භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, කය ගැන අසුභය අනුව දකිමින් වාසය කරන්න. ආනාපානසති භාවනාව තමා තුළ මූලික කරුණක් වශයෙන් හොඳින් පිහිටා තිබේවා! සියලු සංස්කාරයන් ගැනත් අනිත්‍ය දකිමින් වාසය කරන්න.
පින්වත් මහණෙනි, කය ගැන අසුභය අනුව දකිමින් වාසය කරන කොට සුභ අරමුණු ගැන හිතේ මුල් බැසගත් රාගය ප්‍රහීණ වෙලා යනවා. තමන් තුළ ආනාපානසති භාවනාව මූලික අරමුණක් වශයෙන් හොඳින් පිහිටියාම දුක් ඇති කරවන සිතේ තියෙන නොයෙක් බාහිර අකුසල විතර්ක හටගන්නේ නෑ. සියලු සංස්කාර ගැන අනිත්‍ය දකින කොට අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනවා. විද්‍යාව උපදිනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කයෙහි ඇති අසුභ දෙය ඒ අයුරින්ම දකිමින් ඉන්නවා නම්, ආනාපානසති භාවනාවෙත් හොඳින් සිහිය පිහිටුවා ගන්නවා නම්, සියලු සංස්කාරවල සංසිඳීයාමත් දකිනවා නම්, හැමදාමත් ජීවත් වෙන්නෙ කෙලෙස් නැති කර දමන වීරියෙන්ම නම්,
ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම නියම විදිහට දකින කෙනෙක්. ඒ තුළින්මයි කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න. ප්‍රඥාව දියුණු කරගෙන ශාන්ත වෙලා කෙලෙස් යෝගයෙන් එතෙර වෙලා ඔහු සැබෑ මුනිවරයෙක් වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M