සෝ හි පාණිනං
යජස්සු බහු තේ විත්තං යජස්සු බහු තේ ධනං

මේ ජලය ද මහ පොළොව ද – ධන ධාන්‍ය රන් රුවන් ද
වටින්නෙ යම් විලසකින් ද – ලොවේ සිටින මිනිසුන් හට
එලෙසින් වටිනා ගවයා – පිරිකරක් ය සතුන් අතර
(එහෙයින් මහ රජුනි ඔබත්)
වියදම් කරමින් වස්තුව – බොහෝ යාග කෙරුව මැනව
වියදම් කරවා ධනය ම – බොහෝ යාග කෙරුව මැනව

310. තතෝ ච රාජා සඤ්ඤත්තෝ
බ්‍රාහ්මණේහි රථේසභෝ
නේකසතසහස්සියෝ ගාවෝ යඤ්ඤේ අඝාතයී

කියා දුන් විට බමුණන් – මහ රථ ඇති රජතුමාට
යාගෙන් පූජා කරන්ට – නොයෙකුත් සිය දහස් ගණන්
ගවයින් මරලා දැමුවෝ

311. න පාදා න විසාණේන නාස්සු හිංසන්ති කේනචි
ගාවෝ ඒළකසමානා සෝරතා කුම්භදූහනා
තා විසාණේ ගහෙත්වාන රාජා සත්ථේන ඝාතයී

කළ පුරවා කිරි ලැබ දුන් – කීකරු වූ එළුවන් මෙන්
“අනේ කිරි දෙනුන් අපගේ – නො කරති කිසි හිංසාවක්
අඟකින් හෝ පයකින් හෝ”
එහෙත් රජතුමා ගවයින් – අඟින් ම ඇද ගෙන අවුදින්
ආයුධයෙන් පහර දෙමින් – පත් කරවී මරණයට ම

312. තතෝ ච දේවා පිතරෝ ඉන්දෝ අසුරරක්ඛසා
අධම්මෝ ඉති පක්කන්දුං යං සත්ථං නිපතී ගවේ

දෙවියෝ හා මහබඹා ද – ඉන්‍ද්‍ර අසුර හා රකුසු ද
“(අනේ!) මෙවැනි ගවයින් මත – හෙලා දැමීමෙන් ආයුධ
ඉපදුනා අධර්මය!” යයි – කිය කියා හඬා වැටුණෝ

313. තයෝ රෝගා පුරේ ආසුං ඉච්ඡා අනසනං ජරා
පසූනංච සමාරම්භා අට්ඨානවුතිමාගමුං

ඒ කාලේ මෙහි තිබුණේ – තුනක් පමණි රෝගයන් ද
ආශාව ත් බඩගින්න ත් – ජරා දුකට පත් වීම ත්
මේ ගව ඝාතනය නිසා – රෝග අනූඅටක් වුණා

314. ඒසෝ අධම්මෝ දණ්ඩානං
ඔක්කන්තෝ පුරාණෝ අහූ
අදුසිකායෝ හඤ්ඤන්ති ධම්මා ධංසන්ති යාජකා

ඒ කාලේ නම් මේ දෙය – දඬුවම් දෙන අධර්මයකි
යාග කරන මේ උදවිය – දොසක් නොමැති ගව දෙනුන්ව
පහර දී මරා දමමින් – දහම හෙළා දමත් යට ට

315. ඒවමේසෝ අණුධම්මෝ පෝරාණෝ විඤ්ඤූගරහිතෝ
යත්ථ ඒදිසකං පස්සති යාජකං ගරහතී ජනෝ

ඉතා පහත් බව මේ දෙය – නැණවත් උදවිය පෙර සිටි
දැනගෙන මේ ගවඝාතන – ගරහා අවමන් කෙරුවෝ
යම් තැනක දි දැක්ක විට දි – මෙවැනි දෙයක් කරනා අය
ජනයා අවමන් කරත් ය – යාග කරන ඒ අය හට

316. ඒවං ධම්මේ වියාපන්නේ විභින්නා සුද්දවෙස්සිකා
පුථු විභින්නා ඛත්තියා පතිං භරියාවමඤ්ඤථ

ලොවේ තිබෙන යහගුණ දම් – කණපිට පෙරළී ගිය විට
බෙදී ගියෝ හැම අතට ම – කම්කරු හා වෙළෙන්දෝ ද
බෙදී ගියෝ හැම අතට ම – රජවරු හා සිටුවරුන් ද
අවමන් කෙරුවා ය බිරිඳ – තමන් ගේ ම සැමියා හට

317. ඛත්තියා බ්‍රහ්මබන්ධු ච යේ චඤ්ඤේ ගොත්තරක්ඛිතා
ජාතිවාදං නිරංකත්වා කාමානං වසමන්වගුන්ති

සිටුවරු හා බමුණු පිරිස – කුලගොත් සුරකින අන් හැම
තම තරම ද ගැන නොසිතා – වසඟ වූහ කාමයන්ට

ඒවං වුත්තේ තේ බ්‍රාහ්මණමහාසාළා භගවන්තං ඒතදවෝච.

මේ දෙසුම වදාළ කල්හි ඒ බ්‍රාහ්මණ ප්‍රභූ පිරිස භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසූහ.

අභික්කන්තං භෝ ගෝතම. අභික්කන්තං භෝ ගෝතම.

“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා අගෙයි! පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා අගෙයි!”

සෙය්‍යථාපි භෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය. මූළ්හස්ස වා මග්ගං අචික්ඛෙය්‍ය. අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තීති.

යටට හැරී තිබුණ දෙයක් උඩට හරවා තැබුවාක් වැනි ය. සැඟවී තිබූ දෙයක් සොයා ගෙන පෙන්නුවාක් වැනි ය. අතරමං වී ගිය කෙනෙකුට සැබෑ මාවත ම පෙන්නා දුන්නාක් වැනි ය. හොඳින් පෙනෙන උදවියට රූප දැකගන්නට අඳුරේ තෙල් පහනක් දරා ගත්තාක් වැනිය.

ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මං ච භික්ඛුසංඝං ච.

පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් දහම් දෙසන ලදී. අපි ද පින්වත් ගෞතමයන් වහන්සේ ව අද පටන් සරණ යමු. ඒ සද්ධර්මය ද භික්‍ෂු සංඝයා ද සරණ යමු.

උපාසකේ නෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතේ සරණං ගතේ’ති.

පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් අප ගැන ත් දිවි තිබෙන තුරා ම තෙරුවන් සරණ ගිය උපාසකයන් වශයෙන් පිළිගන්නා සේක්වා!

බ්‍රාහ්මණධම්මික සුත්තං නිට්ඨිතං.

බ්‍රාහ්මණ ධර්මයන්ට අයත් දේ ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M