භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, සමහර භික්ෂූන් ඉන්නවා. ඔවුන් කුහකයි. (වංචාකාරියි) මුරණ්ඩුයි. (නොයෙක් දේ ලබාගන්න) චාටු බස් දොඩනවා. නගා ගත්තු මාන්නය නමැති අං තියෙනවා. සංසුන් වූ සිත් නෑ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් මට අයිති නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් මේ ධර්ම විනයෙන් අහකට විසිවෙච්ච අය. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් මේ ධර්ම විනයේ වැඩීමකට, අභිවෘද්ධියකට, විපුලබවකට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, එහෙත් සමහර භික්ෂූන් ඉන්නවා, ඔවුන් කුහක නෑ. චාටු බස් දොඩවන්නෙ නෑ. ප්‍රඥාවන්තයි. මුරණ්ඩු නෑ. හොඳට සංසුන් වූ සිතින් තමයි ඉන්නේ. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් තමයි මට අයිති. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් මේ ධර්ම විනයෙන් වෙන් වෙලා නෑ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් තමයි මේ ධර්ම විනයේ වැඩීමකට, අභිවෘද්ධියකට, විපුලබවකට පත්වෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඔවුන් කුහකයි. මුරණ්ඩුයි. චාටු බස් දොඩවනවා. මාන්නය නමැති අං ඔසවාගෙනයි ඉන්නේ. සංසුන් වෙච්ච සිතකුත් නෑ. ඔවුන් සම්මා සම්බුදු රජුන් දෙසූ මේ ධර්මයේ වැඩීමකට පත්වෙන්නේ නෑ.
ඇතැම් භික්ෂූන් කුහක නෑ. චාටු බස් දොඩවන්නේ නෑ. ප්‍රඥා සම්පන්නයි. මුරණ්ඩු නෑ. සංසුන් සිතින් තමයි ඉන්නේ. සම්මා සම්බුදු රජුන් විසින් වදාළ මේ ධර්මයේ වැඩීමකට පත්වෙන්නෙ අන්න ඔවුන් තමයි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M