ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

4. මංගල සුත්තං

4. මඟුල් කරුණු ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මේ ආකාරයෙනි මා විසින් අසන ලද්දේ.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර දෙව්රම නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි ය. එහි දී එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත පැහැයෙකින් යුතුව මුළු දෙව්රම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එක් පසෙකින් සිටියේ ය. එක් පසෙකින් සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීවේය.

260. බහූ දේවා මනුස්සා ච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං
බ්‍රෑහි මංගල මුත්තමං

දෙව් මිනිස් බොහෝ දෙන
මංගල කරුණු ගැන සිතුවෝ
යහපත කැමති ඔවුනට
උතුම් මංගල කරුණු ගැන
පහදා දෙන්න මුනිඳුනි!

261. අසේවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං

නරක අය නො ම ඇසුරද
හොඳ අය ගෙ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද
මේවා උතුම් මගුල් කරුණු ය

262. පතිරූපදේසවාසෝ ච
පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච
ඒතං මංගල මුත්තමං

සුදුසු පෙදෙසක විසුම ද
පෙර කළ පින් තිබීම ද
තමා යහමග යාම ද
මේවා උතුම් මගුල් කරුණු ය

263. බාහුසච්චං ච සිප්පං ච
විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා
ඒතං මංගල මුත්තමං

බොහෝ දැන උගත් බව
නොයෙකුත් ශිල්ප දත් බව
විනයෙකින් යුතු බව
මනාකොට හික්මී සිටින බව
යම් බසක් සුභාෂිත වෙද
මේවා උතුම් මගුල් කරුණුය

264. මාතාපිතූ උපට්ඨානං
පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා
ඒතං මංගල මුත්තමං

මව් පිය උපස්ථානය
අඹුදරුවන් ට සැලකුම
මැනවින් වැඩ කෙරුම
මේවා උතුම් මගුල් කරුණු ය

265. දානං ච ධම්මචරියා ච
ඤාතකානං ච සංගහෝ
අනවජ්ජානි කම්මානි
ඒතං මංගල මුත්තමං

දන් පැන් පිදීම ද
දහම තුළ හැසිරීම ද
නෑයන් ට සැලකීම ද
නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මගුල් කරුණු ය

266. ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු
ඒතං මංගල මුත්තමං

පවෙහි නො ඇලීම ද
හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද
යහපතෙහි නොපමාව ද
මේවා උතුම් මගුල් කරුණු ය

267. ගාරවෝ ච නිවාතෝ ච
සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං
ඒතං මංගල මුත්තමං

උතුමන් ට ගරු කිරීම ද
නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද
කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කල බණ ඇසීම ද
මේවා උතුම් මගුල් කරුණු ය

268. ඛන්තී ච සෝවචස්සතා
සමණානං ච දස්සනං
කාලේන ධම්මසාකච්ඡා
ඒතං මංගල මුත්තමං

ඉවසීම ඇති වීම ද
හොඳ බසට අවනත වීම ද
ශ්‍රමණයන් දැකීම ද
නිසි කල දහම් විමසීම ද
මේවා උතුම් මගුල් කරුණු ය

269. තපෝ ච බ්‍රහ්මචරියං ච
අරියසච්චානදස්සනං
නිබ්බානසච්ඡිකිරියා ච
ඒතං මංගල මුත්තමං

තපසෙහි විසීම ද
බඹසරෙහි හැසිරීම ද
“ආර්ය සත්‍යය” දැකීම ද
නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මගුල් කරුණු ය

270. ඵුට්ඨස්ස ලෝකධම්මේහි
චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං
ඒතං මංගල මුත්තමං

අටලෝ දහම එන විට
නො සැලේ ද යමෙකුගෙ සිත
සෝක නැති, කෙලෙසුන් නැති
බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මගුල් කරුණු ය

271. ඒතාදිසානි කත්වාන
සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති
තං තේසං මංගල මුත්තමන්ති.

මේ අයුරින් කටයුතු කොට
නො ම පැරදී සියලු තැනම
යහපතට ම යති හැම තැන
එය ඔවුන් හට උත්තම මගුල් කරුණු ය.

මංගල සුත්තං නිට්ඨිතං.

මඟුල් කරුණු ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M