☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, භික්ෂුව යම් යම් ආකාරයකට නුවණින් යුක්තව පරීක්ෂා කර බලන කොට, ඒ ඒ ආකාරයට නුවණින් යුක්තව පරීක්ෂා කරද්දී ඔහුගේ විඤ්ඤාණය බාහිරට විසිරිලත් නෑ. පැතිරිලත් නෑ. ආධ්‍යාත්මයේ තණ්හා සහගතව පිහිටලත් නෑ. කිසිවකට ග්‍රහණය වෙලත් නෑ. ඒ නිසාම කම්පනයකුත් නෑ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුවගේ විඤ්ඤාණය බාහිරට විසිරිලත් නැත්නම්, පැතිරිලත් නැත්නම්, ආධ්‍යාත්මයේ තණ්හා සහගතව පිහිටලත් නැත්නම්, කිසිවකට ග්‍රහණය වෙලත් නැත්නම්, ඒ නිසාම කම්පනයකුත් නැත්නම් ඔහුට අනාගතයට ඉපදීම, ජරා මරණ ආදී දුකේ හට ගැනීමකුත් නෑ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“සත් වැදෑරුම් කෙලෙස් සංගයන් ප්‍රහීණ කළ, භව රැහැන් ප්‍රහීණ කළ, භික්ෂුව ඉපදෙන මැරෙන සංසාරය නැති කරපු නිසා ඔහුට යළි පුනර්භවයක් නෑ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M