☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, රූපාවචර ධ්‍යානයට වඩා අරූපාවචර ධ්‍යානය ගොඩාක්ම ශාන්තයි. අරූපාවචර ධ්‍යානවලටත් වඩා, ඒ අමා නිවනම තමයි වඩාත් ශාන්ත වෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“සමහරු රූප ලෝකවල උපදිනවා. සමහරු අරූප ලෝකවල උපදිනවා. ඒ අමා නිවන අවබෝධ නොකළ ඔවුන් නැවත නැවතත් පැමිණෙන්නේ පුනර්භවයටමයි.
සමහරු රූප ලෝකයේ ස්වභාවයත් අවබෝධ කරනවා. අරූප ලෝකයේ සිත පිහිටුවන්නෙත් නැහැ. ඒ අමා නිවන අරමුණු කරගෙන කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. අන්න ඒ රහත් මුනිවරු මර සෙනඟ පරදවනවා.
කයෙන් අමා නිවන ස්පර්ශ කරල කෙලෙස් රහිතව වැඩසිටින, සියලු කෙලෙස් දුරු කොට වදාළ, අනාශ්‍රව වූ අරහත්වය සාක්ෂාත් කොට වදාළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශෝක රහිත, කෙලෙස් රහිත ඒ අමා නිවන ගැන පවසා වදාරණ සේක.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M