ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

5. චුන්ද සුත්තං

5. චුන්ද නිසා වදාළ දෙසුම

83. පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං (ඉති චුන්දෝ කම්මාරපුත්තෝ)
බුද්ධං ධම්මස්සාමිං වීතතණ්හං
දිපදුත්තමං සාරථීනං පවරං
කති ලෝකේ සමණා තදිංඝ බ්‍රෑහි

(රන් කරුවෙකුගේ පුතෙක් වූ චුන්ද)

පැනයක් අසමි මුනිඳුනි පැණවතාණෙනි
අරහත් බුදුන් වන සදහම් රජාණෙනි
මිනිසුන් අතර උත්තම රියැදුරාණෙනි
සමණුන් කොතෙක් වෙද පවසනු සුවාමිනි?

84. චතුරෝ සමණා න පඤ්චමත්ථි (චුන්දාති භගවා)
තේ තේ ආවිකරෝමි සක්ඛිපුට්ඨෝ
මග්ගජිනෝ මග්ගදේසකෝ ච
මග්ගේ ජීවති යෝ ච මග්ගදූසී

(භාග්‍යවතුන් වහන්සේ)

චුන්දය සිටිති සමණුන් සිව් දෙනෙකු ලොවේ
පස්වෙනියෙක් නොමැති බව මෙහි දත යුතු වේ
(1.) මග ජයගත් කෙනෙකි (2.) මග පවසන කෙනෙකි
(3.) මග හැසිරෙන කෙනෙකි (4.) මග වනසන කෙනෙකි

85. කං මග්ගජිනං වදන්ති බුද්ධා (ඉති චුන්දෝ කම්මාරපුත්තෝ)
මග්ගක්ඛායී කථං අතුල්ය්‍යෝ හෝති
මග්ගේ ජීවති මේ බ්‍රෑහි පුට්ඨෝ
අථ මේ ආවිකරෝහි මග්ගදූසිං

(රන් කරුවෙකුගේ පුතෙක් වූ චුන්ද )

මග ජය ගත් කෙනා බුදුවරු පවසත් ද?
කෙලෙසින් මග දෙසන්නා නොම සම වෙත් ද?
මග දිවි ගෙවන්නා ගැන පහදා දෙත් ද?
පවසනු මැනවි මග වනසාලනු කවුද?

86. යෝ තිණ්ණ කථංකථෝ විසල්ලෝ
නිබ්බානාභිරතෝ අනානුගිද්ධෝ
ලෝකස්ස සදේවකස්ස නේතා
තාදිං මග්ගජිනං වදන්ති බුද්ධා

(භාග්‍යවතුන් වහන්සේ )

සැක දුරු කොට කෙලෙස් මුල් උදුරා දමන
නොඇලෙන කිසිත් නැත නිවනෙහි මිස ඇලෙන
දෙවියන් සහිත ලොව නායක – තාදි ගුණැති ඒ සමණා
බුදුවරු පවසති ඔහු ගැන – නම තබමින් ‘මග දිනනා’

87. පරමං පරමන්ති යෝධ ඤත්වා
අක්ඛාති විභජති ඉධේව ධම්මං
තං කංඛච්ඡිදං මුනිං අනේජං
දුතියං භික්ඛුනමාහු මග්ගදේසිං

දැනගෙන ලොව උතුම් පිරිසිදු බුදු වදන
පවසන මෙලොව දැකගත යුතු එම දහම
සැක හැම නසන නිකෙලෙස් වූ මුනිඳු වන
දෙවැනි සමණහට පවසති ‘මග දෙසන’

88. යෝ ධම්මපදේ සුදේසිතේ
මග්ගේ ජීවති සඤ්ඤතෝ සතීමා
අනවජ්ජපදානි සේවමානෝ
තතියං භික්ඛුනමාහු මග්ගජීවිං

සොඳුරුව දෙසන ලද සම්බුදු දහම ගැන
හික්මෙයි ඒ මගෙහි ඇතිවම සිහි නුවණ
නිවැරදි දිවි මගක යන සුව සොයා ගෙන
මොහු වේ තෙවෙනි සමණා ‘මග ගෙවා යන’

89. ඡදනං කත්වාන සුබ්බතානං
පක්ඛන්දි කුලදූසකෝ පගබ්භෝ
මායාවී අසඤ්ඤතෝ පලාපෝ
පතිරූපේන චරං ස මග්ගදූසී

සුපසන් වේසයෙන් සඟ ගණ මැද සිටින
සැදැහැති බොදු පිරිස් නොමගට ඇද දමන
බොරුවෙන් මුළාවෙන් හැම දෙන රවටවන
සමණෙකු වෙසින් සිටිනා මොහු ‘මග නසන’

90. ඒතේ ච පටිවිජ්ඣි යෝ ගහට්ඨෝ
සුතවා අරියසාවකෝ සපඤ්ඤෝ
සබ්බේ තේ තාදිසාති ඤත්වා
ඉති දිස්වා න හාපේති තස්ස සද්ධා
කථං හි දුට්ඨේන අසම්පදුට්ඨං
සුද්ධං අසුද්ධේන සමං කරෙය්‍යාති

බුදු බණ අසන දහමට සිත යොමු කරන
බුදු සව්වෙකුට ගිහි දිවියක් ගත කරන
දැනගෙන ශ්‍රමණුන්ගෙ ඇති තතු හඳුනගෙන
පැහැදුන සිත නැසිය නොම යුතු කිසි ලෙසින
නපුරෙකු හා හොඳ කෙනෙකුන් එකසේ
පිරිසිදු හා නොම පිරිසිදු මෙලෙසේ
දිවි මග දකිනට ඇත එක විලසේ
මේ සමණන් සම කරමු ද කෙලෙසේ?

චුන්ද සුත්තං නිට්ඨිතං.

චුන්ද නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M