ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

7. වසල සුත්තං

7. වසලයා ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මා විසින් මෙසේ අසන ලදී.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛෝ සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගි පජ්ජලිතෝ හෝති ආහුති පග්ගහිතා. අථ ඛෝ භගවා සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානෝ යේන අග්ගිකභාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමි. අද්දසා ඛෝ අග්ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං දූරතෝ’ව ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතද’වෝච.

එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩසිටි සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන සිවුරත් පාත්‍රයත් රැගෙන සැවැත් නුවරට පිඩු සිඟා වැඩි සේක. එසමයෙහි (ගිනි පුදන බ්‍රාහ්මණයෙක් වූ) අග්ගිකභාරද්වාජ නම් බ්‍රාහ්මණයා ගේ නිවසෙහි ගිනි දල්වන ලද්දේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ගෙ පිළිවෙළින් පිඬු පිණිස වැඩම කරනා සේක් අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා ගේ නිවසට ද වැඩම කළ සේක. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වඩිනු දුර දී ම දුටුවේ ය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.

තත්‍රේ’ව මුණ්ඩක (තිට්ඨාහි)

එම්බා හිස මුඩු කළ තැනැත්ත, ඔතැනම සිටිනු.

තත්‍රේ’ව සමණක (තිට්ඨාහි)

එම්බා ශ්‍රමණය, ඔතැනම සිටිනු.

තත්‍රේ’ව වසලක තිට්ඨාහී’ති.

එම්බා වසලය, ඔතැනම සිටිනු.

ඒවං වුත්තේ භගවා අග්ගිකභාරද්වාජං බ්‍රාහ්මණං ඒතද’වෝච.

මෙසේ කී කල්හී භාග්‍යවතුන් වහන්සේ අග්ගිකභාරද්වාජ බ්‍රාහ්මණයා හට මෙසේ වදාළ සේක.

ජානාසි පන ත්වං බ්‍රාහ්මණ, වසලං වා වසලකරණේ වා ධම්මේ’තී?

පින්වත් බ්‍රාහ්මණය, වසලයෙකු වීම ගැන හෝ වසලයෙකු බවට පත් කරවන්නා වූ කාරණා ගැන ඔබ දන්නවා ද?

නඛ්වා’හං භෝ ගෝතම, ජානාමි වසලං වා වසලකරණේ වා ධම්මේ. සාධු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු, යථා’හං ජානෙය්‍යං වසලං වා වසලකරණේ වා ධම්මේ’ති.

පින්වත් ගෞතමයාණෙනි, වසලයෙකු වීම ගැන හෝ වසලයෙකු බවට පත් කරවන කාරණා ගැන මම නම් නො දන්නෙමි. පින්වත් ගෞතමයාණන් වහන්සේ මා හට දහම් දෙසනු මැනව. එවිට වසලයෙකු වීම ගැන ද වසලයෙකු බවට පත් කරවන කාරණා ගැන ද මම දැන ගන්නෙමි.

තේන හි බ්‍රාහ්මණ සුණාහි. සාධුකං මනසිකරෝහි. භාසිස්සාමී’ති.

එසේ වී නම් පින්වත් බ්‍රාහ්මණය, හොඳින් අසා ගෙන සිටිය යුත්තේ ය. සිත මනා කොට යොමු කර විය යුත්තේ ය. එය කියා දෙන්නෙමි.

ඒවං භෝ’ති ඛෝ අග්ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ පච්චස්සෝසි.

එසේය පින්වතාණෙනි යි කියා අග්ගිකභාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේ ය.

භගවා ඒතද’වෝච.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

116. කෝධනෝ උපනාහී ච
පාපමක්ඛී ච යෝ නරෝ
විපන්නදිට්ඨි මායාවී
තං ජඤ්ඤා වසලෝ ඉති

ක්‍රෝධයෙන් යුතු වෛර බඳිනා
පවිටු ලාමක ගුණ ද මකනා
මිසදිටුව මායාව පානා
කෙනා දත යුතු වසල ලෙසිනා

117. ඒකජං වා ද්විජං වා’පි
යෝ’ධ පාණානි හිංසති
යස්ස පාණේ දයා නත්ථි
තං ජඤ්ඤා වසලෝ ඉති

මව් කුසින් බිජුවටින් ඉපදුන
සතුන් මෙලොවේ යමෙක් වනසන
දයාවක් නැති එම සතුන් ගැන
දත යුතු ය ඔහු වසල විලසින

118. යෝ හන්ති පරිරුන්ධති
ගාමානි නිගමානි ච
නිග්ගාහකෝ සමඤ්ඤාතෝ
තං ජඤ්ඤා වසලෝ ඉති

ගම් නියම් ගම් ගොදුරු කරගෙන
පැහැර ගෙන ඒ ගම් ද වනසන
ලබයි ගැරහුම් ‘මහ සොරෙකු’ යන
දත යුතු ය වසලයෙකු විලසින

119. ගාමේ වා යදිවා’රඤ්ඤේ
යං පරේසං මමායිතං
ථෙය්‍යා අදින්නං ආදියති
තං ජඤ්ඤා වසලෝ ඉති

ගමක හෝ වන අරණෙ තිබෙනා
යමක් වෙද හිමිකරු ද සිටිනා
නුදුන් එය සොරකම් ද කරනා
කෙනා දත යුතු වසල ලෙසිනා

120. යෝ හවේ ඉණමාදාය
චුජ්ජමානෝ පලායති
න හි තේ ඉණමත්ථී’ති
තං ජඤ්ඤා වසලෝ ඉති

ගෙවමි කියමින් ණයක් අරගෙන
ඉල්ලු කල එය නො දී පැන යන
“මොන ණයක් වෙ ද ගෙවිය යුතු තට?”
කියන මොහු වසලයෙකි හැම විට

121. යෝ වේ කිඤ්චික්ඛකම්‍යතා
පන්ථස්මිං වජතං ජනං
හන්ත්වා කිඤ්චික්ඛමාදේති
තං ජඤ්ඤා වසලෝ ඉති

මහමගක යන පිරිස නසමින
ඔවුන් ගෙන යන බඩු ද රැගෙමින
සුළු දෙයක් හෝ පැහැරගෙන යන
කෙනා වසලය ලොවේ හඳුනන

122. යෝ අත්තහේතු පරහේතු
ධනහේතූ ච යෝ නරෝ
සක්ඛිපුට්ඨෝ මුසා බ්‍රෑති
තං ජඤ්ඤා වසලෝ ඉති

තමා හෝ වෙන කෙනෙකු වෙනුවෙන්
ධනය හෝ වෙන දෙයක් වෙනුවෙන්
අසන විට රවටයි ද බොරුවෙන්
ඒ කෙනා වසලයෙකි මෙලෙසින්

123. යෝ ඤාතීනං සඛානං වා
දාරේසු පතිදිස්සති
සහසා සම්පියේන වා
තං ජඤ්ඤා වසලෝ ඉති

ඤාති මිතුරන්ගේ අඹුන් වෙත
සැහැසි ලෙස හෝ කැමැත්තෙන් යන
කුල සිරිත් බිඳ වරදෙ හැසිරෙන
කෙනා දත යුතු වසල විලසින

124. යෝ මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති
තං ජඤ්ඤා වසලෝ ඉති

හොඳට කා බී වසන රිසි සේ
දරුවො පමණක් සිටිති සුව සේ
දිරන මව්පියො වසති දුක සේ
මොවුන් වසලය දනුව මෙලෙසේ

125. යෝ මාතරං වා පිතරං වා
භාතරං භගිනිං සසුං
හන්ති රෝසේති වාචාය
තං ජඤ්ඤා වසලෝ ඉති

මාපියන් හෝ සොහොයුරන් ගැන
නෑ සියන් හට හෝ දුකක් දෙන
කෝපයෙන් දොස් පරොස් පවසන
කෙනා වසලය දනුව මෙලෙසින

126. යෝ අත්ථං පුච්ඡිතෝ සන්තෝ
අනත්ථමනුසාසති
පටිච්ඡන්නේන මන්තේති
තං ජඤ්ඤා වසලෝ ඉති

අසන විට දිවි මගට අරුතක්
කියා දෙන්නේ හැමට විපතක්
දොඩයි සැඟ වී සිටින විලසක්
මොහුට ඇත්තේ වසල සිරිතක්

127. යෝ කත්වා පාපකං කම්මං
මා මං ජඤ්ඤාති ඉච්ඡති
යෝ පටිච්ඡන්නකම්මන්තෝ
තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් පව් කම් කරන රහසේ
“නොම දකීවා මාව මෙලෙසේ”
සිතා සඟවයි පව් ද රිසි සේ
දත යුතුය වසලයා මෙලෙසේ

128. යෝ වේ පරකුලං ගන්ත්වා
භුත්වාන සුචිභෝජනං
ආගතං න පටිපූජේති
තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් පිට ගෙදරකට ගිය විට
හොඳට කා බී සතුටු වී සිට
යළි ඔවුන් තම ගෙදර ආ විට
වසලයා ම ය නොසළකන විට

129. යෝ බ්‍රාහ්මණං වා සමණං වා
අඤ්ඤං වා’පි වණිබ්බකං
මුසාවාදේන වඤ්චේති
තං ජඤ්ඤා වසලෝ ඉති

ශ්‍රමණ බමුණන් නිවස වෙත එන
දුගී යදියන් පවා පැමිණෙන
රවටයි ද බොරු බස් ද කියමින
ඔහුව දත යුතු වසල විලසින

130. යෝ බ්‍රාහ්මණං වා සමණං වා
භත්තකාලේ උපට්ඨිතේ
රෝසේති වාචා න ච දේති
තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් බොජුනක් කන වෙලාවට
ශ්‍රමණ බමුණන් ගෙදර ආ විට
කිසිත් නො දෙනා දොස් නඟා සිට
වසලයකු වේ ඔහු ද මෙලෙසට

131. අසතං යෝ’ධ පබ්‍රෑති
මෝහේන පළිගුණ්ඨිතෝ
කිඤ්චික්ඛං නිජිගිංසානෝ
තං ජඤ්ඤා වසලෝ ඉති

යමක් ලැබුමට කැමැති වෙමිනා
දැන දැන ම බොරු බස් ම කියනා
මිසදිටුව වෙත වෙලී සිටිනා
වසලයෙකි මොහු ලොවේ සිටිනා

132. යෝ චත්තානං සමුක්කංසේ
පරං ච මවජානති
නිහීනෝ සේන මානේන
තං ජඤ්ඤා වසලෝ ඉති

තමා ගැන මොහු හිතා ලොකුවට
අනෙක් හැම දෙන හෙළන පහළට
හීන ගති හරවමින් මානෙට
වසලයෙක් වෙයි ඔහු හැබෑවට

133. රෝසකෝ කදරියෝ ච
පාපිච්ඡෝ මච්ඡරී සඨෝ
අහිරිකෝ අනොත්තාපී
තං ජඤ්ඤා වසලෝ ඉති

කෝප සිත ලෝභයෙන් වෙළුනේ
මසුරු ලාමක පැතුම් පිරුනේ
කපටි ලැජ්ජා බිය ද නැසුණේ
වසලයෙකි ඔහු දකිනු සොඳිනේ

134. යෝ බුද්ධං පරිභාසති
අථ වා තස්ස සාවකං
පරිබ්බාජං ගහට්ඨං වා
තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් සම්මා සම්බුදුන් හට
ගිහි පැවිදි තම ගෝල පිරිසට
කරයි නම් නින්දා අනුන් හට
වසලයෙක් වේ ඔහු ද මෙලෙසට

135. යෝ වේ අනරහා සන්තෝ
අරහං පටිජානති
චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ
ඒස ඛෝ වසලා’ධමෝ
ඒතේ ඛෝ වසලා වුත්තා
මයා වෝ යේ පකාසිතා

යමෙක් හිත කෙලෙසුන් පුරෝගෙන
රහත් බව රඟපා සිටී නම්
බඹුන් සහිත වු ලොවම රවටන
මහ සොරෙක් වේ ඔහු ද නිතියෙන
මෙය දත යුත්තේය සොඳින
අධම වසල දෙයක් ලෙසින
කියන ලදි මා මෙසේ ඔබ හට
දත යුතුය වසලයා මෙලෙසට

136. න ජච්චා වසලෝ හෝති
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රාහ්මණෝ

උපතකින් වසලයෙකු නොම වේ
උපතකින් බමුණෙකුත් නොම වේ
තමාගේ වරදින් වසල වේ
තම යහපතින් බමුණෙකුත් වේ

137. තදමිනා’පි විජානාථ
යථා මේදං නිදස්සනං
චණ්ඩාලපුත්තෝ සෝපාකෝ
මාතංගෝ ඉති විස්සුතෝ

දනුව නිදසුන දැන් කියා දෙන
වී ය දරුවෙක් සැඩොල් ගෙදර
උයන බලු මස් පරපුරෙන් එන
ඔහුගෙ නම විය ‘මාතංග’ යන

138. සෝ යසං පරමං පත්තෝ
මාතංගෝ’යං සුදුල්ලභං
ආගඤ්ඡුං තස්සුපට්ඨානං
ඛත්තියා බ්‍රාහ්මණා බහූ

‘මාතංග’ සුපතලව ගිය සඳ
ලොව දුලබ වූ කිත් යසස් මැද
රජුන් බමුණන් පැමිණ රොද බැඳ
කළෝ උවටැන් සිය පිරිස් මැද

139. සෝ දේවයානමාරුය්හ
විරජං සෝ මහාපථං
කාමරාගං විරාජෙත්වා
බ්‍රහ්මලෝකූපගෝ අහූ

දෙව්ලොවට යන යානයටනැග
යමින් කෙලෙසුන් නො මැති මහමඟ
සිඳලමින් කම් සුවය සිතළඟ
ගියේ හෙතෙමේ බඹලොවටඅග

140. න නං ජාති නිවාරේසි
බ්‍රහ්මලෝකූපපත්තියා
අජ්ඣායකකුලේ ජාතා
බ්‍රාහ්මණා මන්තබන්ධුනෝ

උපත බඹලොව වළක්වන්නට
නොහැකි විය තම සැඩොල් කුලයට
වේද මතුරන බමුණු පිරිසට
කිව යුතුය එක දෙයක් මෙලෙසට

141. තේ ච පාපේසු කම්මේසු
අභිණ්හමුපදිස්සරේ
දිට්ඨේ’ව ධම්මේ ගාරය්හා
සම්පරායේ ච දුග්ගතිං
න තේ ජාති නිවාරේති
දුග්ගච්චා ගරහාය වා

ඔවුන් අතරේ නිතර දිස් වෙති
කරන පව්කම් නොමැති අනුමැති
ඔවුන් හට මේ ලොව ම ගරහති
පරලොව ද දුගතියක් වෙත යති
නොහැකි ම ය තම බමුණු කුලයට
දුගති ගැරහිලි වළක්වන්නට

142. න ජච්චා වසලෝ හෝති
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රාහ්මණෝ

උපතකින් වසලයෙකු නොම වේ
උපතකින් බමුණෙකුත් නොම වේ
තමාගේ වරදින් වසල වේ
තම යහපතින් බමුණෙකුත් වේ

ඒවං වුත්තේ අග්ගිකභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච.

මෙය වදාළ විට අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම,

“පින්වත් ගෞතමයාණෙනි, හරිම අපූරුයි! පින්වත් ගෞතමයාණෙනි, හරිම අගෙයි!

සෙය්‍යථාපි භෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තී’ති.

යටට හැරී තිබූ දෙයක් උඩට හරවා තැබුවා වැනි ය. සැඟවී තිබූ දෙයක් සොයාගෙන පෙන්නුවාක් වැනි ය. අතරමං වී ගිය කෙනෙකුට සැබෑ ම මාවත පෙන්වා දුන්නාක් වැනි ය. ඇස් පෙනෙන උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් ගත්තාක් වැනි ය.

ඒවමේව භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසා’හං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච.

පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් දහම් දෙසන ලදී. මම් ද පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යමි. ඒ සද්ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි.

උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් මා ගැන ද දිවි තිබෙන තුරා ම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!” යි.

වසල සුත්තං නිට්ඨිතං.

වසලයා ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M