ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

8. කරණීයමෙත්ත සුත්තං

8. මෙත් පැතිරීම ගැන වදාළ දෙසුම

143. කරණීයමත්ථකුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානි

නිවනට යන මඟ සිටින පතා ගෙන
ඇද නැති බව සිත තුළ රඳවා ගෙන
සුවච සුමුදු ගුණ ඇති කරවා ගෙන
කළ යුතුමය අතිමාන නසා ගෙන

144. සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

සතුටුව ලද දෙයකින් සුව සේ හිඳ
අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ
දමනය කළ ඉඳුරන්ද නුවණමැද
හිත මිතුරුව කුලයේ නොඇලෙන සඳ

145. න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

නුවණැතියන් ගෙන් දොස් නොලබන්නේ
සුළු වරදක් හෝ නොම කරමින්නේ
බිය නැති සැප ඇති දිවි පතමින්නේ
සියලු සතුන් හට මෙත් පතුරන්නේ

146. යේ කේචි පාණභූතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථූලා

බියපත් තැති ගත් සතුන් ද වේවා
බිය සැක දුරු කළ රහතුන් වේවා
ලොකු පොඩි දිග මහ සතුන් ද වේවා
සැමට සැපත ඇති සිත් ඇති වේවා

147. දිට්ඨා වා යේ ව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසී වා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

පෙනෙන නොපෙනෙනා සතුන් ද වේවා
දුර ළඟ වසනා සතුන් ද වේවා
ඉපදුන-ඉපදෙන සතුන් ද වේවා
සැමට සැපත ඇති සිත් ඇති වේවා

148. න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

කිසිවෙක් කිසිවෙකු නොම රවටාවා
කිසි තැනකදි ඉහළින් නොසිතාවා
නපුරු දරුණු බස් නොම පවසාවා
අනෙකෙකුගේ දුක කැමති නොවේවා

149. මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං

තම දිවි සම කොට පුතු සුරකින්නේ
එකම පුතෙකු ඇති මව් විලසින්නේ
මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ
අපමණ මෙත් සිත ම ය පතුරන්නේ

150. මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං

සියලු ලොවට එක ලෙස සලකන්නේ
උඩ-යට-සරසට හැම විලසින්නේ
වෛර සතුරු බාධා නැති වන්නේ
අපමණ මෙත් සිතමය පතුරන්නේ

151. තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාව තස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

සිටගෙන ඇවිදින හෝ හිඳිනා විට
නිදන වෙලාවට හෝ නොනිදන විට
සිහි කළ යුතු මෙත් සිත ම ය හැම විට
බඹවිහරණ ලෙස පවසයි එම විට

152. දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති

මිසදිටුවක සිත නොම පැටලෙමිනේ
සිල් ගුණ දම් රැක යන මඟ නිවනේ
කම් සැපයට කිසි විට නොඇලෙමිනේ
මව් කුස නිදනට යළි නොම පැමිණේ

කරණීයමෙත්ත සුත්තං නිට්ඨිතං.

මෙත් පැතිරීම ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M