ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

11. විජය සුත්තං

11. ජීවිතය ජය ගැනීම ගැන වදාළ දෙසුම

195. චරං වා යදි වා තිට්ඨං
නිසින්නෝ උද වා සයං
සම්මිඤ්ජේති පසාරේති
ඒසා කායස්ස ඉඤ්ජනා

යන විට හිඳින විට – සැතැපී සිටින විට
අත් පා දිග හරින විට – හකුළුවන විට
දත යුතුය මෙය සොඳිනේ – චලනය පමණි සිරුරේ

196. අට්ඨි නහාරු සංයුත්තෝ
තචමංසාවලේපනෝ
ඡවියා කායෝ පටිච්ඡන්නෝ
යථාභූතං න දිස්සති

ඇට නහරින් යුතුව – සම් මස් එහි ගෙතුව
සිවියෙන් වැසුණු කය – ලොව ඇති තතු වැසුව

197. අන්තපූරෝ උදරපූරෝ
යකපේළස්ස වත්ථිනෝ
හදයස්ස පප්ඵාසස්ස
වක්කස්ස පිහකස්ස ච

වැළඳූ බොජුන් පිරි බඩ වැල් පිරුණු කය
හදවත අක්මාව හා ඇති වකුගඩු ය
කැවුතු මස පිරුණු – බඩදිව මෙහි රැඳුණු

198. සිංඝාණිකාය ඛේළස්ස
සේදස්ස මේදස්ස ච
ලෝහිතස්ස ලසිකාය
පිත්තස්ස ච වසාය ච

කෙළ සොටු ඩහදිය ද – ගලනා මේද තෙල
ලේ සඳමිදුලු පිත හා යුතු වුරුණු තෙල

199. අථස්ස නවහි සෝතේහි
අසුචි සවති සබ්බදා
අක්ඛිම්හා අක්ඛිගූථකෝ
කණ්ණම්හා කණ්ණගූථකෝ

දොර නවයකින් ගලන අසුචි ය මෙහි සැමදා
ඇස පිරි කබ ද කණ කාරලු එයි නිබඳා

200. සිංඝාණිකා ච නාසාතෝ
මුඛේන වමතේ’කදා
පිත්තං සෙම්හං ච වමති
කායම්හා සේදජල්ලිකා

නැහැයෙන් සොටු ගලයි – මුඛයෙන් පිත සෙම ද
සිරුරෙන් වැගිරේ ය – ඩහදිය හා දැලි ද

201. අථස්ස සුසිරං සීසං
මත්ථලුංගස්ස පූරිතං
සුභතෝ නං මඤ්ඤතී බාලෝ
අවිජ්ජාය පුරක්ඛතෝ

හිස් මොළ පිරුණු කබලකි හිස ඇති සිදුරු
සොඳුරුව පෙනේ නැණ නැති පිරිසට අඳුරු

202. යදා ච සෝ මතෝ සේති
උද්ධුමාතෝ විනීලකෝ
අපවිද්ධෝ සුසානස්මිං
අනපෙක්ඛා හොන්ති ඤාතයෝ

මළ පසු යම් දිනෙක ඉදිමී නිල් වීමෙන්
අත්හැර දමති නෑසියො සොහොනේ ලෑමෙන්

203. ඛාදන්ති නං සුවාණා ච
සිගාලා ච වකා කිමී
කාකා ගිජ්ඣා ච ඛාදන්ති
යේ චඤ්ඤේ සන්ති පාණිනෝ

කති එය සිවල්ලු ද වෘකයන් හා පණුවෝ
ලිහිණි ද කවුඩු වෙත මළකුණ බත සැදුවෝ

204. සුත්වාන බුද්ධවචනං
භික්ඛු පඤ්ඤාණවා ඉධ
සෝ ඛෝ නං පරිජානාති
යථාභූතං හි පස්සති

බුදු බණ අසන නුවණැති සමණන්ට මෙය
ඇති තතු දකින කමටහනකි වඩති එය

205. යථා ඉදං තථා ඒතං
යථා ඒතං තථා ඉදං
අජ්ඣත්තං ච බහිද්ධා ච
කායේ ඡන්දං විරාජයේ

තම කය යම් සේ ද මළකුණ එලෙසේ ය
මළකුණ යම් සේ ද තම කය එලෙසේ ය
ඇතුළත පිටත සිරුරේ ඡන්ද රාගය
දුරු කර දමයි හේ එය – වඩන සෝකය

206. ඡන්දරාගවිරත්තෝ සෝ
භික්ඛු පඤ්ඤාණවා ඉධ
අජ්ඣගා අමතං සන්තිං
නිබ්බාන පද මච්චුතං

දුරු කොට ඡන්ද රාගය – නුවණැති සමණා
පැමිණේ නිවන් සැපයට – අම සුව ලැබෙනා

207. දිපාදකෝ යං අසුචි
දුග්ගන්ධෝ පරිහීරති
නානා කුණප පරිපූරෝ
විස්සවන්තෝ තතෝ තතෝ

දුගඳින් පිරි – අසුචි පිරි මේ කය නිතොර
වැගිරෙයි තැනින් තැන අසුචි ම වී නොතොර
දෙපා ඇති මේ කය – කරති ලොව පරිහරණය

208. ඒතාදිසේන කායේන
යෝ මඤ්ඤේ උණ්ණමේතවේ
පරං වා අවජානෙය්‍ය
කිමඤ්ඤත්‍ර අදස්සනා ති

මෙලෙසින් යුතු කයක් දරමින් සිතට ගෙන
උස් කොට තමා දක්වන ඉහළින් සිතන
අන් හැම පහත් කොට පහළට ඇද දමන
මොහු වෙන කවරෙක් ද ලෝ තතු නොම දකින

විජය සුත්තං නිට්ඨිතං.

ජීවිතය ජය ගැනීම ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M