ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

9. හේමවත සුත්තං

9. හේමවත යකු නිසා වදාළ දෙසුම

153. අජ්ජ පණ්ණරසෝ උපෝසථෝ (ඉති සාතාගිරෝ යක්ඛෝ)
දිව්‍යා රත්ති උපට්ඨිතා
අනෝමනාමං සත්ථාරං
හන්දපස්සාම ගෝතමං

(සාතාගිරි යකු)

පුන් පොහෝ දිනකි අද
දිව්‍ය රැය එළඹුණු සඳ
යමු ද දක්නට අද
අලාමක මුනි ගොයුම් ගොත් රද

154. කච්චි මනෝ සුපණිහිතෝ (ඉති හේමවතෝ යක්ඛෝ)
සබ්බභූතේසු තාදිනෝ
කච්චි ඉට්ඨේ අනිට්ඨේ ච
සංකප්පස්ස වසීකතා

(හේමවත යකු)

කිම ඔහුගේ මනස – පවතී ද සමාහිත වී?
සියලුම සතුන් අතරේ – පවතී ද මෙත් පැතිරී?
හොඳ හෝ නරක අරමුණු – ඔහු වෙතට පැමිණෙන විට
කිම ඔහුගෙ සිතුවිලි – පවතී ද දමනය වී?

155. මනෝ චස්ස සුපණිහිතෝ (ඉති සාතාගිරෝ යක්ඛෝ)
සබ්බභූතේසු තාදිනෝ
අථෝ ඉට්ඨේ අනිට්ඨේ ච
සංකප්පාස්ස වසීකතා

(සාතාගිරි යකු)

ඔහුගේ මනස නිති – පවතී සමාහිත වී
සියලුම සතුන් අතරේ – පවතී මෙත ද පැතිරී
හොඳ හෝ නරක අරමුණු – ඔහු වෙතට පැමිණෙන විට
ඔහුගෙ සිතුවිලි නිති – දමනය වෙලා පවතී

156. කච්චි අදින්නං නාදියති (ඉති හේමවතෝ යක්ඛෝ)
කච්චි පාණේසු සඤ්ඤතෝ
කච්චි ආරා පමාදම්හා
කච්චි ඣානං න රිඤ්චති

(හේමවත යකු)

කිසිවෙකු නොදුන් දෙය – කිම ඔහු නොගන්නෙ ද?
ලොව හැම සතුන් ගැන – සංවර කෙනෙක් වෙද?
කිම ඔහු පමාවෙන් – දුරු වූ කෙනෙක් ම ද?
සමවත කිසිවිටක – අත් නොම හරින්නෙ ද?

157. න සෝ අදින්නං ආදියති (ඉති සාතාගිරෝ යක්ඛෝ)
අථෝ පාණේසු සඤ්ඤතෝ
අථෝ ආරා පමාදම්හා
බුද්ධෝ ඣානං න රිඤ්චති

(සාතාගිරි යකු)

කිසිවෙකු නොදුන් දෙය – ඔහු නොම ගනී ම ය
ලොව හැම සතුන් ගැන – පවතී සංයම ය
පමාවෙන් තොරව දහමේ – සිටිත් ම ය
බුදුවරු සමවත ද – අත් නොම හරිත් ම ය

158. කච්චි මුසා න භණති (ඉති හේමවතෝ යක්ඛෝ)
කච්චි න ඛීණව්‍යප්පථෝ
කච්චි වේභූතියං නාහ
කච්චි සම්ඵං න භාසති

(හේමවත යකු)

කිම ඔහු බොරු බසක් – නොකියන කෙනෙක් ම ද?
රළු දැඩි වචන – කිසිවිට නොම කියත් ම ද?
කේළාම් කිසිවකුත් – ඔහු නොම කියත් ම ද?
හිස් වචනයෙන් – ඔහු කල් නොම ගෙවත් ම ද?

159. මුසා ච සෝ න භණති (ඉති සාතාගිරෝ යක්ඛෝ)
අථෝ න ඛීණව්‍යප්පථෝ
අථෝ වේභූතියං නාහ
මන්තා අත්ථං සෝ භාසති

(සාතාගිරි යකු)

ඔහු බොරු බසක් – කිසිවිට නොම කියත් ම ය
රළු දැඩි වචන – නොම පවසන කෙනෙක් ම ය
කේළම් කිසිත් – කිසිවිට නොම කියත් ම ය
නැණ ගුණ වඩන – සිරි සදහම් දෙසත් ම ය

160. කච්චි න රජ්ජති කාමේසු (ඉති හේමවතෝ යක්ඛෝ)
කච්චි චිත්තං අනාවිලං
කච්චි මෝහං අතික්කන්තෝ
කච්චි ධම්මේසු චක්ඛුමා

(හේමවත යකු)

කිම ඔහු කාමයෙහි – කිසි දින නොඇලෙත් ද?
තරහක් පැමිණ – ඒ සිත නොම කැළඹෙත් ද?
මුළාවන සියළු දෙය – පසුකොට යත් ද?
හැමදෙය දකින – සදහම් ඇස ලැබුවෙක් ද?

161. න සෝ රජ්ජති කාමේසු (ඉති සාතාගිරෝ යක්ඛෝ)
අථෝ චිත්තං අනාවිලං
සබ්බමෝහං අතික්කන්තෝ
බුද්ධෝ ධම්මේසු චක්ඛුමා

(සාතාගිරි යකු)

ඔහු කාමයෙහි කිසිදින නොම ඇලෙත් ම ය
තරහක් පැමිණ ඒ සිත නොකළඹත් ම ය
මුළාවන දෙය ද පසු කොට සිටිත් ම ය
සදහම් ඇස ලබා මුළු ලොව දකිත් ම ය

162. කච්චි විජ්ජාය සම්පන්නෝ (ඉති හේමවතෝ යක්ඛෝ)
කච්චි සංසුද්ධචාරණෝ
කච්චිස්ස ආසවා ඛීණා
කච්චි නත්ථි පුනබ්භවෝ

(හේමවත යකු)

කිම ඔහු උතුම් නුවණින් යුතු කෙනෙක් ම ද?
පිරිසිදු ලෙසට හැසිරෙන ගුණවතෙක් ම ද?
කෙලෙසෙන කිසි දෙයක් ඔහු තුළ නොවෙත් ම ද?
යළි දුක හදන භවයක් නොම තිබෙත් ම ද?

163. විජ්ජාය චේව සම්පන්නෝ (ඉති සාතාගිරෝ යක්ඛෝ)
අථෝ සංසුද්ධචාරණෝ
සබ්බස්ස ආසවා ඛීණා
නත්ථි තස්ස පුනබ්භවෝ

(සාතාගිරි යකු)

ඔහු ලොව උතුම් නුවණින් යුතු කෙනෙක් ම ය
පිරිසිදු ලෙසට හැසිරෙන ගුණවතෙක් ම ය
කෙලෙසෙන කිසි දෙයක් ඔහු තුළ නොවෙත් ම ය
යළි දුක හදන භවය ද නොම තිබෙත් ම ය

164. සම්පන්නං මුනිනෝ චිත්තං
කම්මනා ව්‍යප්පථේන ච
විජ්ජාචරණසම්පන්නං
ධම්මතෝ නං පසංසසි

සිත – කය – වචන – මුනිඳුන්ගේ පිරිසිදු ය
බබලන නුවණ – හැසිරෙන ගුණ විසිතුරු ය
මෙලෙසින් දැන හැඳින – සම්බුදු සමිඳුන් ව
කිව මැන බුදු ගුණ ම – මුළු ලොව පැතිරෙන් ට

165. සම්පන්නං මුනිනෝ චිත්තං
කම්මනා ව්‍යප්පථේන ච
විජ්ජාචරණසම්පන්නං
ධම්මතෝ අනුමෝදසි

සිත – කය – වචන – මුනිඳුන්ගේ පිරිසිදු ය
බබලන නුවණ – හැසිරෙන ගුණ විසිතුරු ය
මෙලෙසින් දැන හැදින – සම්බුදු සමිඳුන් ය
අනුමෝදන් වන්න – හද පිරි සතුටින් ම

166. සම්පන්නං මුනිනෝ චිත්තං
කම්මනා ව්‍යප්පථේන ච
විජ්ජාචරණසම්පන්නං
හන්ද පස්සාම ගෝතමං

සිත – කය – වචන – මුනිඳුන්ගේ පිරිසිදු ය
බබලන නුවණ – හැසිරෙන ගුණ විසිතුරු ය
මෙලෙසින් දැන හැඳින – සම්බුදු සමිඳුන් ව
යමු බැහැදකින්නට – ගෞතම මුනිඳුන් ව

167. ඒණිජංඝං කිසං වීරං
අප්පාහාරං අලෝලුපං
මුනිං වනස්මිං ඣායන්තං
ඒහි පස්සාම ගෝතමං

මුවෙකුට බඳු – කෙසඟ සිරුරින් සමන්විත
නිති වෙර වඩන – සුළු අහරින් යැපෙන ගත
ලොල් නැති මුනිඳුන් ය – වනයේ දැහැන්ගත
යමු අපි දකින්නට ගෞතම බුදුන් වෙත

168. සීහංවේකචරං නාගං
කාමේසු අනපෙක්ඛිනං
උපසංකම්ම පුච්ඡාම
මච්චුපාසා පමෝචනං

තනිවම යනෙන සිහරජු ඇත් රජු විලසේ
නොඇලෙයි කිසිදු කාමයකට හේ පෙරසේ
විමසා සිටිමු අපි ඔහු වෙත ගොස් මෙලෙසේ
හඳුනා මර උගුල මිදෙමු ද අපි කෙලෙසේ?

169. අක්ඛාතාරං පවත්තාරං
සබ්බධම්මාන පාරගුං
බුද්ධං වේරභයාතීතං
මයං පුච්ඡාම ගෝතමං

පවසන දහම් අප ගේ දම්රදාණනි
පරතෙර වැඩිය තිලොවග ගුරු පියාණනි
හැම වෙර බිය තුරන් කළ සිහරදාණනි
අපි පැණ අසමු ගෞතම බුදු පියාණනි

170. කිස්මිං ලෝකෝ සමුප්පන්නෝ (ඉති හේමවතෝ යක්ඛෝ)
කිස්මිං කුබ්බති සන්ථවං
කිස්ස ලෝකෝ උපාදාය
කිස්මිං ලෝකෝ විහඤ්ඤති

(හේමවත යකු)

කුමක් උපන් කලට ද ලොව හට ගන්නේ?
කුමක් කෙරෙහි ලොව නිති එක් වී ඇත්තේ?
කුමක් හා එක්ව ලොව පැවතී ඇත්තේ ඇත්තේ?
කුමක් නිසා ලොව දුක් විඳිමින් ඇත්තේ?

171. ඡස්සු ලෝකෝ සමුප්පන්නෝ (හේමවතාති භගවා)
ඡස්සු කුබ්බති සන්ථවං
ඡන්නමේව උපාදාය
ඡස්සු ලෝකෝ විහඤ්ඤති

(භාග්‍යවතුන් වහන්සේ)

හයක් උපන් කලට ය ලොව හට ගන්නේ
හයක් කෙරෙහි ලොව නිති එක්වී ඉන්නේ
හයක් හා එක්ව ලොව පැවතී එන්නේ
හයක් නිසා ම ය දුක් විඳිමින් ඉන්නේ

(මෙතනදී භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ ඇස, කන, නාසය, දිව, කය සහ සිත ගැන ය.)

172. කතමං තං උපාදානං
යත්ථ ලෝකෝ විහඤ්ඤති
නිය්‍යානං පුච්ඡිතෝ බ්‍රෑහි
කථං දුක්ඛා පමුච්චති

(ප්‍රශ්නයකි)

ලොව හැම වෙහෙස වන එයට ම එකතු වන
දෙය කවරක් ද අප හට එය කියනු මැන
දැනගෙන මේ දුකින් පරතෙර වෙතට යන
වදහළ මැන මුනිඳුනි, මග – දුක නිවන

173. පංච කාමගුණා ලෝකේ
මනෝ ඡට්ඨා පමෝදිතා
එත්ථ ඡන්දං විරාජෙත්වා
ඒවං දුක්ඛා පමුච්චති

(පිළිතුරු)

සිත හය වැනිව පස්කම් ගුණයට නතුව
පවතින ඇල්ම හඳුනාගෙන සිහි ඇතුව
දුරු කළ විට ඇල්ම යළි නොලබනු රිසිව
මෙලෙසට දුකින් දුරුවේ නිවනට යොමුව

174. ඒතං ලෝකස්ස නිය්‍යානං
අක්ඛාතං වෝ යථා තථං
ඒතං වෝ අහමක්ඛාමි
ඒවං දුක්ඛා පමුච්චති

මෙය ලොව එතෙර කරවන දහමකි සුවසේ
ඇසු ඇසු දෙයට පිළිතුරු ලැබ දුනි සිතුසේ
සිදුවේ දුකින් එතෙරට යාම ද මෙලෙසේ
මෙම හැම දහම ඔබ හට පවසමි නිසිසේ

175. කෝ සූධ තරතී ඕඝං
කෝ සූධ තරති අණ්ණවං
අප්පතිට්ඨේ අනාලම්බේ
කෝ ගම්භීරේ න සීදති

(ප්‍රශ්නයකි)

සසර සැඩ පහර තරණය කරන කෙනා
මේ භව සයුර පර තෙරටම යන පිහිනා
නොඇලෙන නොපිහිටන ගැඹුරෙහි නොම ගිලෙනා
පවසනු මැනැව, කවරෙක් වෙද මේ හපනා

176. සබ්බදා සීලසම්පන්නෝ
පඤ්ඤවා සුසමාහිතෝ
අජ්ඣත්තචින්තී සතිමා
ඕඝං තරති දුත්තරං

(පිළිතුරු)

නිති සිල් රකින නුවණැති, සිත සමාහිත
යොමු කොට සිහි නුවණ තම ජීවිතේ වෙත
තරණය කළ නොහැකි සැඩ පහරකින් යුත
තරණය කරනු නියත ය මොහු මේ දියත

177. විරතෝ කාමසඤ්ඤාය
සබ්බසංයෝජනාතිගෝ
නන්දී භව පරික්ඛීණෝ
සෝ ගම්භීරේ න සීදති

හඳුනා කාමයන් සිත නොම ඇලෙන මෙදා
හැම භව බැඳුම් එකිනෙක යයි බිඳ හැරදා
භවයේ සතුටුවන කෙලෙසුන් හැම පරදා
නොගිලේ හෙතෙම මේ භව සයුරේ කිසිදා

(මේ දෙසුම අසා අතිශයින් ප්‍රමුදිත වන හේමවත – සාතාගිරි දෙදෙන පහත දැක්වෙන මෙම ගාථාවන් පවසති.)

178. ගම්භීරපඤ්ඤං නිපුණත්ථදස්සිං
අකිඤ්චනං කාමභවේ අසත්තං
තං පස්සථ සබ්බධි විප්පමුත්තං
දිබ්බේ පථේ කමමානං මහේසිං

පැනසර ගැඹුරු හැම අරුතම දකින නිසි
දුරු කළ කාම කෙලෙසුන් සිත නොමැති කිසි
හැම ලෙස මිදුණු මුනිඳුන් අර බලනු රිසි
මොක් මග වඩින ලොව බබලන මහ ඉර්සි

179. අනෝමනාමං නිපුණත්ථදස්සිං
පඤ්ඤාදදං කාමාලයේ අසත්තං
තං පස්සථ සබ්බවිදුං සුමේධං
අරියේ පථේ කමමානං මහේසිං

ළාමක නොවන හැම අරුතම දකින නිසි
පැහැබර නුවණ දෙන කෙලෙසුන් නොමැති කිසි
හැම දෙය ගැනම දුටු මුනිඳුන් බලනු රිසි
නිවනට වඩින ලොව බබලන මහ ඉර්සි

180. සුදිට්ඨං වත නෝ අජ්ජ
සුප්පභාතං සුවුට්ඨිතං
යං අද්දසාම සම්බුද්ධං
ඕඝතිණ්ණමනාසවං

දුටුවෙමු ඇස් පුරා අපි භගවතාණන්
ලැබුවෙමු මිහිරි උදයක රිවිරදාණන්
සැඩ දිය මැඩ එතෙර වුන පින්වතාණන්
දුටුවෙමු ඒ උතුම් සම්බුදු පියාණන්

181. ඉමේ දසසතා යක්ඛා
ඉද්ධිමන්තෝ යසස්සිනෝ
සබ්බේ තං සරණං යන්ති
ත්වං නෝ සත්ථා අනුත්තරෝ

ඉර්ධි බල ඇති – මහ යසස් ඇති
යකුන් දහසකි මෙතන රැස්වුන
අපි සියලු දෙන – සරණ යමු ඔබ
වනු මැනැවි අප – සියලු දෙන හට
පරමෝත්තම ගුරු පියාණන්

182. තේ මයං විචරිස්සාම
ගාමා ගාමං නගා නගං
නමස්සමානා සම්බුද්ධං
ධම්මස්ස ච සුධම්මතන්ති

නමඳිමින් සම්බුදු රජාණන්
අසිරිමත් දම් රස අමාවන්
පවසමින් ලොව – යමු ගමන් ගම
අපි සියලු දෙනම යමු – පර්වතෙන් පර්වතය වෙත

හේමවත සුත්තං නිට්ඨිතං.

හේමවත යකු නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M