භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, නික්මීමට අයත් ධාතු ස්වභාව තුනකි. ඒ තුන මොනවාද? කාමයන්ගෙන් නික්ම යෑමක් තියෙනවා. එනම් මේ නෛෂ්ක්රම්යයයි. රූපයන්ගෙනුත් නික්මීමක් තියෙනවා. එනම් මේ අරූප සමාධියයි. හටගත්තා වූ හේතු ප්රත්යයන්ගෙන් සකස් වූ පටිච්චසමුප්පාදයෙන් හටගත්තා වූ යම්කිසි දෙයක් ඇත්නම් එයිනුත් නික්මීමක් තියෙනවා. එනම් මේ තණ්හා නිරෝධය නම් වූ නිවනයි. පින්වත් මහණෙනි, මේවාට තමයි නිස්සරණ ධාතු තුන කියන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“හැම විටම කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා කාමයන්ගෙන් නික්මීම අවබෝධ කරගෙන, රූපයත් ඉක්මවා ගිහින් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිවන ස්පර්ශ කරනවා.
ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම නිවැරදි දේ දකින කෙනෙක්. ඒ නිසාමයි මේ නිස්සරණයේ පිහිටලා දුකෙන් නිදහස් වෙන්නේ. විශේෂ ඤාණය ඇති තම වසඟයට ගත් සිත් ඇති ශාන්ත වූ ඒ භික්ෂුව කෙලෙස් යෝගයන් ඉක්මවා ගිය මුනිවරයෙක් වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M