භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, තණ්හාව උපදින දේවල් හතරක් තියෙනවා. ඒවා ගැන තමයි භික්ෂුවට තණ්හාව උපදිනවා නම් උපදින්නේ.
පින්වත් මහණෙනි, සිවුරු නිසා තමයි භික්ෂුවකගේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ. පින්වත් මහණෙනි, පිණ්ඩපාතය නිසා තමයි භික්ෂුවකගේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ. පින්වත් මහණෙනි, සේනාසන (අවාස ගෙවල්) නිසා තමයි භික්ෂුවකගේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ. පින්වත් මහණෙනි, මේ විදිහට නොයෙක් රසවත් රසවත් දේවල් සොයන කොට තමයි ඒ හේතුවෙන් භික්ෂුවකගේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ.
පින්වත් මහණෙනි, මේ තමයි භික්ෂුවකට තණ්හාව උපදිනවා නම් උපදින දේවල් හතර.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“සංසාරයේ බොහෝ කාලයක ඉඳලා මේ තණ්හාවම තමයි පුරුෂයාගේ දෙවැන්නා වුනේ. ඒ නිසාම තමයි මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් කියන මේ සසර ඉක්මවා ගන්න බැරිව ඉන්නේ.
තණ්හාව තමයි දුක හටගන්න හේතු වෙන්නෙ කියලා මේ තණ්හාවේ ආදීනව දකින කෙනා තණ්හා රහිත වෙනවා. උපාදාන නැති ඒ සතිමත් භික්ෂුව මේ සසර අත්හැරලා දානවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M