ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

3. ඛග්ගවිසාණ සුත්තං

3. තනි අඟකින් යුතු කඟවේණෙකු උපමා කොට වදාළ දෙසුම

35. සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං‍
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්තමිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

සියලු සතුන් වෙත – නපුරක් නොකරන
කිසිවෙකු හට කිසි – වෙහෙසක් නොකරන
දරුවන් නොකැමැති හේ – කොයින් ලබන්ට ද මිතුරන්!
හුදෙකලාවෙ ම දිවිගෙයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

36. සංසග්ගජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

එක් වී වසන විට – හට ගනී සිත සෙනෙහස
ඒ සෙනෙහසින් ම ය – මේ දුක ඇති කරන්නේ
සෙනෙහසින් උපදින – මේ විපත හඳුනාගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

37. මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධචිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

මිතුරන් සමඟ සුහදව අනුකම්පාවෙන්
සිටිනා විට බැඳී – යහපත යයි දුරු වී
එක ගොඬේ සිටින විට – තිබෙන භය හඳුනාගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

38. වංසෝ විසාලෝ ව යථා විසත්තෝ
පුත්තේසු දාරේසු ච යා අපේඛා
වංසකළීරෝව අසජ්ජමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

එක පඳුරේ පැටලී ගිය – විශාල උණ ගසක් විලස
අඹුදරුවන් ගැන ම තිබේ – සියලු පැතුම් හිතේ හැදෙන
එනිසා පඳුරෙන් වෙන් වී – තනි වූ උණ ගොබයක් ලෙස
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

39. මිගෝ අරඤ්ඤම්හි යථා අබද්ධෝ
යේනිච්ඡකං ගච්ඡති ගෝචරාය
විඤ්ඤූ නරෝ සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

නොබැඳී කිසිවකට – වනයේ සිටින මුවා
රිසි ලෙස සැරිසරයි – ගොදුරු ද සොයන නියා
නුවණැති කෙනා මෙලෙසින් – නිදහසේ අගය දකිමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

40. ආමන්තනා හෝති සහායමජ්ඣේ
වාසේ ඨානේ ගමනේ චාරිකාය
අනභිජ්ඣිතං සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

ඇරයුම් ලැබෙයි සිටි විට මිතුරන් අතර
නවතින, හිඳින, යන එන හැම නැන නිතර
ඒ කෙරෙහි නොම ඇලෙමින් – නිදහසේ අගය දකිමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

41. ඛිඩ්ඩා රතී හෝති සහායමජ්ඣේ
පුත්තේසු ච විපුලං හෝති පේමං
පියවිප්පයෝගඤ්ච ජිගුච්ඡමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

මිතුරන් අතර සිටි විට – සෙල්ලමට ඇලේ
දරුවන් අතර සිටි විට – පෙම බලවත් වේ
ප්‍රියයන් කෙරෙන් වෙන්වන – දුකට පිළිකුල් කරමින
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

42. චාතුද්දිසෝ අප්පටිඝෝ ච හෝති
සන්තුස්සමානෝ ඉතරීතරේන
පරිස්සයානං සහිතා අඡම්භී
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

පතුරන සිව් දිසාවට මෙත් ගුණය නිතී
ලද යම් කිසිවකින් තුටුවන සිත පැවතී
සියලු කරදර මැද – තැති ගැනීමක් නැතිව ම
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

43. දුස්සංගහා පබ්බජිතාපි ඒකේ
අථෝ ගහට්ඨා ඝරමාවසන්තා
අප්පෝස්සුක්කෝ පරපුත්තේසු හුත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

දුෂ්කරය සලකන්නට – සමහර පැවිද්දන් හට
එලෙස ය ඇතැම් ගිහියොත් – ගෙවල්වල ගත කරනා
අනුන්ගේ දරුවන් ගැන – තම හිතට බර නොමගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

44. ඕරෝපයිත්වා ගිහී ව්‍යඤ්ජනානි
සංසීනපත්තෝ යථා කෝවිළාරෝ
ඡෙත්වාන වීරෝ ගිහීබන්ධනානි
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

හැර දමා ගිහි වෙස – සැරසිලි බැහැර කරමින
ගිලිහුන පතින් යුතු – කොබෝලීල රුක ලෙස
වීරියෙන් යුතු කෙනා – සිඳ දමා ගිහි බන්ධන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

45. සචේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධුවිහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි
චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා

ගුණ නැණ පිරුණ මිතුරෙකු ලද විට සතුටින්
දිවි මග ගෙවිය හැක සැනසුම ලැබෙන ලෙසින්
පැමිණෙන කරදර ද මැඩගෙන වෙර වඩමින්
ගත කළ මැනව මේ දිවි මග සිහිනුවණින්

46. නෝ චේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධුවිහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහාය
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

දිවිමග ගෙවන්නට සැනසුම ලැබෙන ලෙසින්
ගුණ නැණ පිරුණ මිතුරකු නොලැබේ ද ඉතින්
දිනූ රට හැර යන – රජ කෙනෙකුගේ විලසින
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

47. අද්ධා පසංසාම සහායසම්පදං
සෙට්ඨා සමාසේවිතබ්බා සහායා
ඒතේ අලද්ධා අනවජ්ජභෝජී
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

පසසමු මිතුරු සම්පත අපි සැබැවින්ම
උසස් හෝ සම අය – සොයා ගත යුතු සුමිතුරන් ලෙස
නොලැබෙන විටදි ඒ අය – දැහැමින් බොජුන් ලැබගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

48. දිස්වා සුවණ්ණස්ස පභස්සරානි
කම්මාරපුත්තේන සුනිට්ඨිතානි
සංඝට්ටමානානි දුවේ භුජස්මිං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

රන්කරු තැනූ මැනැවින් – දිලෙන රන් වළලු යුගලක්
අතෙහිලා ගත් විට – එකිනෙක ගැටෙනු දකිමින
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

49. ඒවං දුතියේන සහා මමස්ස
වාචාභිලාපෝ අභිසජ්ජනා වා
ඒතං භයං ආයතිං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

මෙලෙසින් දෙවැන්නෙකු හා – වසන්නට සිදුවූවොත්
දොඩමින් නිසරු දේවල් – ඇලෙන්නට සිදුවන්නේ
මේ අනාගත භය – මනා නුවණින් දකිමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

50. කාමා හි චිත්‍රා මධුරා මනෝරමා
විරූපරූපේන මථෙන්ති චිත්තං
ආදීනවං කාමගුණේසු දිස්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

විසිතුරු මියුරු කාමය සිත ඇදගන්නේ
එක එක ස්වරූපෙන් එය සිත කළඹන්නේ
කාම ගුණවල ඇති – ආදීනවය දැනගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

51. රතී ච ගණ්ඩෝ ච උපද්දවෝ ච
රෝගෝ ච සල්ලඤ්ච භයඤ්ච මේතං
ඒතං භයං කාමගුණේසු දිස්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

ලෙඩ දුක – තුවාලය – උවදුර යන නම ද
රෝගය – යහුල – භය යයි පවසති මෙයට
කාම ගුණවල ඇති – මේ භය හොඳින් දැනගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

52. සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං
වාතාතපේ ඩංසසිරිංසපේ ච
සබ්බානි පේතානි අභිසම්භවිත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

සීතල – උණුසුම ද – බඩගිනි හා පවස
අව් වැසි මැසි මදුරු පීඩන එක විලස
හැඳින මේ සියලු දෙය – මැඩගෙන සිතට දිරි ගෙන
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

53. නාගෝ ව යූථානි විවජ්ජයිත්වා
සඤ්ජාතඛන්ධෝ පදුමී උළාරෝ
යථාභිරන්තං විහරේ අරඤ්ඤේ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

නෙළුම් කුලයේ ඉපදුන – මනා උස මහතින් යුතු
ඇත් රජෙකුගේ විලසින් – රැළෙන් වෙන් වී තනිවුන
සිත්සේ දිවි ගෙවන – වන අරණේ ම නිවසන
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

54. අට්ඨානතං සංගණිකාරතස්ස
යං ඵස්සයේ සාමයිකං විමුත්තිං
ආදිච්චබන්ධුස්ස වචෝ නිසම්ම
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

පිරිසත් සමඟින් ඇලෙමින් නිති කල් ගෙවන
කෙනෙකුට නොමැත සැනසුම දහමක රැඳුන
මුනිවරුන් පැවසූ මෙය – අසාගෙන සිත සතුටින
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

55. දිට්ඨීවිසූකානි උපාතිවත්තෝ
පත්තෝ නියාමං පටිලද්ධමග්ගෝ
උප්පන්නඤාණෝ’ ම්හි අනඤ්ඤනෙය්‍යෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

මිසදිටු මත වාද මනසින් ඉවත් කළ
මගතොට හැඳින ලැබ දෙන අම නිවන්පල
ලදිමි විදසුන් නුවණ ද – ඇවැසි නැත වෙන උපදෙස්
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

56. නිල්ලෝලුපෝ නික්කුහෝ නිප්පිපාසෝ
නිම්මක්ඛෝ නිද්ධන්තකසාවමෝහෝ
නිරාසයෝ සබ්බලෝකේ භවිත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

ගිජු නොවෙමි රසයකට – කුහකගති ආශාද නැති වෙමි
නොමැති ගුණමකු ගති – දුසිල් බව හා මෝහය ද නැත
මුළු ලොවේ කිසි තැනක – නොමැත කිසි තණ්හාවක්
හුදෙකලාවෙ ම දිවි ගෙවාලමි
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

57. පාපසහායං පරිවජ්ජයේථ
අනත්ථදස්සිං විසමේ නිවිට්ඨං
සයං න සේවේ පසුතං පමත්තං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

යහපත නසන දිවි මග කරවන පාළු
දුරු කළ යුතුය නොමගක ගෙන යන යාළු
කාම සැපයෙහි පමා වී ගිය – කිසිවෙකු ඇසුරු නොකරන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

58. බහුස්සුතං ධම්මධරං භජේථ
මිත්තං උළාරං පටිභානවන්තං
අඤ්ඤාය අත්ථානි විනෙය්‍ය කංඛං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

දැන බොහෝ සදහම් – දත් දහම් දරා සිටිනා
නුවණින් කරුණු වැටහෙන – උතුම් මිතුරෙකු ඇසුරු කළ යුතු
අරුත් දැන ඒ දහමේ – දුරු කොට සියලු සැකයන්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

59. ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලෝකේ
අනලංකරිත්වා අනපෙක්ඛමානෝ
විභූසනට්ඨානා විරතෝ සච්චවාදී
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

කෙළි, ලොල් බවේ හා – ලොව කම් සුවේ නොඇලුන
දුරුකොට අලංකාරය – ඒවා යළිත් නොපතන
සැරසිල්ලේ ද නොඇලෙන – සැබෑ බස් නිති පවසන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

60. පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං
ධනානි ධඤ්ඤානි ච බන්ධවානි
හිත්වාන කාමානි යථෝධිකානි
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

අඹු දරු මාපියන් ගැන සිහි නොකරන්නේ
දේපල ධනය නෑයන් අත් හැරලන්නේ
බැහැර කොට කාමයන් – පතාගෙන අම සුව නිවන්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

61. සංගෝ ඒසෝ පරිත්තමෙත්ථ සෝඛ්‍යං
අප්පස්සාදෝ දුක්ඛමෙත්ථභිය්‍යෝ
ගළෝ ඒසෝ ඉති ඤත්වා මුතීමා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

බොහො දුක් පිරුණ – සුළු සැපතක මුළාවන
මඳ සොම්නසකි – දුක් කඳුළැලි ගලා එන
මෙය උගුලකැ’යි දැනගෙන – කාමයෙහි නොමුළාවන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

62. සන්දාළයිත්වාන සංයෝජනානි
ජාලම්භෙත්වා සලිලම්බුචාරී
අග්ගීව දඩ්ඪං අනිවත්තමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

සිඳ දමා හැම භවයේ බන්ධන
දැල සිඳ දුවන – පීනා මාළුවෙකු ලෙසේ
ගිනි ගෙන දැවුන තැන – යළි ගිනි නොඑන ලෙසේ
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

63. ඔක්ඛිත්ත චක්ඛු න ච පාදලෝලෝ
ගුත්තින්ද්‍රියෝ රක්ඛිතමානසානෝ
අනවස්සුතෝ අපරිඩය්හමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

දෑසින් සංවරව බලන – ඇවිදීමෙන් කල් නොයවන
හැම දොරටුම රැක ගනිමින් – දහමේ සිත හසුරුවමින්
කෙලෙසුන්ගෙන් තෙත් නොවෙමින් – කෙලෙසුන්ගෙන් නොම දැවෙමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

64. ඕහාරයිත්වා ගිහීව්‍යඤ්ජනානි
සඤ්ඡන්නපත්තෝ යථාපාරිඡත්තෝ
කාසායවත්ථෝ අභිනික්ඛමිත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

අත්හැර දමා – ගිහියෙකුගේ ඇති ලකුණු
පත්‍රයෙන් ගැවසී ගත් – පරසතු රුකක් විලසින්
දරාගෙන කසාවත – මෙසේ අබිනික්මන් කොට
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

65. රසේසු ගේධං අකරං අලෝලෝ
අනඤ්ඤපෝසී සපදානචාරී
කුලේ කුලේ අප්පටිබද්ධචිත්තෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

රසයෙහි ගිජු බව නොකරන – කිසිවිට රස ලොල් නොම වන
වෙන අය පෝෂණ නොකරන – ගෙපිළිවෙලින් සිඟා වඩින
යන යන කිසි නිවසක් ගැන – නොබැඳුන සිතකින් වසමින
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

66. පහාය පඤ්චාවරණානි චේතසෝ
උපක්කිලේසේ ව්‍යපනුජ්ජ සබ්බේ
අනිස්සිතෝ ඡෙත්වා ස්නේහදෝසං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

දුරුකොට සිතින් – පවතින පස් නීවරණ
සියලුම උප කෙලෙස් – බැහැරට දා සොඳින
කෙලෙසුන් ඇසුරු නොකරන – සෙනෙහසේ දොස දුරලන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

67. විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච
පුබ්බේව ච සෝමනස්සදෝමනස්සං
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

කායික සැප දුක ද මනසින් බැහැර කොට
මනසේ හැදෙන සැප දුක හැර පළමු කොට
පිරිසිදු සමාහිත – මැදහත් සමාධිය ලැබ
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

68. ආරද්ධවිරියෝ පරමත්ථපත්තියා
අලීනචිත්තෝ අකුසීතවුත්ති
දළ්හනික්කමෝ ථාම ඛලූපපන්නෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

දැඩි ලෙස වෙර වඩන – අම සුව ලැබ ගන්ට
දුරු කොට අලස සිත – පෙරට ම යයි යන්ට
නුවණ බලවත් කොට – දැඩි අදිටනින් තර කොට
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

69. පටිසල්ලානං ඣානමරිඤ්චමානෝ
ධම්මේසු නිච්චං අනුධම්මචාරී
ආදීනවං සම්මසිතා භවේසු
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

භාවනාවත් දැහැනත් – කිසිවිටෙක අත් නොහරින
දහමට නතුව හැමවිට – දහම අනුව ම හැසිරෙන
නුවණින් මෙනෙහි කරමින් – භවයේ දුක ම දකිමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

70. තණ්හක්ඛයං පත්ථයං අප්පමත්තෝ
අනේලමූගෝ සුතවා සතීමා
සංඛාතධම්මෝ නියතෝ පධානවා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

තණ්හා නැසුන නිවන ම – පතමින් පමා නොවෙමින්
නුවණින් යුතුව සදහම් – අසන සිහිය ද පිහිටා
වෙර වඩා නියතව – සපැමිණ නිවන් මග වෙත
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

71. සීහෝ ව සද්දේසු අසන්තසන්තෝ
වාතෝ ව ජාලම්හි අසජ්ජමානෝ
පදුමං ව තෝයේන අලිප්පමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

ඇසෙන කිසි ශබ්දයකට – නොම සැලෙන සිහ රජු ලෙස
වැදෙනා දැලෙහි නොරැඳෙන – සුළං රැල්ලක් විලසට
දිය හා මුසු නොවන – පිපුන පියුමක් විලසින
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

72. සීහෝ යථා දාඨබලී පසය්හ
රාජා මිගානං අභිභුය්‍යචාරී
සේවේථ පන්තානි සේනාසනානි
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

සවිබල දතින් යුතු සිහරද වන පියසේ
මැඩලයි හැම සතුන් ජය ගෙන රජ විලසේ
වාසය කරයි හැම කල – ඈත දුර වන සෙනසුන්වල
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

73. මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං
ආසේවමානෝ මුදිතඤ්ච කාලේ
සබ්බේන ලෝකේන අවිරුජ්ඣමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

මෙත් මැදහත් කරුණා මුදිතා ගුණ
ඇති කර ගනිමින් විමුක්ති ලද කළ
මුළු ලොව කිසිවෙකු හා – නොම ගැටෙමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

74. රාගඤ්ච දෝසඤ්ච පහාය මෝහං
සන්දාළයිත්වා සංයෝජනානි
අසන්තසං ජීවිතසංඛයම්හි
ඒකේ චරේ ඛග්ගවිසාණකප්පෝ

මොහඳුර නසා රාගය දෝසය වනසා
හැම භව බැඳුම් දුරු කොට නුවණින් විමසා
ගෙවී යන දිවිය ගැන – කම්පා නොවන කිසිවිට
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

75. භජන්ති සේවන්ති ච කාරණත්ථා
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා
අත්තට්ඨපඤ්ඤා අසුචි මනුස්සා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ

ලාභය අරුත කොට – බොහො දෙන වැටෙති ඇසුරට
ලාභයක් නොපතන – උතුම් මිතුරන් දුලබ වෙත් ම ය
වාසියට ම නුවණ යොදා – ඇත මිනිසුන් කිළුටු වෙලා
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ

ඛග්ගවිසාණ සුත්තං නිට්ඨිතං.

තනි අඟකින් යුතු කඟවේණෙකු මුල්කොට වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M