ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

6. කපිල සුත්තං

6. කපිල නිසා වදාළ දෙසුම

276. ධම්මචරියං බ්‍රහ්මචරියං – එතදාහු වසුත්තමං
පබ්බජිතෝපි චේ හෝති – අගාරස්මා අනගාරියං

දහම තුළ හැසිරීම ද – බඹසර විසීම ද
උතුම් ගුණ දහම් බව – මුනිවරු පැවසුවාහු ය
ඉදින් ගෙදරින් නික්ම – අනගාරික බුදු සසුනෙහි
ලැබුවේ නම් යමෙක් – මේ උතුම් පැවිදි බව

277. සෝ චේ මුඛරජාතිකෝ – විහේසාභිරතෝ මගෝ
ජීවිතං තස්ස පාපියෝ – රජං වඩ්ඪේති අත්තනෝ

ඉදින් ඒ භික්ෂුව කට වාචාල කෙනෙකු නම්
අනුන් වෙහෙසන සතෙක් වැනි නම්
ඔහු ගෙ දිවි මග පවිටු වේ මයි
ඔහු තුළ වැඩෙන්නේ කෙලෙස්මයි

278. කලහාභිරතෝ භික්ඛු – මෝහධම්මේන ආවටෝ
අක්ඛාතම්පි න ජානාති – ධම්මා බුද්ධේන දේසිතං

කලකෝලාහලයටම ඇලෙයි නම් යම් භික්ෂුවක්
මුළාවෙන් පත් වෙයි මුළාවට
අනුන් හට ඔහු පැවසුවත් බණ
බුදු රජුන් වදහළ දහම් නොදන්නේ මයි ඔහු

279. විහේසං භාවිතත්තානං – අවිජ්ජාය පුරක්ඛතෝ
සංකිලේසං න ජානාති – මග්ගං නිරයගාමිනං

අවිද්‍යාවම පෙරටු කොටගෙන
සිත වැඩූ උතුමන් වෙහෙසන විට
එයින් තමා කෙලෙසෙමින්
නිරය දක්වා රැගෙන යන මග වැටී සිටිතැයි
හේ නොදන්නේ ම ය

280. විනිපාතං සමාපන්නෝ – ගබ්භා ගබ්භං තමා තමං
ස වේ තාදිසකෝ භික්ඛු – පෙච්ච දුක්ඛං නිගච්ඡති

ඔහු නිරයටද වැටෙමින්
මව් කුසෙන් මව් කුසට
අඳුරෙන් අඳුරට යමින්
ගත කරන විට එවැනි භික්ෂුව
පරලොව දී වැටෙන්නේ දුක් ඇති ලොවටමයි

281. ගූථකූපෝ යථා අස්ස – සම්පුණ්ණෝ ගණවස්සිකෝ
යෝ ච ඒවරූපෝ අස්ස – දුබ්බිසෝධෝ හි සාංගණෝ

වසර ගණනක් පිරී පවතින
මහා වැසිකිළි වලක් විලසින්
භික්ෂුවක් වෙයි නම් පිරුණු කසලින්
පහසුවෙන් පිරිසිදු කළ නොහැක්කේමයි

282. යං ඒවරූපං ජානාථ – භික්ඛවෝ ගේහනිස්සිතං
පාපිච්ඡං පාපසංකප්පං – පාපආචාරගෝචරං

දැන ගන්න නිසි ලෙස
මහණෙනි, එබඳු භික්ෂුව
කාමයෙහි පැටලී ඇති
පවිටු ආශා ඇති පවිටු සිතිවිලි ඇති
ඒ භික්ෂුවගෙ ජීවිතේ මුළුමනින් පවිටු වී යයි

283. සබ්බේ සමග්ගා හුත්වාන අභිනිබ්බිජ්ජයාථ නං
කාරණ්ඩවං නිද්ධමථ කසම්බුං චාපකස්සථ

මහණෙනි, ඔබ සියළු දෙන
හොඳින් සමගි ව කටයුතු කොට
එවැනි භික්ෂුව දුරු කළ යුතුමය
බැහැරට ම දැමිය යුතුමයි ඒ ශ්‍රමණ කසලයා
නෙරපා ම දැමිය යුතුමයි ඒ කෙලෙස් කසටයා

284. තතෝ පලාපේ වාහේථ – අස්සමණෙ සමණමානීනේ
නිද්ධමිත්වාන පාපිච්ඡේ – පාපආචාරගෝචරේ

භික්ෂුවකගේ වෙසින් සිටිනා – භික්ෂුවක් නොවන ඒ බොල් මිනිසුන්
පවිටු ආශා ඇති – පවිටු ගති ගුණ ඇති ඒ හිස් මිනිසුන්
පිඹ හැර දමව් බැහැරට

285. සුද්ධා සුද්ධේහි සංවාසං – කප්පයව්හෝ පතිස්සතා
තතෝ සමග්ගා නිපකා – දුක්ඛස්සන්තං කරිස්සථාති

එනිසා මහණෙනි ඔබ
සීලයෙන් පිරිසිදු වී – පිරිසිදු පිරිස සමගින්
කල් ගෙවව් නිරතුරුවම – සිහිනුවණින් ද යුතුව ම
නුවණැති ව හැම දෙනා සමගිව
මේ ජීවිතය තුළ සියළු දුක් නිමා කොට
අමා නිවනට පැමිණෙව්

කපිල සුත්තං නිට්ඨිතං.

කපිල නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M